Pages

Friday 10 December 2021

සත්ත්ව ලෝකය

1.ව්‍යාඝ්‍රයා

බළල් පවුලේ ලොකුම සතා තමයි මේ. මෙයත් කිරි බී වැඩෙන නපුරු සතෙක්. ඉන්දියාවෙත්, චීනයෙත්, ඉන්දුනීසියාවෙත් දකින්නට ලැබෙන මෙයා, විශාල සතුන් මෙන්ම කුඩා සතුන් ද දඩයම් කොට කෑමට ගන්නවා.

2.සිංහයා

කිරි බී වැඩෙන, මාංශ කරන විශාල සතෙක් ඉන්දියාවේත්, අප්‍රිකාවෙත් වනාන්තර වල මෙයා ජීවත්වෙනවා. පිරිමි සතාට දිගු හිසකෙස් ද තිබෙනවා. නමුත් මෙයා ටිකක් කම්මැළි සතෙක්. පවුල පිටින් තමයි ජීවත් වෙන්නෙ.
3.ජිරාෆ්

ලෝකයේ සිටින කිරී බී වඩින උසම සතා මෙයයි. දිග බෙල්ලත්, දිග සකුමුත් වයිරන් වටුණු ඇගත් නිසා මෙයාට අමුතුම පෙනුමක් ලැබී තිඛෙනවා. මේයාගේ ප්‍රියතම කෑම ගස්වල දළු නිසා ඒවා කඩාගෙන කන්නට පහසුරුවන්න තමයි ඒ විදියේ දිග බෙල්ලක් තියෙන්නේ.
4.මුවා

කිරි බී වැඩෙන, ගස්වල අතු කොළ, රිකිලි, තණකොළ කන අහිංසක සතෙක්. බොහොමයක් රටවල වනාන්තර වල ජීවත් වෙනවා. ශක්තිමත්, සිහින් දිගු පාද වලින් වේගයෙන් දුවලා සතුරන්ගෙන් බේරෙන්නත් මෙයා ගජ හපනෙක්.
5.සීබ්‍රා

අශ්වයාට ඉතාම කිට්ටු හැඩහුරුකමක් ඇති සතෙක්. ඇග පුරාම ඇති සුදු හා කළු ඉරි නිසා මෙයා ඕනෑම තැනක තණකොළ, කැපී පෙනෙනවා. වැනි පැළෑටිත් කොළ වර්ගත් කෑමට ගන්නවා. අප්‍රිකාවේ වනාන්තර වල තමයි සීබ්‍රා වැඩිපුරම දකින්නට ලැබෙන්නේ.
6.ගවයා

ගවයා කිරි, මස් හා සම් ලබාගත්තට ඇතැම් රටවල ඇතිකරන සතෙක්. මිනිසුන්ට ඉතාම ප්‍රයෝජනවත් ගවයා, තණකොළ, ගස්වල අතුරිකිලි, කෑමට කැමතියි. ගවයින් වර්ග ගණනාවක්ම සිටිනවා. ඇතැම් ගවයින් ප්‍රවාහන කටයුතු වලටත්, කුඹුරු වැඩ සඳහාත් යොදා ගන්නවා.
7.හිම වළහා

කිරි බී වැඩෙන. මස් වලින්ම පෙන ශක්තිමත් සතෙක්. ලෝකයේ උතුරු කෙළවර ආශ්‍රිත රටවල දකින්න පුළුවනි. ජීවත්වෙන්නෙත් හිම කඳු එහෙම බහුල, ගොඩාක් සීතල ප්‍රදේශවලයි. එයාගේ හම යට ඇති ඝනකම් තෙල් තට්ටුව නිසා සීතල දැනෙන්නෙත් නෑ.
8.හාවා

ඉතා වේගයෙන් දුවන්න පුළුවත් අහිංසක සතෙක්. උදය කාලයටත් රාත්‍රියටත් කඩිසරව දුවමින් කෑම සොයාගත්ත හාවා දවල් · කාලයේ ගුලකට හෝ බිලකට රිංගාගෙන සතුරන්ගෙත් සැඟවී නිදාගන්නවා. කුඩා කොළ, පැළෑටි, කැරට් වැනි අලවර්ග වලට මෙයා හරිම කැමතියි.
9.චිම්පන්සියා

වානර පවුලට අයත් කිරි බී වැඩෙන සතෙක්. මෙයාගේ අත් දෙක, කකුල්වලට වඩා ගොඩාක් දිගයි. අත් දෙකෙත් වගේම මෙයාට කකුලේ ඇඟිලි වලිනුත් ඕනෑම දෙයක් අල්ලගන්ත පුළුවති.අප්‍රිකාවේ වනාන්තරවල තමයි වැඩිපුරම ජීවත්වෙන්නේ. පළතුරු වර්ග, කොළ වර්ග වගේම ධාන්‍ය වර්ග වලටත් මෙයාලා හරිම කැමතියි.
10.පැන්ඩා

