Pages

Thursday 21 October 2021

සතුන්ගේ සංචරණ රටා

1.ආක්ටික් ටර්න්

පක්ෂීන් අතරින් ලෝකයේ වැඩිම දුරක් පියාඹන්නා ලෙස නම් දරා ඇත්තේ ආක්ටික් ටර්න් (ArcticTern) නම් පක්ෂියාය. මෙම කුරුල්ලෝ සෑම වසරකම ශිත සෘතුවට පෙර ආක්ටික් ධ්‍රැවයේ සිට ඇන්ටාක්ටික් ධ්‍රැවය දක්වා පියාසර කරති. මොවුන් මෙසේ පියාසර කරන දුර ප්‍රමාණය කිලෝමීටර් හතළිස් දහසක් පමණ වේ.

2.පාත්තයා

පාත්තයා ද ජලාශ්‍රිතව ජීවත්වන පක්ෂියෙකි. ලෝකයේ වඩාත් ඉහළින්ම ජීවත්වන පාත්තයා පටි හිසැති පාත්තයා ලෙස හඳුන්වයි. මොවුන් හිමාල කඳු මුදුන ද ඉක්මවා සංචරණයේ යෙදෙන බව හඳුනාගෙන තිබේ.

3.වොලස්ගේ පාවෙන ගෙම්බා

ගෙම්බන් පැන පැන ගියත් හරි අපූරු ගෙබි විශේෂයක් මලයානු අර්ධද්වීපයෙන් සොයාගෙන ඇත. ඒ වොලස්ගේ පාවෙන ගෙම්බාය.Wallaces Flying Frog මෙම ගෙම්බාගේ විශේෂත්වයට හේතුව පූර්ව සහ අපර ගාත්‍රාවල ඇගිලි අතර විශාල බැදී පවල පිහිටා තිබීමය.

 4.හම්බාවා 

හම්බාවා ද ක්ෂීරපායි සත්ත්වයෙකි. මොවුන්ට පියාසර කළ නොහැකි නමුත් යම් දුරක් පාවී යාමේ හැකියාව ඇත.ඒ සඳහා උපයෝගී කරගනුයේ මොවුන් පූර්ව ගාත්‍රයේ සිට අපර ගාත්‍ර දක්වා විහිදී ඇති චර්මීය පටලයයි. ගාත්‍ර දිග හර්න විට එම චර්මීය පටලය දිස් වේ. අපේ රටේ හම්බාවන් විශේෂ සිටිය ද වැඩි වශයෙන් දැකගත හැකි වන්නේ අග්නිදිග ආසියානු කලාපීය රටවලය.

5.පාවෙන හූනා 

හූනන් අප කවුරුත් දැක ඇත. එහෙත් මේ පවසන්නේ පාවෙන හූනකු පිළිබඳය. ප්ටික්කෝසෝන් (Ptychozoon) ගණයට අයත් හුනු විශේෂය පාටීයාමේ අපූරු හැකියාවක් සහිතය. මේ හූනන්ගේ ද, ඇඟිලි අතර වය පටලයක් ඇත. මෙම වර්මීය පටලය දිග හරිමින් උස් ස්ථානවල සිට පහළට පාවීමේ හැකියාවක් ඇත. මේ හුනන් හට පාවීයාමට ආධාරකයක් ලෙස වලිගය ද උපකාරී වේ.

6.පෙරි කුරුලු ගොයා

ගොදුරක් දුටු සැණින් වේගයෙන් හඹායාමේ දක්ෂයා පෙරි කුරුලු ගොයා (Peregrine Falcon) cs. පැයට කිලෝමීටර් දසීයයක් පමණ වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ඇත.

7.පියාමැස්සන්

පියාමැස්සෝ මත්ස්‍ය විශේෂයකි. ජලයෙන් ඉහළට පැන වායව අතරට පැමිණිය හැකි වුවත් රඳා සිටීමට නොහැකි ය.


8.වවුලා 

වවුලා ක්ෂීරපායි සත්ත්වයෙකි. වවුලා පියාසර කළ ද පියාපත් නොමැත. මොවුන්ගේ පූර්ව ගාත්‍රවල චර්මීය පටලයක් පිහිටයි.එය පියාපත් මෙන් ක්‍රියා කරයි. දිවා කාලයේ ගස් මුදුන්වල උස්ථානවල එල්ලී සිටින අතර රාත්‍රියේ සංචරණයේ නියැලේ.



No comments:

Post a Comment