Pages

Monday 8 November 2021

විහඟ ලෝකය ලස්සන කරන ගිරවුන්ගේ කතන්දරේ

1. හෙල් ගිරවා

Nestor notabilis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන " කියා" හෙවත් නවසීලන්ත " හෙල් ගිරවා" නවසීලන්තයේ දකුණු දූපතේ කඳුකරයේ පමණක් ජීවත් වන විශාල ප්‍රමාණයේ ගිරා විශේෂයකි. මොවුන්ගේ පිල් කළඹ දුඹුරු මිශ්‍ර කොළ පැහැයෙන් යුතුය. පියාසැරියේදී දිස්වන පිහාටු නිල්වන් කොළ පැහැතිය. ශරීර ප්‍රමාණයෙන් සෙ. මී. 60 (පෙඳයේ කෙළවර සිට හොට කෙලවර දක්වා ) පමණ වේ. ශීත ඍතුවේ පහළ කඳුකර ප්‍රදේශවලට සංක්‍රමණය වන මොවුන්ගේ අභිජනන සමය ජුලි සිට ජනවාරි අතර කාලයයි. කඳුකර පර්වතයක ස්වභාවික විවරයක් මෙන්ම දිරා ගිය ශාකයක බෙණයක බිත්තර 2-4 පමණ වරකට විජෞෂණය කරයි.

2.කාකපෝ ගිරවා

පියාසර කිරීමේ හැකියාවෙන් තොර මෙම ගිරවුන් හොර ගිරා විශේෂයකි. රාත්‍රී කාලයේ ආහාර සොයා යන නිසාත් මුහුණේ බකමූණකුගේ බදු රවුම් පිහාටු මඬලක් (Facial disc) ඇති නිසාත් මොවුන් "බකමුණු ගිරවා (Owl Parrom) යන නමින්ද හඳුන්වයි. දිගින් අඩි දෙකක් පමණ වන අනුරු පැහැති ඉරි සහිත සිරුරක් හිමි මොවුන් මේ වන විට ලොව දුබලම් ගිරා විශේෂයක් සේ සැලකෙයි. දිවා කාලයේ ගස් වල මුල් මත තිබෙන ස්වභාවික කුහර තුළ ලැග සිටින කාකපෝ  ගිරවා වන බිම් හා තෘණ බිම් මත දිව යමින් ඊසි ප්‍රදේශවලට ගමන් කරයි. මෙලෙස ගමන් කරන අතර එම මාර්ගය යළි සොයා ගැනීම සඳහා මග දෙපස කුඩා ශාක හොටයෙන් කපා දැමීම කාකපෝ ගිරවුන්ගේ සුවිශේෂී පුරුද්දයි. ළපටි ශාක පත්‍ර, කුඩා ඵල වර්ග මොවුන්ගේ ජනප්‍රියම ආහාරයයි. පලතුරු වල යුෂ මිරිකාගෙන බීමෙන් පසු එහි රොඩු ගුලියක් ලෙස ඉවත දැමීම ද සුලබ පුරුද්දකි. අභිජනන සමය ජනවාරි සිට මැයි දක්වා කාලයයි. සුදු පැහැති බිත්තර 2-4 පමණ වරකට බිජෞෂණය(බිත්තර රැකීම) කරයි. ගස්වල මුල් අතර ස්වභාවික ගල් හෝ තමා විසින් හාරා ගන්නා ලද ගුල් වල බිත්තර රැකීම කරයි. නවසීලන්තයේ වෙරළ, වනාන්තර (beech fagus) වල පමණක් මොවුන් ජීවත් වේ.