චීනයේ දකින්න ලැබෙන කිරි බී වැඩෙන සතෙක්. කලු සහ සුදු හමකින් තමයි එයාගේ ඇඟ වැසී තියෙන්නේ. මෙයාගේ ප්‍රධාන ආහාරය තමයි උණ රිකිලි, උණ පඳුරේ ළපටි කොටස්. ඒත් ලැබුණොත් මී පැණි, බිත්තර, මාළුන්ට සහ අලවර්ග වලටත් කිසි අකමැත්තක් නැහැ.
11.වළහා

කිරි බී වැඩෙන විශාල සතෙක් තියුණු දත් වලිනුත් අත්වල තිබෙන නිම්වලිනුත් තමයි මෙයා ආරක්ෂාව සළසා ගන්නේ. පිටුපස ගාත් දෙකෙන් හිටිගෙන ඉන්නත් මෙයා හරීම හපනෙක්. පළතුරු, අමු වර්ග වගේම මාළු කන්නත් මෙයා හරිම කෑදරයි.
12.වෘකයා

ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල දකින්න පුළුවන්. අලු පාට හා කහ පාටට හුරු දුඹුරු පාටින තමයි එයාලගේ හම හැදිලා තියෙන්නේ. සතුන් දඩයමෙන් තමයි එයාලත් කෑම සොයා ගන්නේ.

13.නරියා

මධ්‍යම ආසියාවේත්, ඇන්ටාක්ටිකාවේත් දකින්නට ලැබෙන කිරි බී වැඩෙන සතෙක්, කණ්ඩායම් වශයෙන් දඩයමේ යන්නත්, මීයන් හාවුන්, කුඩා කුරුල්ලත් අල්ලා කෑමට ගන්නත් මෙයාලා හරිම කැමතියි.
14.රයිනෝසිරස්

අප්‍රිකාවෙත්, මධ්‍යම හා දකුණු ආසියාවෙත් දකින්න ලැබෙන කිරි බී වැඩෙන දැවැන්ත ශක්තිමත් සතෙක්, විශාල අං දෙකක් උගේ තාසයට ඉහළින් තිබෙනවා, තබාකොළ වර්ග කුඩා අතු එකිලි තමයි කෑමට කැමති, ඝනකම් සම තිසා තද බල කිරීමක් වුතත් මෙයාට ගාණක් නෑ.
15.හිපපොටේමස්

කිරි බී වැඩෙත දැවැන්තම සතෙක් නිතරම ලාශ වල ගිලී ජීවත්වන්නේ උගේ ශරීරය ගොඩාක් ඌෂ්ණ නිසයි. ජලයේ ගිලී සිටින විට උගේ දෙකන්, දෙඇස් හා නාස් පුඩු පලයෙන් ඉහළට තබාගෙන ඉන්නත් එයාට පුළුවන්. එක දවසකට එයාට එළවළු රාත්තල් 100 ක් ඕනෑ කෑමට.

16.දිවියා

ඉතා වේගවත්, ශක්තිමත් ඒ වගේම බුද්ධිමත් සතෙක් වල් ඌරන්,හාවුන්,කුඩා කුරුල්නන් හා මාළුත් කෑමට ඉතාම කැමතියි. ඒත් වෙනත් සතෙක් වුණත් අසුවුවන‌ොත් කෑමට ගත්ත මෙයා දක්ෂයි. නිසොල්මනේ වරු ගණනක් වුණත් බලා හිඳ එක පාරටම ගොරවා කඩා පැනීම මෙයාගේ සිරිතක්. පීනන්නත් ආසයි.
17.බැටළුවා

අපට ඉතා ප්‍රයෝජනවත් සතෙක්. සීත රටවල ඇඳුම් සඳහා බැටළු ලොම් ලබාගන්නවා. සිරි ගන්නත්, මස් ගන්නත් බැටළු ගොවිපඳුවත් නොයෙක් රටවල සිංබත්වා. ගම් හදන්නත්, සබන් හදන්නත් බැටළු පොල් ලබා ගන්නවා. කෑමට ගන්නේ තෂාසාළ, ඒත් ජලය නැතිව දින ගණනක් ඉන්න මෙයාට පුලුවන්.
18.කැන්ගරු

