Pages

Sunday 10 October 2021

දේශීය දුර්ලබ මසුන්

ලංකාවෙන් අපනයනය නීතියෙන් තහනම් කර ඇති මිරිදිය මත්ස්‍ය 

                                              විශේෂ        

ශ්‍රී ලංකාවේ විදේශීය රටවල් වෙත අපනයනය කිරීම තහනම් කර ඇති මිරිදිය මත්ස්‍ය විශේෂ ගණනාවක් ඇත.

ඉන් කිහිපයක් පිළිබද තොරතුරු පහත සදහන් වේ.


1.අසෝක පෙතියා 

විද්‍යාත්මක නාමය : Puntius asoka

          හැදින්වීම : මෙම මත්ස්‍යයා 10-17cm පමණ විශාලව වර්ධනය වේ.ශරීරය දිගටි ස්වරූපයක් ගන්නා  අතර  ලා රත් පැහැති වර්ණයකින් යුක්ත වේ.මෙම මත්ස්‍යයා අපනයනය කිරීම තහනම් කර ඇත.


2.දුම්බර පෙතියා

විද්‍යාත්මක නාමය : Puntius martenstyni

හැදින්වීම : ශ්‍රී ලංකාවේ ඒක දේශික මත්ස්‍යයකු වේ.මෙම මත්ස්‍යයා 14-20cm දක්වා වර්ධනය වේ.වදවී යාමට ආසන්න රතු දත්ත ලැයිස්තුවේ සදහන් වන මත්ස්‍ය විශේෂයකි.


 3.තඹලයා

         විද්‍යාත්මක නාමය : Labeo porcellus

හැදින්වීම : ශ්‍රී ලංකාවේ ඒක දේශික මත්ස්‍යයකු නොවන නමුත් දේශීය මත්ස්‍යයකු ලෙස සැලකේ.මෙම මත්ස්‍යයා සාමාන්‍යයෙන් 30-35cm පමණ විශාලව වර්ධනය වෙයි.ශ්‍රී ලංකාවේ වියළි කලාපය ආශ්‍රිතව ඇති ජලාශවල මෙම මත්ස්‍යයා දක්නට ලැබේ.

4.බන්දුල පෙතියා

          විද්‍යාත්මක නාමය : Puntius bandula

 හැදින්වීම : ශ්‍රී ලංකාවේ ඒක දේශික මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා තෙත් කලාපය ආශ්‍රිතව දැකගත හැකිය.නොගැඹුරු ජලයේ ශාක පත්‍ර යටට වී ජලාශයේ පත්ලේ සිටින මත්ස්‍යයෙකි.4cm පමණ විශාලව වර්ධනය වන නමුත් විසිතුරු මත්ස්‍යය කර්මාන්තයේදී මෙයට වඩා විශාලව වර්ධනය වූ මත්ස්‍යයන්ද දැක ගත හැකිය.හිස සහ ශරීරය හැකිලුනු ස්වභාවයක් පෙන්වන අතර උදරය ප්‍රදේශය රවුම් වූ ස්වරූපයක් ගනී.මෙම මත්ස්‍යයා රතු වර්ණය හා පාර්ශ්වික පාදානය ආසන්ව,ගුද වරල අවසානය ආසන්නයේ වූ කඵ පැහැති වර්ණවත් තීරු දෙක නිසා අනෙක් මත්ස්‍යයන්ගෙන් වෙන් කර ගත හැකිය.පුෂ්ඨීය වරල,වලිග වරල හා ශ්‍ර‌ෝණි වරල කඵ පැහැතිය.


5.කට රතු වැලි ගොව්වා 

විද්‍යාත්මක නාමය :Schismatogobius deraniyagalai

හැදින්වීම : ශ්‍රී ලංකාවේ ඒක දේශික මත්ස්‍යයකු වන මෙම මත්ස්‍යයා ගංගා ආශ්‍රිතව ඇති වැලි සහිත නොගැඹුරු ජලය තුළදී දැකිය හැකිය.රළු වැලි හෝ බොරළු තැන්පත් වී ඇති ස්ථානවල සිටිනු දැකිය හැකි අතර අනතුරැදායක අවස්ථාවලදී එම ස්ථාන හාරා ඒවා තුල සැගවේ.සාමාන්‍යයෙන් 3.5-4.5cm පමණ විශාලව වර්ධනය වේ.ශරීරය කොළ පැහැයට හුරු දුඹුරු පැහැ වර්ණයක් ගන්නා අතර ශරීරය කොරල රහිතය.වලිග වරල හා ලය වරලෙහි හරහට විහිදී යන කළු පැහැති ලප සහිත ඡේද 4-5ක් පමණ ඇත.ආටීමියා හා මදුරු කීටයන් ආහාර වශයෙන් ලබා දිය හැකිය.


6.පතිරණ සාලයා

 විද්‍යාත්මක නාමය :Danio pathirana

          හැදින්වීම : ශ්‍රී ලංකාවේ ඒක දේශික මත්ස්‍යයකු වන අතර 6cm දක්වා වර්ධනය වේ.පෘෂ්ධීය කොටස අළු   පැහැයක් ගන්නා අතර ශරීරය පාර්ශවික නිල් පැහැති තීරු 7-11 පමණ විහිදී ඇත.මෙම මත්ස්‍යයන් බොරලු හෝ දිය පහරට හසුව ගෙවී ගිය ගල් වලින් සමන්විත අළ,දාළ,ගංගා ආශ්‍රිතව හමුවේ.

7.හල්මල් දණ්ඩියා

 විද්‍යාත්මක නාමය :Rasbora vaterifloris

 හැදින්වීම :අප රටේ ඒක දේශික මත්ස්‍යයකු වේ.නොගැඹුරු:පිරිසිදු,සෙවන සහිත මඩ හෝ කොළ රොඩු තැන්පත්ව ඇති දිය පහර ආශ්‍රිතව වාසයට ප්‍රිය කරන මෙම මත්ස්‍යයා 4cmක් දක්වා වර්ධනය වෙයි.ශරීරයේ පෘෂ්ඨීය කොටස කොළ/දුඹුරු හෝ දම් පැහැයට හුරු වර්ණය ඇත.පෘෂ්ඨය වරල,වලිග වරල තැඹිලි පැහැති ය.වරල් වල පැහැය සල් මලෙහි පාටට හුරුව ඇති නිසා සිංහල නාමය වන හල්මල් දණ්ඩියා නම ලැබී ඇතැයි සැලකේ.ස්වභාවික පරිසරයේදී කුඩා කෘමීන් වර්ග හා දිරාපත් වන කාබනික ද්‍රවය ආහාරයට ගනියි.


No comments:

Post a Comment