Pages

Thursday 21 October 2021

අපූරු වලිග ඇත්තෝ

 1.ලීමර්

මැඩගස්කරය නිජබිම කර ගත් වානර පවුලේ සාමාජිකයෙකු වන කළු සුදු මුදු හැඩැති වලිග ඇති රිංග් ටේල් ලීමර් දහවලට ක්‍රියා කරන සතෙකි. බිම මත රැදෙන මොවුන් ඇවිදින විට වලිගය උඩට එස වී තිබේ. සටන්වලදී ලීමරයා උගේ උරහිස්වල පිහිටා ඇති ගන්ධ ග්‍රන්ථිවල වලිගය අතුල්ලා හිසට ඉහළින් ඔසවා ගඳ මුදා හරි.

2.අශ්වයා

ශ්වයා ට ඇත්තේ කෙස් සිය ගණනකින් සෑදුණු ඝනකම් දිගු වලිගයකි. ඌ එය මැස්සන් මදුරුවන් පලවා හැරීමට යොදා ගනී. ශරීරයේ කොදු ඇට පේළියේ අවසන් කොදු ඇට 15 ක් පමණ මේ වලිගය ට අයත් ය. අශ්වයා ඇවිස්සුනු විට ඌ වලිගය උඩට ඔසවා ගනී. වලිගය කසයක් මෙන් චලනය කරන්නේ නම් අශ්වයා සිටින්නේ කෝපයෙන් හෝ වේදනාවෙනි.


3.ආමඩිල්ලා

ආමඩිල්ලා ගේ මුළු සිරුරම ගනකම් කොරපොතු ආකාර ව්‍යුහයකින් ආවරණය වී ඇත. ඒ උගේ ආරක්ෂාවට ය. උගේ වලිගය ද ශරීරයේ මෙන් ඝන සමෙන් සෑදී සවිමත් පොතුවලින් ආරක්ෂා වී ඇත.

4.බීවරයා

රෝම රහිත, කොරපොතු සහිත එකට බැදුණු දැල් වැනි ව්‍යුහයකින් සෑදුණු පාදවලින් පිහිනීමේදී, බීවරයා ගේ වලිගය සුක්කානමක් සේ ක්‍රියා කරයි. සගයන්ට අනතුරු ඇඟවීමට වලිගයෙන් ජලය මතුපිටට පහර දේ.

5.මකුළු වදුරා

දකුණු ඇමරිකානු වැසි වනාන්තරවල තුරු ලතා අතර ජීවත් වන මොවුන් ගේ වලිගය ශක්තිමත් ය. ගසින් ගසට ගමන් කිරීමේදී අත් පාවලට අමතරව වලිගය ද ගස්වල අතුවල ඔතා ගනී.

6.අලියා 

ගොඩබිම වසන විශාල ම සත්ත්වයා වන අලියා ට අග බුරුසුවක ආකාරයේ ඝණකම් කෙස් සහිත වලිගයක් පිහිටා ඇත. අලි රංචුවක් එකා පසුපස එකා ගමන් කිරීමේදී ඉදිරියේ යන අලියා ගේ වලිගය වටා හොඬවැල පටලා ගැනීම පුරුද්දකි.



No comments:

Post a Comment