ඕස්ට්‍රේලියාවේත්, නිව්ගිනියාවේත් සිටින කිරි බී වැඩන අපූරු සෘතක්. ළමයාගේ අත් දෙක ඉතාම කෙටියි. ඒත් දෙපානම් හම් ශක්තිමත්. ඒ දෙපාවලින් ඉතා ඈත වීම් පතිත්ත එයා හපනෙක්. බඩ පෙදෙසේ සංඛන මල්ලක පැටවා දමාගත යන එක තමයි මෙයාගේ විශේෂය.
19.ඔටුවා

ආසියාව, අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල් වල සිටින ඔටුවාට "කාන්තාරයේ නැව" යන නමත් කියනවා. ඒ කාන්තාර ප්‍රදේශවල බඩු ගෙන යාමටත්, ගමන් බිමන් යාමටත් මෙයා ප්‍රයෝජනවත් නිසයි. දින ගංගාතාවක් කෑමත්, වතුරත් නැතිව ජීවත් වෙන්න මෙයාට පුදුම හැකියාවක් තියෙන්නේ.
20.බළලා

කිරි බී වැඩෙන සුරතල් සතෙක්. තියුණු දත් වලින් පුංචි සතුන් දඩයම් කරගෙන කෑමට ගන්නත් මෙය හපනෙක්. ගෙවල් ආශ්‍රිතව ජීවත් වෙන්න තමයි කැමති.
21.බල්ලා

සුරතලය පිණිසත්, දඩයම් වලදී උදව්වටත් මෙයාලාව ඇති කරනවා. බල්ලාත් හොඳ මතකයක් ඇති ඉතාම ඥණවත්ත සතෙක්. බල්ලන් වර්ග ගණතාවක්ම සිටිතවා. මොවුන් සාමාන්‍යයෙන් මස් වර්ග කෑමට තමයි වැඩිපුරම කැමති.
22.අශ්වයා

ඉතා ප්‍රයෝජතවත් සතෙක් බර ඇදීමටත්, ගමත් බිමත් යාමටත් යොදා ගන්නවා. ඒ වගේම මෙයා හොඳ මතකයක් තිබෙන ඉතා ඥාණවන්ත සතෙක්. අශ්වයා. කත්මක ධාන්‍ය වර්ග වලටත්හැරීම කැමතියි.
23.එළුවා

ඇතැම් රටවල මෙයාව කිරි සම් හා මස් ලබාගන්නට ගොවිපළවල ඇති කරනවා. බොහෝ එළුවන්ට තියුණු ආ දෙකක් ද තිබෙනවා, කොළ වර්ග තමයි එයාගෙත් කෑම. මිනිසුන්ට හම ප්‍රයෝජනවත් සතෙක්.
24.අලියා

පෘථිවියේ ජීවත්වන කිරි බී වැඩෙන ලොකුම සතා මෙයා. අප්‍රිකාවෙත්, ආසියාවෙත් තමයා මෙයා ජීවත් වෙන්නේ, පළතුරු වර්ග හා ගස්වල අතු රිකිලි තමයි මෙයාගේ කෑම. අලියාගේ හම නම් අගලකටත් වඩා සතයි. මිනිස්සු මෙයාට කියලත් ගොඩක් වැඩ කරවා ගන්නවා.

25.වදුරා

මිනිසාට ඉතාම සමීප ඥාශාවත්ත සතෙක්, දෙපාවල අමිත අතවල වගේම නමක්නට පුළුවත් නිසා ගස්මත අයෙත් අත්තට එල්ලී වේගයෙන් පැන යන්නට මොවුන් දක්ෂයි. ගස්වල ඇති මල්, කොළ, දැළු, පළතුරු වගේම අලවර්ගත් පුවේ පුංචි සතුනුත් අහුවුහොත් කෑමට ගන්ත මෙයා පසුබට වෙ.න්නෙ නෑ.


Sunday 28 November 2021

දරුවන්ට මරණය ගෙනෙන මේ විෂ ශාක අදම ඉවත් කරන්න

1.හබරල වර්ග 

නිවෙස් අලංකාරය උදෙසා වචන හබරල වර්ග වල කොළ කුඩා දරුවන්ට ඉතාම විෂ සහිතයි. සෙල්ලමට කොළයක් සැපුවොත් තොල්, දිව, කම්මුල්, උගුර ආදිය ඉදිමීම කටහඬ දුර්වල වී කතා කිරීමට අපහසු වීමටත් පුලුවනි. කුඩා දරුවන් නොදැනුවත් කමින් මෙහි කොල වර්ග කැපීමෙන් මෙම විෂ ශරීරගත විය හැකියි. 

