Pages

Sunday 10 October 2021

විසිතුරු ජලජ පැළෑටි වගාව

 ශ්‍රී ලංකාවේ පවතින පරිසර තත්ත්ව මත වගා කළ හැකි ජලජ පැළෑටි කිහිපයක් හා ඒ පිළිබද තොරතුරු පහත                                                සදහන් වේ.

1.අල්ටනෙන්තෙරා
2.ලුජිවීජියා
3.කැබොම්බා
4.වැලිස්නේරියා
5.ජපන් ජබර
6.රොටාලා
7.ක්‍රිප්ටොකොරයින්
8.කෙකටිය

1.කෙකටිය(Aponogeton crispus)

බීජ මගින් ප්‍රවාරණය වන ජලජ පැළෑටියකි.22-28°C උෂ්ණත්වය යටතේ වගා කළ හැකි ජලජ පැළෑටියකි.කෙකටිය වර්ග කිහිපයක් ශ්‍රී ලංකාව තුළ ඇත.පත්‍රවල පැහැය ලා කොළ,තද කොළ සිට දුඹුරු දක්වා වේ.පත්‍ර සිහින්ය.
2.හයිඩ්‍රිල්ලා(Hydrilla/Vertillata)

වර්ධනය වීමට හොදින් ආලෝකය අවශ්‍ය වේ.මධ්‍යම හෝ පූර්ණ සූර්යාලෝකය යටතේ වර්ධනය වන මතුපිට ගිලී වැඩෙන ජලජ පැළෑටියකි.කද කුඩා කොටස්වලට කපා ඍජුව හ සිටුවීම සිදු කරයි.කද පහසුවෙන් කැඩී යා හැකි බැවින් අස්වනු නෙලීමේ දී ප්‍රවේසම් විය යුතුය.
3.බුදු රැස් පාසි(Cabomba piauhyensis)

පූර්ණ සූර්ය තාපය යටතේ ගිලී වැඩෙන ශාකයකි.එනම් මෙම පැළෑටිය වර්ධනය වීමට හොදින් ආලෝකය අවශ්‍ය වේ.ශාක පත්‍ර වර්ණය කොළ සිට රතු පැහැය දක්වා වෙනස් වේ.අතු කැබලි මගින් ප්‍රචාරණය කර ගත හැකිය.පහසුවෙන් මුල් අද්දවා ගත හැකිය.
4.Water cress(Cardamine lyrata)

චීනය,ජපානය වැනි රටවල සම්භවය සිදු වූ බව සැලකේ.ඉහළට පැතිරී වැඩෙන ජලජ පැළෑටියකි.පත්‍ර රවුම් ආකාරයක් ගනී.ජලයේ උෂ්ණත්වය 18-22°C පරාසයක දී වගා කළ හැකිය.පැළෑටියෙහි උපරිම උස 40cm පමණ වේ.අග්‍රස්ථ අංකුර කැබැල්ල වෙන් කර රෝපණ මාධ්‍යයක වගා කර ප්‍රචාරණය කර ගත හැකිය.
5.Oakfern(Ceratopteris cornuta)

චීනය තුළ සම්භවය වූ බව සැලකේ.ජලයේ පාවෙන පැළෑටියකි.පත්‍ර ගොනු ලෙස සැකසී ඇත.22-28°C උෂ්ණත්ව පරාසයක පහසුවෙන් වගා කළ හැකිය.පැළෑටියක උපරිම උස 50cm පමණ වේ.මාසයකට පත්‍ර 2-3ක් පමණ වර්ධනය වේ.පදුරෙන් වෙන් කර ගන්නා ලද පැළ සිටුවීමට යොදා ගනී.
6.Cryptocoryne(Cryptocoryne ciliata)

නැගෙනහිර සහ දකුනු ආසියාව තුළ සම්භවය වී ඇත.දිගැටි වූ ශාක පත්‍ර තද කොළ පැහැතිය.අනෙක් ජලජ පැළෑටිවලට වඩා ආලෝකය අවශ්‍ය වේ.ලවණ සහිත ජලය තුළ වුවද වගා කළ හැකිය.22-28°C උෂ්ණත්ව පරාසයක වගා කළ හැකිය.පැළෑටිය 40-50cm දක්වා උසකට වර්ධනය වේ.ධාවක කොටස් මගින් රෝපණය කර ගනී.

7.Water Pest(Elodea densa)

ශාක කදෙහි එක් ස්ථානයක පත්‍ර 3-5ත් අතර ප්‍රමාණයක් ඇත.0-28°C උෂ්ණත්ව පරාසයක වගා කළ හැකිය.පැළෑටිය 10cm පමණ උසකට වර්ධනය වේ.සිටුවීම සදහා භාවිත කරන්නේ අග්‍රස්ථයෙන් වෙන් කර ගත් අතු කැබැල්ලකි.

8.Hemiografis Narrow Leaf(Hemiographis spp)

දකුණු ඇමරිකාව තුළ සම්භවය ලබා ඇත.ශාකයේ පත්‍ර අක්‍රමවත් හා පටු ආකාරයට වර්ධනය වේ.වැඩීමට සුදුසු ජලයේ උෂ්ණත්වය 18-22°C පරාසය වේ.ශාකය 25cm දක්වා උසකට  වර්ධනය වේ.වර්ධක කොටස් මගින් රෝපණය කරගත හැකිය.



No comments:

Post a Comment