Pages

Sunday 14 November 2021

ශ්‍රී ලංකාවේ දූපත්

1.මන්නාරම් දූපත

මන්නාරම් දූපත අයත් වන්නේ නැගෙනහිර පළාතටය. අතීතයේ අරාබි ජාතිකයන් වෙළෙඳාම පිණිස මෙරටට පැමිණ තිබෙන්නේ මන්නාරම් දූපත හරහා ය. ඒ නිසා මේ මන්නාරම් දූපතට ඓතිහාසික වටිනාකමක්ද එක්ව තිබේ. ඉන්දියාව බලා යන සරණාගතයන්ගේ නාවුක තොටුපළ වන්නේද මේ ස්ථානයයි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 126 ක් පමණ වේ. මේ ප්‍රදේශය තුළ කැලෑ අශ්වයන් (Equus caballus) බහුලව ගැවසේ. ඒවගේම දුර්ලභ ගණයේ ශාකයක් ලෙස හඳුන්වන බැවොබැව් (Adanonia digitata) ශාකයද දැකගත හැකියි.

2.කල්පිටිය දූපත් පන්තිය 

කල්පිටිය දූපත් පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් වන පරිදිය. මෙම දූපත වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ වර කටයුතු සම්බන්ධයෙනි. සිරිච්චල් පෙරිය අරිච්චල්, ඉප්පන්තිව්, වෙල්ල, උච්චමුනෙයි, සෙට්ටිකුඩා, පල්ලයවත්ත, බත්තලංගුණ්ඩුව ආදී දුපත් සමූහයක් කල්පිටිය දූපතට අයත් වේ. මේ දූපත් එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්තය. මෙහි සාම්ප්‍රදායික ධීවර කටයුතු සිදුකරන අතර මාදැල්පන්නය ප්‍රධානයි. කල්පිටිය දූපතේ ලන්දේසි සමයේ තිබූ බලකොටුවක්ද තිබේ. මේ දූපතට පැමිණෙන්නන්ගේ විනෝදාංශය වන්නේ හක් බෙල්ලන් එකතු කිරීමය. ඒ තරමටම මෙහි හක් බෙල්ලන් ගැවසේ. මෙහි සුන්දරත්වය රැකඳෙන ජෛව විවිධත්වයෙන් යුතු කඩොලාන පද්ධතියක් ද වේ. බාධක පරයද මෙම දූපත ආසන්නයේ පිහිටා තිබේ. කල්පිටිය දූපතේ සිරි හරවන්නන්ට මේ කොරල්තුදැකගත හැකියි. නමුත් මේ පරිසර සුන්දරත්වය නරඹන්නට පෙර තමන් අසරක්ෂිතදැයි සිතා බලන්න. කල්පිට් මුහුදේ තවත් සුවිශේෂත්වය තමයි ඩොල්ෆින් දැක ගත හැකි වීම, විනෝද චාරිකාවක් යන්න සිතන ඔබට කල්පිටිය දූපත් අපූරු අත්දැකීමක් වේවි. නමුත් අද පුත්තලම් වෙරළතීරයට පොලිතින්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුදු රළත් සමඟ ගොඩට ගසා තිබේ. මේ පාරිසරික අපද්‍රව්‍ය බැහැර කරලීමට අදල අංශ කටයුතු යොදා ඇත. එනිසා මේ දිනවල එම වෙරළ තීරයේ සංචාරයට නොයාමෙන් ඔවුන්ට සහයෝගය දැක්වීමට අපටත් පුළුවනි.

3.කච්චතිව් දූපත

කච්චතිව් දූපත පිහිටා තිබෙන්නේ යාපන දිස්ත්‍රික්කයේ ය. මෙය ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටරයක්වත් නැති තරම් ය. උතුරු මුහුදේ පිහිටි අපේ රටට අයත් අවසන් දූපත ද වේ. මේ ශ්‍රී ලාංකීය හා ඉන්දීය කතෝලික බැතිමතුන් එකතුව පුද පූජා පවත්වන දේවස්ථානයක් ද මෙහි තිබේ. මෙය ඓතිහාසික මෙන්ම සංස්කෘතික වශයෙන් වටිනාකමකින් යුත් දූපතකි.