2.නියඟලා 

නියඟලා අල ගැන ඇසූ පමණින් මරණය අපේ සිහියට නැගීම වළක්වන්න බෑ. නියඟලා මලේ අලංකාරය නිසා ඇතැමුන් මේවා ගෙවතු අලංකරනයට යොදා ගත්තන් කුඩා දරුවන් ගැවසෙන නිවෙස් වල වැටීම කොහෙත්ම සුදුසු නැහැ. පානීය ජලය ලබාගන්න ලිං අසල මෙම ශාකය වැවී ඇත්නම් නියඟලා මල් ජලය සමඟ මුසු වීමෙන් විෂ ශරීරගත විය හැකි.

3.කනේරු 

කනේරු කියන්නෙත් නියඟලා තරම්ම විෂ ශාකයක්. විසිතුරු මල් පැළ අලෙවිසල් වල හා ගෙවතු වල අලංකාරයට කනේරු ගස් වවා තිබෙනවා. මේවායේ ඇති කාඩියැක් ග්ලයිකොසයිඩ් නම් විෂ නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි වන්නටත් හුස්ම හිරිවීමෙන් මරණයට පත්වන්නටත් පුලුවන්. නොදැනුවත් කමින් මෙහි ඇට කොල හෝ මල් ආහාරයට ගැනීමෙන් විස විය හැකියි. පානීය ජලයට මල් එකතූ වුවහොත් විෂ වීමට ඉඩ ඇත.

4.ඔළිඳ 

විෂ ඇතිකිරීමට එක් ඔළිඳ ඇටයක් කෑම පවා සෑහෙනවා. මෙහි ඇති ඒබ්‍රන් නම් විෂ ශරීරගත වීමෙන් වමනය, මළපහ සමඟ රුධිරය පිටවීම ආදිය ඇතිවීමටත් දරුණුම අවස්ථාවල වකුගඩු අක්‍රිය වීමත් සිදුවිය හැකියි. සිත්ගන්නා සුලු පෙනුමක් සහිත මේ ඔළිඳ ඇට දරුවන් සෙල්ලම් කිරීම උදෙසාත් විවිධ අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහාත් යොදාගන්නට ඉඩ ඇති බැවින් මේ ගැන ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගෙන් ඈත් කිරීම ඉතා වටිනවා. 

5.එඬරු 

එඬරු කිවුවම අපිට මතක් වෙන්නේ ඖෂධීය ගුණයකින් යුතු ශාකයක්. බෙහෙත් එඬරු සහ තෙල් එඬරු වශයෙන් එඬරු ශාකයේ දෙවර්ගයක්ම පවතිනවා. කෙසේ වෙතත් මේ එඬරු ඇට විෂ සහිත බව ඔබ මතක තබා ගත යුතුයි. එඬරු ඇට වල ඇති රයිසින් නම් විෂ ශරීර ගත වීමෙන් හුස්ම හිරවීම මගින් මරණයට පවා පත්විය හැකියි.

 6.චන්ජල්ස් චුම්පට් හෙවත් Brugmansia 

උද්‍යාන අලංකාරය සඳහා යොදාගන්නා මේ මල් සහිත ශාකයද මුලුමනින්ම විස සහිත ශාකයකි. මෙහි ඇට සහ කොළ වැඩි වශයෙන් විශ සහිත වේ. විෂ ශරීරගත වීමෙන් මස්පිඩු ක්‍රියාකාරීත්වය ඇන හිටීම, පාචනය, හිසේ අමාරු වැනි රෝග ලක්ෂණද, වැඩි විෂක් ශරීරගත වීමෙන් ජීවිතක්ෂයට පත්වීමටද ඉඩ ඇත. නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක. 

7.කැපුම් කීරිය 

තූවාල වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකි නිසා මෙයට මේ නම පටබැඳී ඇත. මෙම ශාකයේ ඇති හයිඩ්‍රොසයනික් අම්ලය ශරීරගත වීමෙන්, විෂ නිසා රෝගී තත්ත්වයට පත්විය හැක. බඩේ රිදීම, කරකැවිල්ල ,වමනය, මළපහ පිටවීම ආදිය සිදුවිය හැකියි. කැපුම් කීරිය බාහිර පෙනුමෙන් මුකුණුවැන්න පැළැටියට සමාන නිසා වැරදීමෙන් ආහාරයට එක්වීමටත් ඉඩ ඇති හෙයින් ඉතා ප්‍රවේසම් විය යුතූය. 

8.අත්තන 

අත්තන කියන්නෙ ඖෂධීය ගුණය අතින් ඉතාම වටිනා ශාකයක්. ජලභීතිකා රෝගය, ඇදුම, සර්ප විෂ ආදියට පිළියම් කිරීමට අත්තන උපයෝගී කරගන්නවා. කෙසේ වෙතත් මෙම ශාකයේ කොටස්, විශේෂයෙන්ම ඇට වැඩිපුර ශරීරගත වීම විෂ සහිත වනවා.සිහි විකල් වීම, සිහි නැතිවීම වගේම මරණය පවා කැඳවිය හැකි විෂක් බවට අත්තන ඇට පත්විය හැකියි. 

