Pages

Thursday 21 October 2021

ලොව විස්මයජනක සත්ත්ව හැකියා

 1.මෝරා

මෝරාගේ මොළයේ විශේෂිත වූ සෛල වර්ගයක් ඇති අතර, ඒවාට වෙනත් ජීවීන්ගේ ශරීරයෙන් නිකුත් වෙන ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයන් හඳුනා ගැනීමට හැකියාවක් ඇත. සංවේදී සෛල ඇති මෙම සත්ත්වයාට වැලි යට සැඟවී සිටින මාළුවකුගේ මාංශ පේශි චලනයෙන් හට ගන්නා විද්‍යුත් සංඥා හඳුනා ගැනීමටද හැකියාවක් පවතී.

2.මීයා

මීයාට ඇත්තේ දුර්වල දෘෂ්ටියකි. එහෙත් උගේ ඇති සංවේදී රැවුල හේතුවෙන් මීයාගේ එම අඩුපාඩුව මැකී යයි. මෙම රැවුල, අවට ඇති වස්තුවල වැදුන විට ඒවායේ අධි සංවේදීතාව හේතුවෙන් මීයාට තමන්ගේ වටපිටාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගොඩ නගාගත හැකි බව විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

3.බළලා

බළලාගේ ඇසේ කණ්ණාඩියක් මෙන් ක්‍රියාකරන තුනී සම් තට්ටුවක් පිහිටා ඇත. මේ හේතුවෙන් අඳුරු රාත්‍රී කාලයේදී පහසුවෙන් දඩයම් කිරීමටත්, ගමන් කිරීමටත් හැකියාවක් ඇත. Tapetun Lucidum” යන නමින් මෙම තුනී සම හඳුන්වයි.

4.සලබයා

සාහිත්‍යයේ සලබයා හැඳින්වෙන්නේ 'උඩු ගුවනේ ආදරය' යන නමිනි. කුඩා ලොම් සහිත මෙම සත්ත්වයාට ආදර සංඥා හඳුනා ගත හැකි අරුම පුදුම හැකියාවක් පිහිටා තිබේ. Pheromones’ යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය ආධාරයෙන් සලබයාට සැතැපුම් පහකට වඩා වැඩි දුරකින් සිටින විරුද්ධ ලිංගිකයකු විසින් නිකුත් කරන සංඥා හඳුනා ගැනීමට හැකියාව ඇත.

5.සංචාරක පක්ෂීන්

සංචාරක පක්ෂීන්ට තම ගමන් මග නිවැරදිව සොයා ගැනීමට හැකියාවක් ඇත. එනම් පක්ෂීන්ට සංවේදන හැකියාව ඇති බවත්, ඒ ආධාරයෙන් පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය මගින් ගමන් කරන ස්ථානය නිවැරදිව හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන බවත් විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.

6.කුඩා පක්ෂීන්

පක්ෂීන්ගේ දෙඇස්වලට මිනිසාට පෙනෙනවාට වඩා වැඩි පරාසයක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇත. ඒ ඔවුන්ට පරිබාහිර තරංග ආයාමයන් නිවැරදිව ගලපා ගැනීමට හැකියාවක් තිබෙන බැවිනි. මේ හේතුවෙන් කුරුල්ලන්ට මිනිස්සුන්ට නොපෙනෙන විකිරණ වර්ණ පවා පෙනෙන අතර, මෙම වර්ණ හඳුනා ගත හැක්කේ හබල් දුරේක්ෂය වැනි අතිශය සංවේදී යන්ත්‍රවලට පමණි.

7.පිඔුරා

ඇස් හා නාස්පුඩු අතර උෂ්ණත්වයට සංවේදී ඉන්ද්‍රියයක් පිහිටා ඇත. පිඹුරන් හා පොළොඟුන් වැනි උරගයන්ට ඔවුන් විසින් ගොදුරු කර ගන්නා සත්ත්වයාගේ උෂ්ණත්වය දැනගැනීමට හැකි අතර, අඳුරු සහිත අවස්ථාවන්හිදී සතුරන් හා ගොදුරු හඳුනා ගැනීමට එමගින් හැකියාවක් ලැබේ.


No comments:

Post a Comment