Pages

Thursday 28 October 2021

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන දඩයක්කාර කුරුල්ලෝ

1.බඩ රතු රාජාලියා(Rufous-bellied Eagle)

විද්‍යාත්මක නාමය - Lophotriorchis kienerii 

රාජධානිය - Animalia 

වංශය - Chordata 

වර්ගය - Aves 

ගෝත්‍රය - Accipitriformes 

කුලය - Accipitridae 

ප්‍රමාණයෙන් සෙ.මී. 51 ක් පමණ දිග මේ දඩයක්කාර කුරුල්ලන්, මෙරටේ මෙන්ම දකුණුදිග ආසියාවේ හිමාලය ප්‍රදේශය, ජාවා, පිලිපීනය වැනි රටවලද වෙසේ දුලබව දැකිය හැකි නිවැසියෙකි. පියාසර කරමින් කුරුල්ලන්ව ගොදුරු ලෙස අල්ලා ආහාරයට ගනී. උඩුකය කළුය. යටිකය රතුවන් දුඹුරුය. ළය ප්‍රදේශය සුදුය. සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙක් වන නමුත්, යටිගිරියෙන් කෑගසන හඬක් නිකුත් කළ හැකිය. වනාන්තර අද්දර ගැවසේ.

2.කළු උකුස්සා(Black Eagle)

විද්‍යාත්මක නාමය- Letinactus malaiens 

රාජධානිය - Animalia 

වංශය - Chordata 

වර්ගය-Aves 

ගෝත්‍රය - Accipitriformes 

කුලය - Acciptridae 

දුබලව දැකිය හැකි නිවැසියෙකි. තුරු මුදුන් ඉහළින් පියාඹා ගොස් ගොදුරු සොයයි. කුරුලු බිත්තර, කුරුලු පැටව් ආහාරයට ගැනීමට වඩා ප්‍රිය ළකූ කරයි. ඇතැම්විට හොඳින් වැඩුණු වුවද ගොදුරු කර ගැනීමේ හැකියා ඇත. කඳුකරය ආශ්‍රිතව පැතිරේ. පතත ව ඇති තැන්වලට වඩා ප්‍රිය කරයි. ශ්‍රී ලංකා පහත රට වියළි කලාපයේ කුඩා කඳු ආහඳ වෙසේ. මීට අමතරව ඉන්දියාවයුණු දිග චීනය, ගිනිකොන දිය ආසියා දැකිය හැකිය. සාමාන්‍යයෙන් නිහඬෂියෙකි. සෙ.මී. 69 ක් පමණ දිගය. කපිල් ගොනුවක් සහිතය.

3.කොණ්ඩ රාජලියා-(Crested Hawk Eagle)

විද්‍යාත්මක නාමය-Nisaetue cirrhatus

රාජධානිය- Animalia 

වංශය- Chordata

වර්ගය - Aves 

ගෝත්‍රය -Accipitriformes 

කුලය - Accipitridae 

ප්‍රමාණයෙන් සෙ.මී.9 දිග මෙම කුරුල්ලන්, සුලබව දැකි හැකි නිවැසියෙකි. මෙරටට අමතරව ඉන්දියාව , බොර්නියාව, ජාවා, පිලිපීනය නි රටවල ද වෙසේ. වැඩිපුර පියාසරඝොර එක තැන ලැග සිට, ගොදුරු ඩැහැ ගැනීම සිරිතකි. හැඩරුව ගතහොත් මොවුන්ගේ ශරීරය සිහින්ය. යටිකය කෙටි ඉරි සහිතව සුදු හා දුඹුරු පැහැයක් ගනී. උඩුකය තද දුඹුරු හා ළා පාට ය. දිගු කකුල් සහිතය. හිසමත ඉහළට එසවී ඇති කොණ්ඩයක් මෙන් පිහාටු ගොන්නකි. වනාන්තර තුරුලතා සහිත එළිබිම්වල ගැවසේ.

