Pages

Sunday 24 October 2021

දියේ උපන් ජලජ පැළෑටි

1.නිල් මානෙල්-Blue Water Lily(Nymphaea stellata)

අපේ රටේ ජාතික පුෂ්පය ලෙස හඳුන්වන නිල් මානෙල් ජලජ පැළෑටියකි. මෙහි පත්‍ර ජල තලයේ මතුපිට පාවෙයි. මල් ඉන් ඉහළට එස වී හටගනී. මෙහි මූල පද්ධතිය ජලයේ ගිලී තිබේ.


2.අතිඋඩයන්-Water Trumpet(Cryptocoryne)

ළා දම් පැහැති දුඹුරු පැහැ පළල් පත්‍ර සහිත ජලජ ශාකයකි. මෙහි මුල් පසට සවි වී පවතී.

 3.කුමුදු-Kumudu/water snowflake(Nymphoides Indica)

මෙය රාත්‍රියට පිපෙන ජලජ ශාකයකි. පත්‍ර සහ මල් ජල මට්ටමෙන් ඉහළට පැමිණේ.මූල පද්ධතිය ජලයේ ගිලී පවතී.

4.නෙළුම්-Lotus(Nelumbo nucifera)

නෙළුම් මඩ සහිත ජලයේ හටගන්නා ඉතා අලංකාරවත් පුෂ්පයකි. සුදු හා රතු නෙළුම් මල් හටගනී. ජලය මත පාවෙන ආකාරයෙන් පත්‍ර පිහිටයි.

5.ලුණුවිල-Water Hyssop(Bacopa monnier)

ජලය ගලා නොයන ජලය රඳන ස්ථානවල දැකගත හැකියි. ඖෂධීය වටිනාකමකින් යුත් ජලජ ශාකයකි.


6.ඔිලු-Water lily(Nymphaea pubescens)

ඕලූ පත්‍ර ජලයේ මතුපිට පාවෙන අතර මල් ජලයෙන් ඉහළට පැමිණ පිජේ. ඕලු පැළයේ මුල් ජලය යට ඇති මඬට සවිවී පවතී.

7.ලීනි-Linnea(Echinodorus cordifolius)

මේ ලීනි පැළෑටිය වර්ධනය වන්නේ ජල පද්ධතියේ පහළ ස්ථරයේ ය. පත්‍ර පළල් ලෙස වර්ධනය වේ. විහිදී යන මුල් පද්ධතියක් තිබේ.

8.කෙටල-Araceae(Lagenand thwailtesii)

ජලාශ්‍රිත ගොඩබිමේ මෙන්ම ඉවුරු ආශ්‍රිතව වර්ධනය වේ. දිගැති කොළ හටගන්නා පඳුරු විශේෂයකි.

9.කොහිල-Lasia(Lasia spinosa)

නොගැඹුරු ජලයේ හටගන්නා කොහිල ආහාරයක් මෙන්ම ඖෂධීය ගුණයෙන් යුක්තයි.


10.ලිම්නොකාරිස්-Yellow Velvetleaf(Limnocharis flava) 

මෙම ශාකයත් බහුල ලෙස දක්නට ලැබේ. ජලය ආශ්‍රිත ගොඩබිම් ප්‍රදේශවල වර්ධනය වනු ඇත. සෙ.මී. 20-40 පමණ උඩට වැඩේ. කෙටි, ඝන මෙන්ම ඍජු රෛසෝමීය කඳක් තිබේ.

11.දිය ගෝවා-Water Lettuce(Plstia stratiotes)

ජලය මත නිදහසේ වර්ධනය වන බහු වාර්ෂික ශාකයකි. පත්‍ර මුදුය. නමුත් පත්‍ර ඝනකම්ය. ළා කොළ පැහැති පත්‍ර ගෝවා කොළවලට සමානයි. සුදු පැහැ කේශාකාර කෙඳිවලින් ආවරනය වූ පත්‍ර වාතය රඳවා ගෙන ශාකය වර්ධනයට උදව්වේ. මුල් දිය යට පාවෙමින් පවතී.

12.ජපන් ජබර-Water Hyacinth(Elchhormia crassipes)

මේ ශාකයද ජලයේ ගිලී පවතී. පත්‍ර ජල මතුපිටින් ඉහළටවිත් නිදහසේ පාවෙමින් පවතී. බහුවාර්ෂික ශාකයක් වන මෙය මුල් රහිතව ද දැකගත හැකිය. ඇතැම්විට මුල් කිහිපයක් පිහිටයි.

13.දිය හවරිය-Hornwort(Anthocerotopsida)

මේ ශාකයද ජලයේ ගිලී පවතී. පත්‍ර ජල මතුපිටින් ඉහළටවිත් නිදහසේ පාවෙමින් පවතී. බහුවාර්ෂික ශාකයක් වන මෙය මුල් රහිතව ද දැකගත හැකිය. ඇතැම්විට මුල් කිහිපයක් පිහිටයි.

14.නිල් මොණරැස්ස-Greater Bladderwort(Utricularia moniliformis)

නිල් මොණරැස්ස ද ජලයේ ගිලී පවතින මාංස භක්ෂක ජලජ ශාකයකි. නොගැඹුරු ජලයේ වර්ධනය වේ. මෙය ජලයේ පාවෙමින් හෝ මඩට සවි වී තිබේ. ශාකයේ කඳ මත කුඩා ආශයක හැඩැති උගුල් ඇත. එම උගුල් යොදා කෘමීන් අල්ලා ආහාරයට ගනී.

15.හයිඩ්‍රිල්ලා-Hydrilla(Hydrila verticillata)

මෙය ද ජලයේ ගිලී තිබෙන ශාකයකි. ශාකය ජල පෘෂ්ඨය මතට වර්ධනය වී ඝනකම් පඳුරක් සේ ස්තරයක් සාදයි. මෙහි අතු බෙදී යන දිගු කඳක් සහිතය. 

16.වල් අලකොළ-Taro Colocasaia(Esculenta)

මෙය වගුරුබිම්වල දක්නට ලැබෙන ආක්‍රමණික ශාකයකි. මර්දනය කිරීමට අපහසු තවත් ජලජ ශාකයක් ලෙස හඳුනාගෙන ඇත.

17.සැල්වීනියා-Salvinia(Salvinia molesta)

ජලය මත නිදහසේ පාවෙන ජලජ ශාකයකි. අතු බෙදුණු තිරස් කඳක් ඇත. කඳෙහි සෑම පුරුකක් මතම පාවෙන කොළ පැහැති ඕවලාකාර කේශ සහිත පත්‍ර යුගලක් පිහිටයි.

19.වැලිස්නේරියා-Vallisneria(Vallisneria spiralis)

මේ ශාකය ජලයේ ගිලී පවතී. පත්‍ර තීරු ආකාරයෙන් වර්ධනය වේ. මෙම තීරු පත්‍ර විය පඳුරක් ලෙස ජලය තුළ වැඩේ.


ඔබට පරණ Post බැලීමට අවශ්‍යනම් Older Post මත ක්ලික් කරන්න.


 

 

2 comments: