Pages

Wednesday 27 October 2021

වැලේ හැදෙන ගුණදායක එළවළු

1.කැකිරි-Kekiri 

විද්‍යාත්මක නාමය-Citrulus lanatus 

මෙය ද බහුරු ආධාරයෙන් වැඩෙන වැලකි. කඳේ නැමුණු කටු වැනි රෝම සහිතය. මල් කහ පැහැතිය. වියළි කලාපයේ සරුවට වැඩේ. මේවයේ සීනි කැකිරි ලෙස ද විශේ ෂයක් තිබේ. සමහර අය මේවාට සිහි හෝ පැණි දමා පලතුරක් ලෙසද ආහාර යට ගනී. කැකිරි ව්‍යාංජනය මුත්‍රා ගල් රෝගවලට ද ඉතා ගුණදායක වේ. පිළිස්සු කැකිරි බීජ මද ඇල්දියෙන් අඹරා හිසේ ආලේප කළ විට බලවත් හිසේ කැක්කුම සමනය වේ. කැකිරි ඇට අඹරා දියකර පානයක් ලෙස පානය කිරීමෙන් තිබහව සන්සිඳෙන අතර දහය දුරු වී ගත සිසිල් වේ.

2.අළු පුහුල්-Ash pumpkin 

විද්‍යාත්මක නාමය-Benincasa hispida 

බූවකින් වැසුණු කඳකින් හා පත්‍රවලින් යුත් වැලකි. මෙම වැල විශාල ඉඩකඩක් වෙන් කර ගනී. තරමක් ඕවල් හැඩයෙන් යුත් ගෙඩිය අළු සහිතය මෙය වියළි කලා පයේ බහුලව දැක ගත හැකියි. අළු පුහුල් ගෙඩි මෙන්ම ළපටි පත්‍ර ද මල් පොහොට්ටු ද ආහාරයට ගනී. පුහුල් යුෂ රසදිය, මධ්‍යසාර හා සර්ප විෂ සඳහා ප්‍රතිවිෂ නාශක ලෙස භාවිත කරයි. පුහුල් දඬු, යුෂ සීනි දමා පානය කිරීමෙන් සිරුර සිසිල් කරවයි. දියවැඩියාව, අපස්මාරය, උන්මාද රෝග හා ස්නායු රෝග සඳහා මහඟු ඖෂධයකි.

3.පිපිඤ්ඤා-Cucumis sativus

විද්‍යාත්මක නාමය-Cucumber 

මෙය බූව සහිත වැලක් ලෙස වර්ධනය වේ. ඉන්දියාව නිජබිම ලෙස සැලකේ. පිපිඤ්ඤා ගෙඩිය මෙන්ම දළු කොළ ද ආහාරයට ගනී. මේ වැලද වියළි කලාපයේ හොඳින් වැඩේ. පිපිඤ්ඤා යකඩ සහ කැල්සියම් වලින් පොහොසත් එළවළුවකි. විටමින් බී, සී, හා ජී මද වශයෙන් අඩංගු ය. කුඩා ළමුන්ට අතීසාරය වැළඳී ඇති විට ළපටි පිපිඤ්ඤා ගෙඩි ව්‍යාංජනයක් ලෙස පිළියෙල කරදීම අතීතයේ සිට සිදුකළ අත් බෙහෙතකි. ශරීරයේ ඌෂ්ණ ගතිය සමනය කරන්න, සමෙහි නිරෝගී බව රැකගන්න අමුවෙන් වුවත් ආහාරයට ගත හැකි එළවළුවකි.

4.කරවිල-Bitter gourd

විද්‍යාත්මක නාමය-Momordica charantia 

තිත්ත රසයෙන් යුක්ත වුවත් ඉතා ගුණදායක එළවළුවකි. කාරවල්ලී, කරවෙල්ල ආදී නම් වලින් ද හඳුන්වයි. රුධි රයේ සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවක් පවතින දියවැඩියා රෝගයට ඉතා ගුණදායක එළවළුවකි. පිත්තාශයේ හා අක්මාවේ රෝග සඳහා ද දිව ඔසුවක් වන් කරවිල පිළිකා නසන ගුණයෙන් යුක්ත බව පසුගියදා පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ. කරවිල ඇටය ද ඖෂධීය ගුණයෙන් යුක්ත අතර පිත්තාශයේ සහ අක්මාව ආශ්‍රිත ලෙඩ රෝගවලටද ගුණදායක වේ. වියළි කලාපයේ හොඳින් අස්වනු නෙළන භෝගයකි.

5.පතෝල-Snake gourd

විද්‍යාත්මක නාමය-Trichosanthes anguina 

පහුරු ආධාරයෙන් ඉහළට ඇදෙන මේ පතෝල වැළෙහි නිජබිම ඉන්දියාව ලෙස සැලකේ. සුදු පැහැ මල් හටගනී. පත්‍ර කොටස් තුනකට හෝ පහකට බෙදී තිබේ. පතෝල කරල් ව්‍යාංජන, සම්බෝල, මැල්ලුම් හා සලාද ලෙස විවිධාකාරයෙන් පිළියෙල කළ හැකියි. දිරවීම පහසු කරන ආහාරයක් බැවින් උණ රෝගීන්ට ගුණදායකය. මල බද්ධය දුරු කරන අතර ක්ෂය රෝගීන්ට ද ඖෂධීය ආහාරයකි.