4.පරෙවි දූපත

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත්වන සේ පිහිටා ඇති පරෙවි දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත ඇද ගන්නා ස්ථානයකි. නිලාවැලි වෙරළේ සිට කිලෝමීටර් දෙකක් පමණ ඈත මුහුදේ න පිහිටි පරෙවි දූපතේ වර්ග ප්‍රමාණය කිලෝමීටරයකටත් හොදින් වර්ධනය වූ කොරල්පර ආශ්‍රිත ජෛව වඩා අඩුය. මෙහි ගල් පරෙවියන් බොහෝ වාසය කරති. 2003 වසරේදී ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද පරෙව් දූපත වටා ඇති මුහුදේ ස්වභාවික විවිධත්වයක් දැකගත හැකිය.

5.යාපනය දූපත්

මෙය ද දූපත් කිහිපයකින් නිර්මාණය වූවකි. පාලතිව්, මණ්ඩතිව්,කයිට්ස්, කයිරතිව්,එළවතිව්, අනලතිව්, නයිනතිව්, පුන්කුඩුතිව් ආදීදූපත් මෙයට අයත්ය. මේ නයිනතිව් දූපතේ සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන නාගදීප පුදබිම පිහිටා තිබේ. නාගදීප පුදබිමේ පිහිටා ඇති හින්දු කෝ සාමි නමින් හැඳින්වෙන පූජනීයත්වයෙන් සැලකෙන ශාකයක්ද පිහිටා තිබේ. මෙහි සමහර දූපත් ජනාවාසව පවතින අතර ඔවුන් ධීවර කටයුතු සිදුකරයි.

6.මඩොල්දූව  

දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම දූපත මාර්ටින් වික්‍රසිංහයන්ගේ මඩොල්දූව නම් ප්‍රසිද්ධ නවකතාවට පාදක වී තිබෙන දූපතකි. විවිධ ශාක හා සතුන් සිටිය ද ජනශූන්‍ය ප්‍රදේශයකි.කඩොලාන පද්ධති, සහිත මේ දූපත් අප ආරක්ෂා කළ යුතු සේම එහි වටිනාකමද අධ්‍යයනය කළ යුතුයි.මෙහි සංචාරය කරන ඔබට මාටින් වික්‍රමසිංහයන්ගේ කෞතුකාගාරය නැරඹීමේ හැකියාව තිබේ.

 7.මාදු ගඟ දූපත්

මේ මෙරට දකුණු පළාතේ මාදු ගඟට අයත්ව පිහිටි දූපත් ගණනාවකි. මෙය ද ජෛව විවිධත්වයෙන් පොහොසත් ය. එනිසාම මේ ප්‍රදේශයේ තිබෙන කඩොලාන අලංකාරයට මෙන්ම ආරක්ෂාවට ද හේතු වේ. ශ්‍රී ලංකාවේ දෙවන රම්සා තෙත් බිම් ද පිහිටා තිබෙන්නේ මේ දූපත් ආශ්‍රිතවය. මාදු ගඟ දූපත් නිර්මාණය වී ඇත්තේ විවිධ ප්‍රමාණයේ දූපත් කිහිපයක් එකතු වීමෙනි.
8.ඩෙල්ෆ් දූපත

උතුරු පළාතේ පිහිටා ඇති ඩෙල්ෆ් දූපත ශ්‍රී ලංකාවට අයත් දෙවැනි විශාලතම දූපතයි. මෙයද ජෛව විවිධත්වයෙන් ඉහළ එමෙන්ම භූගෝලීය වශයෙන්ද වැදගත් භූමි ප්‍රමාණයකි. මෙම ඩෙල්ෆ් දූපතේ ද රංචු වශයෙන් ගැවසෙන කැලෑ අශ්වයන් බහුලව දැකගත හැකියි. එමෙන්ම දුර්ලභ ගණයේ බාවොබැව් ශාකය ද හොඳින් වර්ධනය වී තිබේ.

9.ගල්ඔය ආශ්‍රිත දූපත්

ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ විවිධ ප්‍රමාණයේ දූපත් රැසක් පිහිටා ඇති ප්‍රදේශයකි. මේවා ජලජ පක්ෂීන්ට හිතකර වාසභූමිව තිබේ.

10.සෝබර් දූපත් 

ත්‍රිකුණාමලය ස්වභාවික වරාය ආශ්‍රිතව පිහිටි දූපත් සෝබර් දූපත් ලෙස නම් කර ඇත.



 

  

No comments:

Post a Comment