Pages

Friday 22 October 2021

විවිධ හැඩැති ගස්

 1.කූඩයක හැඩැති ගස්(Globe Shaped Trees)

මෙම ගස්වල උසැති අතු විහිදී ගොස් ඉහළ අහසේ වියනක් මෙන් දිස් වේ. එවිට එය පෙනෙනුයේ හොඳින් දිග හරින ලද විශාල කුඩයක් මෙන්ය. 

උදාහරණ: ඇකේෂියා, මල් පිපෙන චෙර්, ඩ්‍රැගන් බ්ලඩ් ට්‍රී, CUTLEAF JAPANESE CHERRY, PALO VERDE

2.ගෝලයක හැඩැති ගස්(Spreading Trees)

මෙම ගස්වල පත්‍ර එක් වී මුදුන ගෝලයක හැඩයක් මතු කරයි. මෙම ගස්ද රවුම් හෝ ඕවලාකාර හැඩැති ගස්වල හැඩයට තරමක් දුරට සමානය. 

උදාහරණ: AMERICAN HORNBEAM, AMERICAN YELLOW WOOD, BLACK MAPLE

3.පැතිරුණු ගස්(Spreanding Tress)

මෙම ගස්වල අතුපතර හොඳින් විහිදී තිබේ. මෙම ගස්වල උසට වඩා ගසෙහි අතුවල විහිදීම වැඩිය. හොඳින් සෙවණ ලබා දෙන ගස් වර්ගයකි. උද්භිද උද්‍යානවල බහුලව වචන ගස් වර්ගයකි.

 උදාහරණ : චෙරි, ඔලිව්, GUANGO, MIMOSA, JACARANDA

4.අක්‍රමවත් ගස්(Irregular Trees)

ගස්වලට විධිමත් හැඩයක් නොමැත. අක්‍රමවත්ව කිසියම් පිළිවෙලක් නොමැතිව එහි අතු සහ පත්‍ර වැඩෙයි. 

උදාහරණ : සිල්වර් මේපල්, ඈෂ් ට්‍රී, TITARIAN MAPLE, CURLY WILLOW, HONEY MESQUITE

5.කුලුනක හැඩැති ගස්(Colurmnar Shaped Trees)

මෙම ගස්වල හැඩය උසැති කුලුනුවලට සමානය. එනම් මෙහි කඳ සිලින්ඩරයක් වැනි වූ දිගු සහ පටු ස්වභාවයක් ගනී. ගසෙහි අතු ඉහළ සිට පහළට එකම ස්වරූපයෙන් යුක්ත වීම නිසා පටු ස්වභාවයක් හොඳින් පෙනෙයි. මේවා ඉහළට සෘජුව වැඩෙන නිසා ගෙවත්තක වැවීමෙන් ඉඩකඩ ඇහිරෙන්නේ නැත. කුඩා ඉඩක වුවත් සිටුවිය හැකිය. මාවත් දෙපස පේළියට සිටුවනු ලබන ගස් වර්ගයකි. 

උදාහරණ : ඉතාලියානු සයිපුස්, , පිරමීඩ් ඕක්, එමරල්ඩ් ග්‍රීන්

6.පිරමීඩ හෝ කේතු හැඩැති හැඩති ගස්(Pyramidal Or Conical Shaped Trees)

පතනශීලී ශාක ගණයට අයත් කේතුධර ගස් වර්ග සියල්ල මෙම සහ හැඩයෙන් යුක්තය. මෙම ගස් වල අතු පහළින් පළල්වන අතර ඉහළට යන විට අතු පළලින් අඩු වේ. එනම් ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. මේවා වැවීම සඳහා ගෙවත්තක ඉඩකඩ අවශ්‍යය. නත්තල් ගස් සෑදීම සඳහා භාවිත කරන දේවදාර ගස් මීට ප්‍රධානම උදාහරණයයි. BLUE SPRUCE, PIN OAK, FRASER FIR, WESTERN RED CEDAR, DEODOR CEDAR, LEYLAND CYPRESSE , LINDEN, WHITE FIR, BALD CYPRESS, SCOTCH PINE

7.වැලපෙන ගස්(weeping Trees)

මෙම ගස්වල ඉතා නම්‍යශීලී දිගු අතු ඇති අතර ඒවා ඉහළ සිට පොළොව දෙසට කඩා හැළෙන ස්වභාවයක් ගනී. මේ නිසා මෙම ගස් බිම බලාගෙන වැළපෙනවා මෙන් පෙනෙන බව පවසයි. ගෙවතුවල බහුලව වචන ගස් වර්ගයකි. මාවත් දෙපසද දැක ගත හැකි නමුත් මහ මගට ඉතා ආසන්නයෙන් වැවීම අනතුරුදායකය. එයට හේතුව එහි අතු පොළොව වසා පැතිර යාමයි. 

උදාහරණ : වීපිං විලෝ, වීපිං චෙර්, වීපිං මල්බෙරි, වීපිං පිග්ස්, වීජිං ලාර්ච්, වීපිං බීච් වීපිං විලෝ

8.විවෘත මුදුනක් සහිත ගස්(Open Trees) 

මෙම ගස් වර්ගයේ ඉහළට වන්නට විවෘත ස්වභාවයක් ගනී. 

උදාහරණ : ඇපල්, BLACK WALNUT, HONEYLOCUST

9.මල් බදුනක හැඩැති ගස්(Vase Shaped Trees)

මෙම ගස්වල හැඩය මල් බඳුනක හැඩයට සමාන ය. ගසෙහි අතු පහළින් පටු වන අතර අතු ඉහළට යන විට ක්‍රමයෙන් පළල් වේ. උඩුයටිකුරු කරන ලද ත්‍රිකෝණයක හැඩයට සමානය. වීදිවල මෙම ගස් වර්ග වවන්නේ ඒවායේ අතු මගින් පදිකයන්ට සහ රථවාහනවලට බාධාවක් නොවන නිසාය. 

උදාහරණ අමෙරිකානු එල්ම්, CHEPE MYBTLES, GREEN VASE ZELKOVA, JAPANESE ZELKOVA, KWANZAN CHERRY, GOLDEN RAIN TREE, DOGWOOD, GINK GO BILOBA

10.රවුම් හෝ ඔිවලාකාර හැඩැති ගස්(Round Or Oveal Shaped Trees)

මෙම ගස්වල පත්‍ර එක් වී ගසෙහි මුදුන රවුම් හෝ ඕවලාකාර හැඩයක් මතු කරයි. 

උදාහරණ: SUGAR MAPLE, BRADFORD PEAR, WHITE ASH, GREEN ASH, RED OAK







No comments:

Post a Comment