Pages

Saturday 9 October 2021

මනහර විහගුන්

 1.ශ්‍රී ලංකා හබන් කුකුළා

Sri Lanka Spurfowl

 සෙමී. 33.

ලොවෙන්ම මෙරටට පමණක් සීමා වූ කුරුල්ලෙකි.

පිරිමි සතුන් ගේ දිළෙන රතු-දුඹුරු උඩු කය සහ කළු-සුදු යටි කය ඉතා පැහැදිලිය.කකුලේ පොරකටු හොදින් වැඩී ඇති අතර අති දිළෙන රතු පාටක් ඇත.ගැහැණු සතුන් දුඹුරු පැහැතිය.එතරම් දැකුම්කලු නැත.නිතරම වාගේ බිම වෙසේ.යුවළ සැදී දිවි ගෙවයි.උදයට නාද කිරීම ඔවුන්ගේ සිරිතකි.මොවුන් හදුනා ගැනීමේ හොදම අයුර නාදයයි.කටහඩ "විසි කිරීමේ"හැකියාවක් ඇති නිසා කුරුල්ලා බොහෝ විට සිටින්නේ හඩ නිකුත් කළ තැන නොව වෙනත් තැනකය.ගස් මත ලැගුම් ගනී.දිවිතුරාම එකම යුවළක් ලෙස හැසිරෙතියි විස්වාස කෙරේ.


2.ශ්‍රී ලංකා වලි කුකුළා

Sri Lanka Junglefowl

 සෙමී. 70 පිරිමි,සෙමී. 35 ගැහැණු

ලොවෙන්ම මෙරටට පමණක් සීමා වූ කුරුල්ලෙකි.

ගතේ පැහැය මගින් පැහැදිලිව හදුනා  ගත හැකිය.ගැහැණු සතුන් දුඹුරු පාටය.පැහැපත් නොවේ.ගැහැණු සතුන්ගේ තිත් සහිත පිල්කළඹ නිසා හබන් කුකුළන් ගෙන් වෙන් කර හදුනා ගත හැකිය.සුවැදි සමයේදී සිය වසම රැක ගන්නා අතර,නාදය මගින් වසමේ අයිතිය පළ කරයි.සුවැදි සමයෙන් බැහැරව නාද කිරීම අඩුය.නමුහුකුරු පිරිමි සතුන් නොබැදි රැළ ලෙසින් හැසිරෙති.වලි කුකුළෝ රැයේදී ගස් මත ලැගුම් ගනිති.සියලුම කලාපවල පැතිරේ.

3.මොනරා

Indian Peafowl

 සෙමී. 250 පිරිමි,සෙමී. 102-117 ගැහැණු

පැහැයෙන් සහ තරමක් පැහැදිලිව හදුනා ගත හැකිය.පිරිමි සතුන්ගේ පසු පස දැකිය හැකි දිගු පිහාටු වැනි කොටස යනු උඩු වලිග ඇවිරි මිස පිහාටු නොවේ.මෙය හැදින්වෙන්නේ ඇවිරිපිල යනුවෙනි.සුවැදි සමය අවසන් වීමත් සමග එනම් අවුරුදු පතා මේ පිහාටු හැලෙයි.ගැහැණු සතාට සෙබඩ යන නම වැහැරේ රැයේදී උස් ගසක ඉහළටම ගොස් ලැගුම් ගනී.පහතරට වියළි කලාපයේ පැතිරේ.එහි බෙහෙවින් දක්නට ලැබෙන්නේ වයඹ,නැගෙනහිර හා ගිනිකොන පෙදෙසිවලය.


4.රජ සියක්කාරයා

Greater Flamingo

 සෙමී. 127.

රෝස හා රතු පැහැ ගැන්වුණු සුදු පිල්කළබකි.පළමුවැරි පිහාටු සහ පිටත දෙවැරි පිහාටු කළු පටෙය.උඩු සහ යටි පියාපත් ඇවිරි රෝස හෝ ලේවන් රතුය.රෝසවත් රතු පැහැති සිග කකුල් ඇත.විසල් රැළ ලෙසින් සෑම විටම වාගේ සැරිසරයි.ගොසුරු සොයන වි​ට දිගු ගෙල දිය තුළට ඇතුළු කර,රැළ සැදී ගමන් කරන විලාසය "සී සෑමේ"හෙවත් "හීයක" යෙදීමේ ස්වභාවයක් පෙන්වයි.මොහු ගේ සිංහල නම ලැබී ඇත්තේ මේ අනුවය.කූනිස්සන් වැනි ඉතා කුඩා දියසුරුවන් බෙහෙවින් ආහාරයට ගනී.මේ ආහාරයේ කැල්සියම් හා පොස්පරස් වැඩි පමණින් තිබීම,කුරුල්ලා ගේ ගතේ පැහැය දිලිස් වීමට හේතුවයි.වැඩි කිවුලක් ඇති කළපුවල ගැවසේ.සුලබයි.නිහැරියෙකි.පහතරට වියළි කලාපයේ සීමා සහිත තැන්වල පැතිරේ.


5.ලතුවැකියා

Painted Stork

 සෙමී. 102.

දියැසුරුවන් අතර තරමක් ලොකු කුරුල්ලෙකි.පිහාටු රහිත කහ පාට හිසෙන් සහ මුහුණෙන් ද,නැමුණු කහ හොටෙන් ද හදුනා ගත හැකිය.රැළ සෑදී ආහාර සපා ගනී.ආහාර සදහා ගොදුරු සෙවීමේ දී හොටය ඇර,දිය තුළට ඔබා,ඉදිරියට ගමන් කරයි.සමහර විට පයෙන් මඩ කලතයි.ගොදුර මුළුමනින් ගිලියි.රැළ සැදී එක තැනක කූඩු සාදයි.කෝටුවලින් තනන ඇරුණු කූඩුවකි.වගුරු,වැව්,කුඹුරු,කළපුවල ගැවසේ.සුලබයි.සුවැදි නිවැසියෙකි.