9.හොඬල 

හොඬල ශාකයන් දරුණු විෂ සහිත ශාකයක්. මෙහි ඇති සයනජෙනික් ග්ලයිකොසයිඩ් සහ ටොක්ස් ඇල්බියුමින් යන විෂ නිසා කැරකැවිල්ල, පාචනය, වමනය ආදී තත්ත්වයන් ඇති වී සති 2-3කින් අනතුරුව හෘද රෝග, අක්මාව විශාල වීම වැනි ආබාධ වලට ලක්විය හැකියි. මේ ශාකයේ ගෙඩි පැෂන් ෆෲට් වලට ඛෙහෙවින් සමාන නිසා වැරදීමකින් කුඩා දරුවන් පැෂන් ෆෲට් යැයි සිතා ආහාරයට ගන්න පුලුවන්.

10.කදුරු වර්ග 

ලංකාවේ කදුරු වර්ග තුනක් ඇත. සමහර කඳුරු වර්ග වෙද හෙදකම් වලට යොදාගත්තද කඳුරු විශ සහිතයි. වෙදකම් වලට යොදා ගැනීමේදී විශ නක බාවිතයට ගැනෙයි. දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ගෙඩි සැපීමෙන් විෂ ශරීරගත විය හැක.





Wednesday 17 November 2021

ශ්‍රී ලංකාවට ආවේණික දිවිමකුළු විශේෂ

1.ඇත්දළ පැහැයේ පාද ඇති දිවීම මකුළුවා - IVORY BIRDEATING TIGER SPIDER

උදර ප්‍රදේශය කළු පැහැයට හුරුය. උරස් කොටස දම් පැහැයෙන් හා කහ පැහැයෙන් යුක්තය. පාද අළු පැහැති වන අතර තැනින් තැන කළු පැහැ වසිරම් දැකිය හැකිය. දුම්බර කඳු වැටියේ උස් ප්‍රදේශවලත් මහනුවර, මාතලේ හා නුවරඑළියේ උස් කඳුකර ආශ්‍රිත වනාන්තරවලත් ජීවත් වේ.

2.රාජෙයිගේ දිව මකුළුවා - RAJAI S SPIDER

මෙම දිවිමකුළුවාගේ ශරය ලා අළු හා ලා දුඹුරුය. ශරීරයේ සිට පාද කෙළවර දක්වා විහිදෙන කහ පැහැයේ පුල්ලි දැකිය හැකිය. උතුරු ප්‍රදේශයේ දී බහුලව දැකිය හැකිය.

3.කහ ඉරි පාද සහිත දිවිමකුළුවා - YELLOW LEGGED ORNATE TIGER SPIDER

ලා දුඹුරු පැහැති සිරුරකි. පාදවල තැනින් තැන කහ ඉරී පිහිටීම නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. පහතරට තෙත් කලාපයේ ජීවත් වේ.

4.පීඩර්සන්ගේ දිවිමකුළුවා - PEDERSENI'S TIGER SPIDER

කළු පැහැති ශරීරයක් ඇත.පාදවල ඉහළ මෙන්ම යටි පැත්තේ හරස් දිවෙන ළා කහ පැහැති වයිරම් ඇත.පහතරට වියළි ප්‍රදේශවල හා දකුණු පළාතේ ජීවත් වේ.


5.යකෂ දිවිමකුළුවා - LEMON LEGGED TIGER SPIDER

හතරවැනි පාඨයේ යටි පැත්ත තද කහ පැහැයෙන් තිබීම විශේෂ ලක්ෂණයක් සේ දැකිය හැකිය.සිරුර පුරා දුඹුරු හා කහ මිශ්‍ර ව ඇත.අනෙක් පාද වල කහ පැහැය ඇත්තේ තැනින් තැනය.දුම්බර කඳුවැටිය ආශ්‍රිතව මෙන්ම මහනුවර නුවරඑළිය ආදී ප්‍රදේශවල ද ජීවත් වේ.

 6.ස්මිත්ගේ දිවිමකුළුවා - SMITH'S TIGER SPIDER

දුර්ලභ දිමිමකුළු විශේෂයකි.උදරය ප්‍රදේශය කළු පැහැතිය.මෑතක දී මෙම දිවි මකුළුවා පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත.



Monday 15 November 2021

කාගෙද මේ පා සටහන්?