6.තුඹ කරවිල-Small bitter gourd

විද්‍යාත්මක නාමය-Phaseolus lunatus 

තුඹ කරවිල වැල් නම් බොහෝ දෙනෙක් දැක නැතුව ඇති. මෙය සිහින් කඳක් සහිත වැලකි. පත්‍ර කොටස්වලට බෙදි විහිදී ඇත. මල් කහ පාටින් තනිව හට ගනී. තුඹ ගෙඩි ප්‍රමාණයෙන් කුඩා වන අතර ඉතා රසවත් ගුණදායි ව්‍යාංජනයක් ලෙස පිළියෙල කරගත හැකියි. තුඹ කරවිල ආහාර රුචිය වඩවන ව්‍යාංජනයකි. අනෙක් එළවළු මෙන් මෙය සෑම ප්‍රදේශයකම වගා කළ නොහැක. ඇදුම රෝගය සඳහා ද තුඹ කරවිල සුදුසු ය.

7.දඹල-Wing bean

විද්‍යාත්මක නාමය-Phaseolus lunatus 

වර්ග දෙකකින් යුතු දඹල වැල ඉහළට වැඩේ. අප්‍රිකාව වැනි නිවර්තන ප්‍රදේශවල බහුලව වගා කෙරෙන දඹල මල සුදු හෝ දම් පැහැයට හුරු ය. ළපටි දඹල කරල් ආහාරයට ගන්නා අතර මේ කරල් පැති හතරකට වෙන් කරන දර පිහිටා තිබේ. ප්‍රේටීන් බහුල ආහාරයක් වන දඹල ශරීර ශක්තිය දුර්වල අයට ඉතා ගුණදායකය. දඹල බීජ වුවද ආහාරයට ගත හැකි නම් ඉහළ පෝෂණ ගුණයක් ලබාගත හැකියි. දඹල ඇට ප්‍රෝටීන බහුල ධාන්‍ය වර්ගයකි.

8.මෑකරල්-Long bean

විද්‍යාත්මක නාමය-Vigna unguiculata 

මෙය ඉහළ වැඩෙන වැලකි. පත්‍ර තුනට බෙදී තිබේ. ක පැහැති මල් හට ගන්නා අතර කරල් සිහින් දිගටිව වැඩේ. ආමාශගත රෝගවලට මෑ කරල් හිතකරය. මුත්‍ර පිටකිරීමේ අපහසුතා මඟ හරවන අතර මෑ කරල් අසනීප තත්ත්වයෙන් පෙළෙන අයට පහසුවෙන් දිරවන එළවළුවකි. ඒ වගේම සෙංගමාය සඳහා ද ගුණදායක වේ.

9.වැටකොළු-Gourd

විද්‍යාත්මක නාමය-Luffa acutangula 

පුහුරු (වැළ උඩට නැගීමට ආධාර වන මුල් වැනි කොටස) මගින් ඉහළට වැඩෙන වැළකි. ළා කොළ පැහැති පත්‍ර විශාලය. වැටකොළු කරල දර සහිත නිසා දර වැටකොළු ලෙස ද හඳුන්වයි. සාමාන්‍යයෙන් වැටකොළු ගෙඩිය සෙන්ටි මීටර් 15 – 30 ක් පමණ දිගට වැඩේ. ළපටි ගෙඩි ආහාරයට ගනී. මෙහි දර සහිත කොටස ද සිහින්ව ලියා ආහාරයට එක්කර ගත හැකියි. අක්මා රෝග, රක්තාර්ශස් හා කුෂ්ට ආදී රෝග සඳහා වැටකොළු පත්‍ර අඹරා ආලේප කරයි. වැටකොළු මල කහ පැහැති පත්‍ර පහකින් යුක්තය.

10.වට්ටක්කා-Pumpkin gourd

විද්‍යාත්මක නාමය-Cucurbita maxima 

වට්ටක්කා බූව සහිත තරමක් විශාල පත්‍ර හටගන්නා විශාල වැලක් ලෙස වර්ධ නය වේ. මේ වැලට තරමක ඉඩකඩක් වෙන් කිරීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව වගා කරයි. වට්ටක්කා ගෙඩි මෙන්ම ළප පත්‍ර හා කඳ කොටසද මල් හා බීජ ද ආහාරයට එක් කරගනී. ළපටි කඳ කොසේ කැල්සියම්, යකඩ, පොස් පරස් හා විටමින් ඊ බහුලව අඩංගුය. වට්ටක්කා ගඩියේ ලෙල්ලේ ද කැල්සියම් අධිකය. එ නිසා කැල්සියම් ඌණතාවය ඇති අයට)ට්ටක්කා ඉතා ගුණදායක වේ. වට්ටක්කා බීජ යුෂ පටිපණු රෝගය සඳහා අඹරු දියර ඖෂධයක් ලෙස යොදා ගැනේ.



2 comments:

  1. මම අද දැනගත්තෙ මෙච්චර දේවල්

    ReplyDelete
  2. බොහොම වටිනවා

    ReplyDelete