1.බඩ කහ මුහුදු නයා
(Yellow-Bellid Sea Snake)-(Pelamis Platurus)
විශේෂ 20ක් ඇත.මින් විශේෂ 13 කරදිය වාසීය.මොවුන් මුහුදු සර්පයින් හෙවත් වාලක්කඩියන් නම් වේ.ලංකාව තුළ දෂ්ඨ කිරීම් එතරම් වාර්තා නොවේ. මෙම සර්පයින් හයිඩ්‍රොපිඩේ කුලයට අයත් වන අතර, ගොඩබිම වෙසෙන සර්පයන්ට වඩා උග්‍ර විෂ ඇත.
2.වැළි පොළගා
(Saw Scalle Viper)-(Echis Carinatus)
නිශාචරය.උග්‍ර විෂ සහිතය.අනෙක් සර්පයින්ට වඩා කිපෙන සුළු ගතියක් ඇත.කිපුනු අවස්ථාවලදී ශරීරය එකට ඇතිල්ලීමෙන් පිඹිනවා වැනි ශබ්දයක් පිට කරයි.ගෙම්බන්,ගෝනුස්සන්,කටුස්සන් වැනි සතුන් ආහාරයට ගන්නා අතර,වරකට පැටවුන් 3-6 ක් අතර ප්‍රමාණයක් බිහිකරයි.වැඩි වශයෙන් වියළි කලාපයේ දක්නට ඇති මෙම සර්පයා මන්නාරම,යාපනය සිට යාල දක්වා වෙරළබඩ මුහුදු තීරයේ සුලබව දැකිය හැකිය.කුඩා පදුරු,කටු පදුරු,පතොක් පදුරු හා ගල් යට වාසය කරයි.මීට අමතරව ඉන්දියානු අර්ධද්වීපයට අයත් රටවල ද දැකිය හැක. ලා දුඹුරු හෝ වැලි පාටින් යුත් ශරීරයේ උඩපැත්තේ අළුවා හැඩයෙන් යුක්ත සලකුණු ඇත.හිස මතුපිට සුදු පාටින් යුක්ත ඊතලයක හැඩගත් ලකුණක් ඇත.දිග අඩි 2ක් පමණ වේ.ලෝකයේ සර්ප විෂ ශරීර ගතවීමෙන් සිදුවන මරණ අනතුරු බොහෝ සිදුවන්නේ මෙම සතා නිසාය.
3.තිත් පොළගා(Russell's Viper)-(Daboia Russelli)
රාත්‍රීයේදී හැසිරෙන නමුත් දිවාකාලයේදී ද දැකිය හැකි වේ.උස් කදුකර ප්‍රදේශවල හැර දිවයිනේ අනෙක් සෑම ප්‍රදේශයකම විසිරී ජීවත්වේ.අප රටේ වැඩිම මරණ සංඛ්‍යාවට වගකිවයුතු සර්පයා වේ.(මගෙ බල්ල මැරුනෙත් තිත් පොළගෙක් දෂ්ට කරල)ප්‍රමාණයෙන් විශාල නිසාත්,වියලි කලාපයේ කුඹුරු ආශ්‍රිතව බහුලව ජීවත්වන නිසාත්,එමෙන්ම වහා පහරදීමට පෙළඹෙන නිසාත් මෙසේ වේයැයි සිතිය හැක.ලංවූ කල ඉතා තදින් පිඹීම මේ සර්පයා හදුනා ගැනීමට හැකි විශේෂ ලකෂණයකි.පහර දෙනවිට ශරීරය එකවර දුන්නක් මෙන් දිග හරිමින් පනින ස්වභාවයක් පෙන්වමින් පහර දුන්නද එය වැඩි වේලාවක් සිදුකල නොහැක.ප්‍රධාන වශයෙන් මීයන් ආහාරයට ගනී.වරකට පැටවුන් 5-50ත් අතර සංඛ්‍යාවක් දමනු ලැබේ.සාමාන්‍යයෙන් දිග අඩි 5ක් පමණ වේ.
4.තෙල් කරවලා
(Common Krait)-(Bungarus Caeruleus)
උග්‍ර විෂ සහිත සර්පයන් අතුරෙන් උග්‍රම විෂ සහිත සර්පයා වේ.නිශාචරය.බොහෝවිට දිරායන කොළ රොඩු වල බුරුල් පසෙහි හෝ වියළි තණකොළ අතර සැඟවී සිටීමට කැමත්තක් දක්වයි. බොහෝවිට ජලාශ්‍රිත ව සිටීමට ද ප්‍රියකරයි.පහත රට පමණක් දැකිය හැක. වරකට බිත්තර 5ක් පමණ දමයි. විෂ රහිත අනෙක් සර්පයන් ආහාරයට ගනී.කදෙහි උඩපැත්ත කළුපාටින් යුක්තය.උදරීය පැත්ත සුදු පාටය.නමටම ගැලපෙන පරිදි ඇඟ තෙල් දමා පිරිමැද්දා සේ දිළිසේ. ශරීරයේ සුදු පැහැති මුදු හැඩයෙන් යුක්ත ඉරි දෙක බැගින් පිහිටා ඇත.වයසට යන විට මෙම සලකුණු ක්‍රමයෙන් මැකී ගොස් වල ගියේ පමණක් හෝ පෘෂ්ඨීයව පිහිටි සුදු පැහැති තිත් පෙළක් බවට පත් වෙයි.හිස ඕවලාකාරය. දිග අඩි 4-5 ක් පමණ වේ.