1.කුරුලු පා සටහන්

සිවුපා සතුන් මෙන් කුරුලු වර්ග නිතරම බිම දිගේ ඇවිද යන්නේ නැත. නමුත් ඇතැම් කුරුලු වර්ග ආහාර සඳහා බිමට බැස බිම දිගේ ටික දුරක් ඇවිද යයි. මෙහි දැක්වෙන්නේ කපුටන් තැබු පා සටහන්ය. කපුටාගේ සෙවීම වැනි කාර්යයන් පාද දෙකෙහිම ඉදිරිපසට ඇඟිලි තුන බැහින්ද පසුපසට එක ඇඟිල්ල බැගින්ද පිහිටා තිබේ. ගේ කුරුල්ලාට තිබෙන්නේ දැල් සහිත පාදය. ගේ කුරුල්ලන් බිම දිගේ ඇවිද යන්නේ නැති අතර පැන පැන යයි. එවිටද පා සලකුණු වැලි මත, මඩෙහි හෝ හිම මත සටහන් වේ.

2.බළලා

බළලාගේද පාද සතරෙහිම ඇඟිලි හතර බැගින් තිබේ. නමුත් බළලා ඇවිද යන විට උගේ උල්පා නිය බළ ලා ඉහළට ඔසවා ගනී. ඒ පා නිය වල මුවහත නැතිව යාවි යැයි බියෙනි. මෙි නිසා බළලා හිම මත හෝ මඩ මත ඇවිද ගිය විට බළලාගේ අඩි සලකුණු රැඳුණොත් උපා නියවල සලකුණු සටහන් වන්නේ නැත. බළල් පවුලේ සාමාජිකයන් වන ලින්ක්ස්, බොකැට් යන සත්ත්වයන් සතුවද පා සතරෙහිම ඇඟිලි හතර බැගින් තිබේ.
3.මුවා

මුවාගේ පාද සතරෙහිම ඇගිලිකරබැගින් තිබේ. මුවාගේ පාදවල ඇති විශාල ඇඟිලි දෙක මුවා හිමමන හෝඩ මත ඇවිද යන විට හොඳින් සලකුණු වේ. හදවත් හැඩැති වීම සලකුණු දෙකම පසුපසින්තුඩා ඇඟිලි දෙකෙහි සලකුණු සටහන් වේ. නමුත් එම කුඩා ඇඟිලිවල සටහන් නිතරම සලකුණු වන්නේ නැත. මේ නිසා මුවාගේත සලකුණු ලෙස බහුලව දැක ගත හැක්කේ විශාල ඇගිලි දෙකක් සහිත සටහන්ය.
4.ඔපොසුමා

ඔපොසුමාගේ පසුපස පාදවල අනෙක් ඇඟිලි හතරට වඩා දුරින් විශාල මහපට ඇඟිල්ලක් පිහිටා තිබේ. ඒ ඔපොසුමාට ගස්වල අතු හොඳින් ග්‍රහණය කර ගැනීමට සහ ගස් නැගීම පහසුකර ගැනීමටයි. ඔපොසුමාගේ පා සටහන්වල මෙම මහපට ඇඟිල්ල සහ සෙසු ඇඟිලි හතර පැහැදිලිව සටහන් වී තිබේ.

5.බල්ලා

ඔබේ හිත මිතුරු බලුරාළ වැසි දිනෙක මඩ කඩිත්තක පා තබාවිත් ගෙබිම මත ඇවිද ගිය විට ඉතිරි වන පා සටහන් ඔබ දැක ඇති. බල්ලාගේ පාද සතරෙහිම ඇඟිලි හතර බැගින් තිබේ. බළලාගේ මෙන් නොව බල්ලාගේ පානිය සටහන්ද සලකුණු වේ. බල්ලාගේ අඩි සටහන් සමඟ උල්පානිය සටහන්ද සලකුණු වන නිසා බල්ලාගේ පා සලකුණුවල ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරයි. සුනඛ, පවුලේ සෙසු සාමාජිකයන් වන වෘකයන්, නරියන් කොයෝටයන් යන සත්ත්වයන් සතුවද පාද සතරෙහිම ඇඟිලි හතර බැගින් තිබේ.

6.රැකුනයා

රැකූනයාගේ පා සටහන් දිස්වනුයේ හරියට බිළිඳකුගේ අත්ලසටහන් සහ පා සටහන් මෙන්ය. වෙනස වනුයේ රැකූනයාගේ පාසටහන්වල උගේ උල්පා නියවල සලකුණුද සටහන් වී තිබීමයි.