4.බ්‍රාහ්මණ උකුස්සා-(Brahminy Kite)

විද්‍යාත්මක නාමය-Haliastur indus 

රාජධානිය - Animalia 

වංශය- Chordata 

වර්ගය- Aves 

ගෝත්‍රය- Accipitriformes 

කුලය - Accipitridae 

ඉතා සුලබව දැකිය හැකි දඩයක්කාර කුරුල්ලෙකි. ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ ආශ්‍රිතවද, කලාතුරකින් කඳුකරයේ ද දැක ගත හැකිය.එළි බිම්, වැව් අසළ හා වෙරළ ආශ්‍රිතව ගැවසේ. ප්‍රමාණයෙන් සෙ.මී.45ක් පමණ දිග මොවුන්, වේදනාත්මක භීන් හඬක් නගයි. රතුවන් දුඹුරු හා සුදු පැහැති පිල් ගොනුවකි. හිස සුදුය. බමුණු පියාකුස්සා  ලෙසින් ද හඳුන්වයි. ඉන්දියාව, දකුණු චීනය, ගිනිකොණ දිග ආසියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල ද දැක ගත හැකිය.

5.සුදු බිම් උකුස්සා-(Pallied Harrier)

විද්‍යාත්මක නාමය-Circus macrourus 

රාජධානිය- Animalia 

වංශය - Chordata 

වර්ගය - Aves 

ගෝත්‍රය- Acciptriformes 

කුලය- Accipitridae 

දුලබව දැකිය හැකි සංචාරක කුරුල්ලෙක් වන සුදු බිම් උකුස්සන්, ශ්‍රී ලංකාවට ද පැමිණෙන සංචාරක පක්ෂියෙකි. මීට අමතරව යුරෝපය, අප්‍රිකාව හා ආසියාවේ ද වෙසේ. වගුරු බිම් හා එළිබිම් ආශ්‍රිතව ගැවසේ. සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙකි. සෙ.මී. 43 – 48ක් පමණ දිගය.පිල් ගොනුව රිදීවන් වූ අළු පැහැයකි. උඩු ළය සුදු පාට ය. කුරුල්ලාට වඩා කිරිල්ලිය ප්‍රමාණයෙන් විශාලය.

6.පා දිග උකුස්සා-(Long-Legged Buzzard)

විද්‍යාත්මක නාමය- Buteo rufinus 

රාජධානිය - Animalia 

වංශය- Chordata 

වර්ගය - Aves 

ගෝත්‍රය- Accipitriformes 

කුලය - Accipitridae 

සෙ.මී. 61 ක් පමණ දිග මෙම උකුස්සන් විශේෂය, සාමාන්‍යයෙන් නිහඬය. ශීත සමයේ තරමක් හඩ නගයි. සංචාරක කුරුල්ලෙක් වන අතර, ඉතා දුලබය. මධ්‍යම යුරෝපය, උතුරු අප්‍රිකාව, මධ්‍යම ආසියාවේ වෙසේ. පිල් ගොනුව දුඹුරු පැහැයෙන්, ළා රතු, තද පාට අයුරින් විවිධ පැහැයක් ගනී. පාද දිගුය. ඒ නිසාම මේ නම ලැබී ඇත. හිස සුදු ය. වනාන්තර ආශ්‍රිතව ගැවසේ.

7.අමුර් කුරුලුගොයා-(Amur Falcon)

විද්‍යාත්මක නාමය - Falco amurensis 

රාජධානිය- Animalia 

වංශය - Chordata 

වර්ගය - Aves 

ගෝත්‍රය- Falconiformes 

කුලය - Falconidae 

සෙ.මී. 30 ක් පමණ දිග මෙම කුරුලු ගොයි විශේෂය, නැගෙනහිර හා දකුණු දිග ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද වෙසේ. නමුත් ඉතා දුලබ නිවැසියෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙක් වන මොවුන්, ඇතැම්විට හඬ නගයි. වනාන්තර, එළිබිම් ආශ්‍රිතව වැඩි වශයෙන් ගැවසේ. උඩුකය තද අළු ය. ඉහළ ප්‍රදේශය කළු ය. හොට, නිය හා කකුල් රතුවන් කහ ය. මොවුන්ගේද කුරුල්ලාට වඩා කිරිල්ලිය ප්‍රමාණයෙන් විශාලය.



ඔබට පරණ Post බැලීමට අවශ්‍යනම් Older Post මත ක්ලික් කරන්න.



No comments:

Post a Comment