3.බජිරිගාර් ගිරවා

ඔස්ට්‍රේලියානු කුඩා ගිරා විශේෂ යකි. ඔස්ට්‍රේලියාවේ රට ඇතුළත භාෂ්ක කලාපවලත් වියළි වෙරළබඩ ප්‍රදේශවලත් විශාල රංචු වශයෙන් ජීවත් වන බහාර් ගිරවුන් ලොව බොහෝ රටවල සුරතලයට ඇති කරනු ලබන කුරුලු විශේෂයකි. නිජබිම් තුළ ශුෂ්ක ප්‍රදේශවල තැනින් තැන ඇති පඳුරු හා දියකඩිති ඇසුරේ දහස් ගණනින් ජීවත් වන මෙම ගිරවුන් පිළිබඳපක්ෂී විශේෂ ඥයන් සිදුකර තිබෙන පර්යේෂණ අනුව ඔවුනට සති තුනක පමණ කාලයක් ජලය පානය නොකර ජීවත් වීමට හැකි බව ද හෙළි දරව් කර ගෙන තිබේ. ආහාර සොයා ශුෂ්ක බිම් වල ඇවිද යන මෙම ගිරවුන්ගේ ප්‍රධානම ආහාරය වන්නේ උස් පඳුරු ශාක වල වැවෙන කුඩා බීජ වර්ගයි. මේ නිසාම ඔවුන්ගේ ස්වදේශීය නාමය වන්නේ “වල් බපිගාර්ය." (සොබාහුරු බජිර්ගාර්) මෙම ගිරවුන්ගේ යටි කය කොළ පැහැති වන අතර පිට ප්‍රදේශයේ කහ පැහැය මත වයිරම් දක්නට ලැබෙයි. එමෙන්ම ගෙල පෙදෙසේ කළු තිත් පේළි දෙකකි.හිස දීප්තිමත් කළු පැහැයෙන් යුතුය. කම්මුල් (කොපුල්) වල නිල් සහ කළු වයිරම් නිසා කුරුල්ලාගේ ස්වරූපය ඉතාම දැකුම්කළුය. පක්ෂි අභිජනන මධ්‍යස්ථාන මගින් සිදු කරන ලද අභිජනන වලින් තනි නිල්, තනි කොළ, තනි සුදු මෙන්ම තනි කහ පැහැති බජිරිගාර් වර්ග මෙන්ම විචිත්‍රවත් මිශ්‍ර වර්ණයෙන් යුතු බජිරිගාර් ගිරා වර්ග මේ වන විට සුලබව බොහෝ රටවල දැකිය හැකිය. මොවුන්ගේ අභිජනන කටයුතු සිදු වන්නේ සමූහ වශයෙනි. අප රටේ සුරතලයට ඇති කරන බජිරිගාර් ගිරවුන් “බපිරි” නම් වූ වල් පැළෑටියේ බීජ ආහාරයට ගැනීමට වැඩි ප්‍රියත්වයක් දක්වයි.

4.ආල ගිරවා

කෙටි පෙඳ සහිත කුඩා ගිරවුන් විශේෂ යකි. ආල ගිරවුන් විශේෂ නවයක් කුරුලු ලොවෙන් වාර්තා වන අතර ඉන් විශේෂ අටක්ම ජීවත් වන්නේ අප්‍රිකාවේය. හිස අළු පැහැයෙන් යුත් එක් ආල ගිරවුන් විශේෂයක් මැඩගස්කරයේ කැලෑවල ජීවත් වේ. නිතරම එකිනෙකාට ඉතා ළංව සිටිමින් යුවළක් ලෙස ජීවත් වන ආල ගිරවුන් වෙතින් දක්නට ලැබෙන සුලබම පුරුද්ද වන්නේ නිතරම එකට තුරුලු සිටිමින් එකිනෙකාගේ පිහාටු පිරිමයි. ආල ගිරවුන් අතරින් ලොකුම ගිරවා වන්නේ කළු පිය ආල ගිරවාය. (TBlack Winged Love Bird ) මෙම ගිරා විශේෂ ය ඉතියෝපියාවේ හා සෝමාලියාවේ ජීවත් වේ.

5.මැකෝ ගිරවා 

මෙම ගිරා විශේෂය ද බොහෝ නිවර්තන හා ඝර්ම කලාපීය රටවල සත්වෝද්‍යානවල සුලබව කෘතිම පරිසර වල ජීවත් වූවත් මොවුන්ගේ නිජබිම් වන්නේ දකුණු අමෙරිකාවේ නිවර්තන වර්ෂා වනාන්තරයි. මැකෝ ගිරවුන් ඉතාම වර්ණවත් පිහාටු සහිත වන අතර මෙම ගිරා විශේෂ 19 ක් සිටී.

6.රතු මැකාවන් 

දකුණූ අමෙරිකාවේ මෙක්සිකොවේ සිට බොලිවියාව දක්වා ප්‍රදේශවල ජීවත් වේ. මොවුන්ගේ සිරුරේ දිග සෙ. මී. 85 පමණ වේ. (අඩි තුනකට ආසන්නය.) මොවුන්ගේ දිලිසෙන රතු පැහැති පිල් කළඹ, මද වශයෙන් කොළ, කහ, නිල් පැහැයෙන් ද පෙදය සහමුලින්ම නිල් පැහැයෙන් ද වර්ණවත් වී ඇත.

7.නිල් කහ මැකාවා 

ජීවත් වන්නේ නැගෙනහිර පැනමාවේ සිට ආර්ජන්ටිනාව දක්වාය. මොවුන්ගේ තීරුර සෙ. මී. 82 පමණ දිගුය. මොවුන්ගේ පිල් කළඹේ උඩු කොටස දීප්තිමත් අහස් නිලෙන් හා යට කොටසේ රන්වන් කහ පැහැයෙනුත් යුක්තය, බොලිවියාව සහ බ්‍රසීලයේ ජීවත් වන හයසින්ත් මැකෝ ගිරවා (Hyacinth Macaw) ගේ සිරුර සෙ. මී. 100 පමණ දිගු වන අතර ගිරා කුලයේ විශාලම පක්ෂියා ද වෙයි.


ඔබට පරණ Post බැලීමට අවශ්‍යනම් Older Post මත ක්ලික් කරන්න.

No comments:

Post a Comment