7.හාවා

හාවා යනු පැන පැන යන සිවුපා සතෙකි. මේ නිසා හාවාගේ සම්පූර්ණ පා ඇඟිලි සලකුණු හිම මත හෝ මඩ මත රැඳෙන්නේ නැත.හාවා වේගයෙන් පනිමින් යනවිට හාවාගේ පසුපස විශාල පාද දෙකෙහි අඩිය ඉදිරිපස පාද දෙකෙහි අඩියට වඩා ඉදිරියෙන් සලකුණු වේ. මේ තිබෙන්නේ හාවෙකු හිම මත ඇවිද ගිය විට රැඳුණු පා සටහන්ය. හාවාගේ පාසටහන් පැහැදිළිව නික්ෂණය කළොත් ඒවා යම් දුරකට විස්මයාර්ථ ලකුණට සමාන පෙනුමක් තිබෙන බව දැකගත හැකිය.

 

Sunday 14 November 2021

ශ්‍රී ලංකාවේ දූපත්

1.මන්නාරම් දූපත

මන්නාරම් දූපත අයත් වන්නේ නැගෙනහිර පළාතටය. අතීතයේ අරාබි ජාතිකයන් වෙළෙඳාම පිණිස මෙරටට පැමිණ තිබෙන්නේ මන්නාරම් දූපත හරහා ය. ඒ නිසා මේ මන්නාරම් දූපතට ඓතිහාසික වටිනාකමක්ද එක්ව තිබේ. ඉන්දියාව බලා යන සරණාගතයන්ගේ නාවුක තොටුපළ වන්නේද මේ ස්ථානයයි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 126 ක් පමණ වේ. මේ ප්‍රදේශය තුළ කැලෑ අශ්වයන් (Equus caballus) බහුලව ගැවසේ. ඒවගේම දුර්ලභ ගණයේ ශාකයක් ලෙස හඳුන්වන බැවොබැව් (Adanonia digitata) ශාකයද දැකගත හැකියි.

2.කල්පිටිය දූපත් පන්තිය 

කල්පිටිය දූපත් පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් වන පරිදිය. මෙම දූපත වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ වර කටයුතු සම්බන්ධයෙනි. සිරිච්චල් පෙරිය අරිච්චල්, ඉප්පන්තිව්, වෙල්ල, උච්චමුනෙයි, සෙට්ටිකුඩා, පල්ලයවත්ත, බත්තලංගුණ්ඩුව ආදී දුපත් සමූහයක් කල්පිටිය දූපතට අයත් වේ. මේ දූපත් එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්තය. මෙහි සාම්ප්‍රදායික ධීවර කටයුතු සිදුකරන අතර මාදැල්පන්නය ප්‍රධානයි. කල්පිටිය දූපතේ ලන්දේසි සමයේ තිබූ බලකොටුවක්ද තිබේ. මේ දූපතට පැමිණෙන්නන්ගේ විනෝදාංශය වන්නේ හක් බෙල්ලන් එකතු කිරීමය. ඒ තරමටම මෙහි හක් බෙල්ලන් ගැවසේ. මෙහි සුන්දරත්වය රැකඳෙන ජෛව විවිධත්වයෙන් යුතු කඩොලාන පද්ධතියක් ද වේ. බාධක පරයද මෙම දූපත ආසන්නයේ පිහිටා තිබේ. කල්පිටිය දූපතේ සිරි හරවන්නන්ට මේ කොරල්තුදැකගත හැකියි. නමුත් මේ පරිසර සුන්දරත්වය නරඹන්නට පෙර තමන් අසරක්ෂිතදැයි සිතා බලන්න. කල්පිට් මුහුදේ තවත් සුවිශේෂත්වය තමයි ඩොල්ෆින් දැක ගත හැකි වීම, විනෝද චාරිකාවක් යන්න සිතන ඔබට කල්පිටිය දූපත් අපූරු අත්දැකීමක් වේවි. නමුත් අද පුත්තලම් වෙරළතීරයට පොලිතින්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුදු රළත් සමඟ ගොඩට ගසා තිබේ. මේ පාරිසරික අපද්‍රව්‍ය බැහැර කරලීමට අදල අංශ කටයුතු යොදා ඇත. එනිසා මේ දිනවල එම වෙරළ තීරයේ සංචාරයට නොයාමෙන් ඔවුන්ට සහයෝගය දැක්වීමට අපටත් පුළුවනි.

3.කච්චතිව් දූපත

කච්චතිව් දූපත පිහිටා තිබෙන්නේ යාපන දිස්ත්‍රික්කයේ ය. මෙය ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටරයක්වත් නැති තරම් ය. උතුරු මුහුදේ පිහිටි අපේ රටට අයත් අවසන් දූපත ද වේ. මේ ශ්‍රී ලාංකීය හා ඉන්දීය කතෝලික බැතිමතුන් එකතුව පුද පූජා පවත්වන දේවස්ථානයක් ද මෙහි තිබේ. මෙය ඓතිහාසික මෙන්ම සංස්කෘතික වශයෙන් වටිනාකමකින් යුත් දූපතකි.