6.අලි-මානාවා

Black-Necked Stork

 සෙමී. 132.

මෙරටේ උසින් වැඩිම කුරුල්ලාය.

මෑතක වන තෙක් රුහුණු ජාතික උයන් පෙදෙසේ කළපුවල පමණක් සීමා වූ මේ කුරුල්ලෝ 12-17ක පමණ ගණනක් සිටියහ.බස්නාහිර වෙරළේ ආනවිළුන්දාව වැව් ඇසුරේ "දුටු වාර්තා"ඇත.අතීතයේ උතුරු සහ ඊසාන දිග වෙරළේ කළපුවලින් වාර්තා වී තිබේ.මේ කුරුල්ලන් ඉන්දියාවේ සිට නිහරින බවට ද පිළිගැනීමක් විය.කූඩුවක් තවමත් සොයාගෙන නැත.වතුර,ගංගා,වැව් සහ කළපුවල ගැවසේ.ඉතා දුලබයි.සුවැදි නිවැසියෙකි.පහතරට වියළි කලාපයේ පැතිරේ.

7.අවිච්චියා

Indian Pitta

 සෙමී. 19.

නිහැරි කුරුල්ලන් අතුරෙන් ජනයා හොදින්ම හදුනන කුරුල්ලාය.

උඩු කය කොළ,නිල්,කළු සහ සුදු පැහැ ගනී.තැඹිලි.කළු සහ සුදු හිසකි.තද පාට හොටය.දිග කකුල්.කෙටි වලිගය.පියාසරද්දී දිළෙන කොළ සහ නිල් පාටක් දිස් වේ.පොදු වහරන නම ලැබී ඇතිතේ නාද කරන 'අ-විච්චියා' යන හඩ අනුවය.හුරු උදාවේදී සහ බැසීමේදී නාද කිරීම සිරිතකි.ගෙවතුවල සහ ලදු කැළෑවල අදුරු තැන්වල පැන පැන යයි.පොළොවේ ගමන් කරන වි​ට,වරින් වර වලිගය පාලිපෙයි.කැලෑ,ගෙවතු,වගා බිම්වල ගැවසේ.සුලබයි.නිහැරියෙකි.


8.පොල්කිච්චා

Oriental Magpie Robin

 සෙමී. 20.

මෙරටේ ගෙවල්බදව ඉතාම සුලබ කුරුල්ලාය.

යුවලක් ලෙසින් වෙසේ.රැයට අත්තක් මක හෝ ගොඩනැගිල්ලක හිඩැසක හෝ ලැගුම් ගනී.අඩක් වැසුණු කූඩුවකි.ගොඩනැගිල්ලක හෝ ගසක කුහරයක් තුළ කොළ රොඩු කෙඳි හා මුල්වලින් කුඩා කෝප්පයක් වැනි කූඩුවක් සාදා ගනී.තරමෙන් මිමී. 23 × 17 වූ දුඹුරු පාට තිත් විසිරී ඇති ලා මුහුදු නිල් බිත්තර 2-3ක් දමයි.ගෙවතු,ගෙවල්බද  කැලෑවල ගැවසේ.ඉතා සුලභයි.සුවැදි නිවැසියෙකි. සෑම කලාපයකම පැතිරේ.


9.කහකුරුල්ලා

Black-Hooded Oriole(Black-Headed Oriole)

 සෙමී. 25.

කවුරුත් දන්නා කහකුරුල්ලාය.

කළු හිස සහ දිළෙන කහ පැහැති ගත මොහු හදුනා ගැනීමේ ලකුණුයි.උඩු ළය සහ උගුර කළුය.පියාපත්වල සහ වලිගයේ කළු පැහැයකි.දිළෙන රෝසවත් හොටය.සුවැදි සමය ඔක්තෝම්බර් සිට මැයි දක්වා වේ.ඇරුණු කූඩුවකි.අතු අග කරුවක හෝ තිරස් අතු දෙකක් අතර හෝ පහතට එල්ලෙන කෝප්පයක් සේ කූඩුව තනන්නේ තණ රොඩු,කෙදි යනාදියෙනි.


10.ශ්‍රී ලංකා සැලළිහිණියා

Sri Lanka Myna(Sri Lanka Grackle)

 සෙමී. 25.

ලොවෙන්ම මෙරටට පමණක් සීමා වූ කුරුල්ලෙකි.

අති දිළෙන නිල්-කළු පිල්කළඹ.සිලුටු සොබාවක දම් පැහැයක් සහ කොළ පැහැයක් ද පිල්කළඹේ පවතී.මයිනෙකුට වඩා තරමක් ලොකුය.ගෙලෙසේ කහ පාට යටි මල් එක යුගලකි.සමාන රුවැති සැලළිහිණියාගේ මේවා යුගල දෙකකි.හොටය හා කකුල් දිළෙන තැඹිලි පාටක් ගනී.හොටයේ මුල කලු පාටක් ඇත.නුමුහුකුරු කුරුල්ලන්ගේ යටින් මල් කුඩාය.බොහෝවිට යුවළක් ලෙසින් හැසිරේ.එනමුත් පොදුවේ ආහාර සහිත තැන්වල රැළ ලෙසින් සිටීම සිරිතකි. වෙසෙසින් මේ තැන් ලෙස නුග,බෝ,සපු ආදී ගස් සැලකේ.සුරතල් කුරුල්ලෙකු සේ ඇතිකරනු ලැබෙතත් එය නීතියට පටහැනි ය.


 



No comments:

Post a Comment