5.මූදු කරවලා
(Ceylon Krait)-(Bungarus Ceylonicus)
නිශාචරය.තෙල් කරවලා මෙන්ම උග්‍ර විෂ සර්පයෙකි.කළු පැහැති දිලිසෙන ශරීරයේ සුදු පැහැති වූ පටි පිහිටා තිබේ. උදරීයව මෙම කළු හා සුදු සලකුණු මාරුවෙන් මාරුවට පිහිටයි.කුඩා කාලයේ දී මතුපිටද සුදු පාට වුවත් වයස්ගත වන විට එය නැති වී යයි.තෙත් කලාපයේ ජීවත් වේ.අනිත් විෂ රහිත සර්පයන් ආහාරයට ගනියි.වරකට බිත්තර 5ක් පමණ දමයි.ශරීරය කළු හා සුදු තීරු වලින් යුක්ත ය. මෙම සුදු තීරු මුදු මෙන් පිහිටා ඇත. වයස්ගත වන විට මෙම මුදු නැති වී යයි.විෂ ඉතා උග්‍රය.තෙල් කරවලාගේ විෂට සමානය.
6.නාගයා(Cobra)-(Nana naja)
අප රටේ උස් කදුකරයේ හැර අනෙක් සෑම තැනම බහුලව දැකිය හැක.දිවාචර වන මෙම සර්පයා රාත්‍රි කාලයේ දී ක්‍රියාශීලීය.කෂණයකින් කිපෙන නාගයා එවිට නම පෙන ගොබය විහිදුවයි.එවිට වේගයෙන් හුස්ම ගනිමින් ශබ්දයක් පිට කරයි.මෙම කරුණු දෙකම අනතුරු හැඟීවීමේ සංඥා වන්නේය.වරකට බිත්තර 5-25ක් අතර සංඛ්‍යාවක් දමන අතර මීයන්,ගෙම්බන් මෙන්ම අනික් සර්පයන්ද ආහාරය ලෙස ගනී. කදේ හා වලිගයේ ලා දුඹුරු පැහැයේ සිට අළු මිශ්‍ර කළු පැහැය දක්වා වෙනස් වේ.ලා දුඹුරු සහිත කහ පාටින් හා සුදු පාටින් යුක්ත නාගයන්ද ඇත.අඩි 6ක් පමණ දිගට වැඩේ.
7.දෙපත් කළුවා
(Sri Lanka Coral Snake)-(Caliophis melanurus)
ශ්‍රී ලංකාවෙන් හා ඉන්දියාවෙන් වාර්තාවේ ශ්‍රී ලංකාවේ දී පළමුවෙන්ම වාර්තා වූයේ මාතලෙනි.උග්‍ර විෂ සහිත වුවද මිනිස්සුන්ට හානිකර නොවේ.සතා ඉතා කුඩා නිසා මිනිසෙකුට දක්ෂ කළ නොහැකියි.ශරීරයේ හිස සහ වලිගය දෙපස කළු පැහැති රේඛා දෙකක් ඇති බැවින් දෙපත් කලුවා ලෙස නම් කර ඇත.ශරීරයේ පෘෂ්ඨීයව අළු වර්ණයක් ඇත.සෑම කොර පොත්තකම දුඹුරු පැහැයට හුරු කළු තිතක් ඇත.හිස කළු පැහැතිය.හිසෙහි පාර්ශවික කපාල අස්ථි දෙකෙහි සුදු පාට පුල්ලියක් බැගින් පිහිටා ඇත.ඒවා ව්‍යාජ ඇස් ලෙස ක්‍රියා කරයි.එය සතුන්ගෙන් ආරක්ෂා වීමට උපක්‍රමයක් ලෙස යොදා ගනී.
8.පොලොන්තෙලිස්සා
(Hump-nose viper)-(Hupnale hypnale)
නිශාචර සතෙකි.කෝපි,රබර්,කොකෝවා,කරදමුංගු,පොල්වතු වල සහ කැළෑ ආශ්‍රිතව බහුලව දැකිය හැක.කිපුණු විට වලිගය අග සොලවති.මොවුන් යම් පෘෂ්ඨයක ලැග සිටින විට අංශක 45ක් පමණ උඩට ඔසවා සිටීම විශේෂ ලක්ෂණයකි.මී පැටවුන්,ගෙම්බන් සහ හූනන් ආහාරයට ගනියි.වරකට පැටවුන් 5-15ත් අතර සංඛ්‍යාවක් බෝ කරයි.අප රටේ බහුලව සර්ප දෂ්ඨන වාර්ථා වන්නේ මෙම සතුන් නිසාය.මොවුන්ගේ වර්ණ වෙනස්කම් රාශියකි.එහෙත් පොදුවේ සියලු දෙනාගේම පිට මතුපිට කළු හෝ දුඹුරු පාට පුල්ලි පේළි දැකිය හැක.සාමාන්‍ය දිග අඩි 1ක් පමණය.ත්‍රිකෝණාකාර හිස,ඇස සහ නාසය අතර ඇති ලෝරියල් සිදුර සහ උඩ හනුවේ ඉදිරි කෙලවර උඩට එසවී ඇති තුණ්ඩය මගින් මොවුන් හදුනාගත හැක.
No comments:
Post a Comment