4.පරෙවි දූපත

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත්වන සේ පිහිටා ඇති පරෙවි දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත ඇද ගන්නා ස්ථානයකි. නිලාවැලි වෙරළේ සිට කිලෝමීටර් දෙකක් පමණ ඈත මුහුදේ න පිහිටි පරෙවි දූපතේ වර්ග ප්‍රමාණය කිලෝමීටරයකටත් හොදින් වර්ධනය වූ කොරල්පර ආශ්‍රිත ජෛව වඩා අඩුය. මෙහි ගල් පරෙවියන් බොහෝ වාසය කරති. 2003 වසරේදී ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද පරෙව් දූපත වටා ඇති මුහුදේ ස්වභාවික විවිධත්වයක් දැකගත හැකිය.

5.යාපනය දූපත්

මෙය ද දූපත් කිහිපයකින් නිර්මාණය වූවකි. පාලතිව්, මණ්ඩතිව්,කයිට්ස්, කයිරතිව්,එළවතිව්, අනලතිව්, නයිනතිව්, පුන්කුඩුතිව් ආදීදූපත් මෙයට අයත්ය. මේ නයිනතිව් දූපතේ සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන නාගදීප පුදබිම පිහිටා තිබේ. නාගදීප පුදබිමේ පිහිටා ඇති හින්දු කෝ සාමි නමින් හැඳින්වෙන පූජනීයත්වයෙන් සැලකෙන ශාකයක්ද පිහිටා තිබේ. මෙහි සමහර දූපත් ජනාවාසව පවතින අතර ඔවුන් ධීවර කටයුතු සිදුකරයි.

6.මඩොල්දූව  

දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම දූපත මාර්ටින් වික්‍රසිංහයන්ගේ මඩොල්දූව නම් ප්‍රසිද්ධ නවකතාවට පාදක වී තිබෙන දූපතකි. විවිධ ශාක හා සතුන් සිටිය ද ජනශූන්‍ය ප්‍රදේශයකි.කඩොලාන පද්ධති, සහිත මේ දූපත් අප ආරක්ෂා කළ යුතු සේම එහි වටිනාකමද අධ්‍යයනය කළ යුතුයි.මෙහි සංචාරය කරන ඔබට මාටින් වික්‍රමසිංහයන්ගේ කෞතුකාගාරය නැරඹීමේ හැකියාව තිබේ.

 7.මාදු ගඟ දූපත්

මේ මෙරට දකුණු පළාතේ මාදු ගඟට අයත්ව පිහිටි දූපත් ගණනාවකි. මෙය ද ජෛව විවිධත්වයෙන් පොහොසත් ය. එනිසාම මේ ප්‍රදේශයේ තිබෙන කඩොලාන අලංකාරයට මෙන්ම ආරක්ෂාවට ද හේතු වේ. ශ්‍රී ලංකාවේ දෙවන රම්සා තෙත් බිම් ද පිහිටා තිබෙන්නේ මේ දූපත් ආශ්‍රිතවය. මාදු ගඟ දූපත් නිර්මාණය වී ඇත්තේ විවිධ ප්‍රමාණයේ දූපත් කිහිපයක් එකතු වීමෙනි.
8.ඩෙල්ෆ් දූපත

උතුරු පළාතේ පිහිටා ඇති ඩෙල්ෆ් දූපත ශ්‍රී ලංකාවට අයත් දෙවැනි විශාලතම දූපතයි. මෙයද ජෛව විවිධත්වයෙන් ඉහළ එමෙන්ම භූගෝලීය වශයෙන්ද වැදගත් භූමි ප්‍රමාණයකි. මෙම ඩෙල්ෆ් දූපතේ ද රංචු වශයෙන් ගැවසෙන කැලෑ අශ්වයන් බහුලව දැකගත හැකියි. එමෙන්ම දුර්ලභ ගණයේ බාවොබැව් ශාකය ද හොඳින් වර්ධනය වී තිබේ.

9.ගල්ඔය ආශ්‍රිත දූපත්

ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ විවිධ ප්‍රමාණයේ දූපත් රැසක් පිහිටා ඇති ප්‍රදේශයකි. මේවා ජලජ පක්ෂීන්ට හිතකර වාසභූමිව තිබේ.

10.සෝබර් දූපත් 

ත්‍රිකුණාමලය ස්වභාවික වරාය ආශ්‍රිතව පිහිටි දූපත් සෝබර් දූපත් ලෙස නම් කර ඇත.