1.කැලිෆෝනියාවේ යොසිමිටි ජාතික වනෝද්‍යානය
වර්ග කිලෝමීටර් 3100 විශාල යොසිමිටි වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියරා නෙවාඩා කඳුවල බටහිරට වන්නටයි. ව අමෙරිකාවේ මුල්ම වනෝද්‍යාන අතරින් එකක්වන මෙය යෝධ සොකෝයියාගස්සහ වන උයනේ ජෛව විවිධත්වය නිසාම ලෝක අවධානයට ලක් වූවකි. 1984 දී ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත්කරන ලද මේ වන උයන තුළ උස මීටර් 600 - 4000 දක්වා උසට විහිදෙන කඳු ශිඛරහා පර්වත රාශියකින්සමන්විතයි. උස් කඳුකරය ඉහළ කඳුකර කලාපය, ඕක් වන කලාපය, ඝන අකුල් කලාපය ලෙස කලාප කීපයකට වෙන් කළ හැකි මෙම වනෝද්‍යානය තුළ මුළු කැලිෆෝනියාවේම දැකිය හැකි ශාක වර්ග හත්දහසක් පමණ වූ ප්‍රමාණයෙන් අඩක්ම පිහිටා ඇති බවට උද්භිද විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. ලොව ඉතාම දුර්ලභ ශාක විශේෂ 150 පමණ දැකිය හැකි අතරවනෝද්‍යානයට කිලෝමීටර්06ක පමණ දුරින් සැන්ෆ්‍රැන්සිස්කෝ සහ ලොස්ඇන්ජලීස් නගර පිහිටා තිබීමත් සුවිශේෂීතත්ත්වයකි. උතුරින්,ගිනිකොණින් හා ඊසාන දිශාවලින් පිළිවෙළින් එමිග්‍රාන්ට්, ඇන්සෙල් ඇඩම්ස් හා හුවර් යන කාන්තාර තුනට මැදිවී යොසිමිටි වනෝද්‍යානය පිහිටා තිබීම තවත් සුවිශේෂී කරුණකි. යොසිමිටි නිම්නයෙන් ගලා බසින "මර්සඩ් ගංගාව” හා “වර්නල් දියඇල්ල” යොසිමිටි නිම්නයට ආශිර්වාදයක් වන “එල්කැපිටන් ” නම් වූ විශාල කළුගල් පර්වත නිම්නයේ පිහිටි “සෙන්ටිනල් කඳු ශිඛරය" වනෝද්‍යානයේ ස්ථාන කීපයක ඇති “යෝධ සෙකෝයිසාගස් ”මෙහිදීසංචාරකයන්ගේවිශ්මයටහේතුවන ස්වභාවික පිහිටීම් ලෙස දැක්විය හැකිය.ඊට අමතරව වනෝද්‍යානය තුළ ජීවත් වන ක්‍ෂීරපායින් , උරගයන්, පක්ෂීන්, උභයජීවීන් හා මිරිදිය මත්ස්‍ය විශේෂ ගහනය ද ඉතාම ඉහළයි. යෝධ සෙකෝයියා ගස්වලට අමතරව පොන්ඩිරෝසා පයින්, වෙස්ටර්න් වයිට්පයින්, ලොජිපොල් පයින්, ෆොස්ටේල් පයින් 5 රෙඩ්කාර්, වයිෆර්, ඩග්ලස්ෆර් වැනි අලංකාර ශාක වර්ග ද, යොසිමිටි උද්‍යානයේදී දැකගත හැකියි.
2.උතුරු ඇරිසෝනාවේ ග්‍රෑන්ඩ් කැනියන් වනෝද්යානයගිනිකඳු, භූමිකම්පා, නායයෑම් වැනි ස්වභාවික ව්‍යසන රැසක ප්‍රතිඵලයකින් නිර්මාණය උතුරු ඇරිසෝනාවට අයත් ඉතාම සුවිශාල ආවාටයක් පසුබිම් කරගෙන නිර්මාණය වී තිබෙන මෙම වනෝද්‍යානය විස්මිත අපූර්ව සොබා සොඳුරු බවට ආදරය කරන සංචාරකයන්ට සුවිශේෂීම ස්ථානයක්. කැලිෆෝනියා බොක්කෙන් සයුරට වැටෙන සැතපුම් 1450 ක් පමණ දිග කොළරාඩෝ ගංගාව ගලායන ප්‍රධාන මාර්ගයේ මෙම ආවාටය පිහිටා තිබීම නිසාම සුවිශේෂී පක්ෂීන්, මත්ස්‍යයන්, උරගයන්, උභයජීවීන් මෙන්ම ක්ෂීරපායි සතුන් ඉතාම සුරක්ෂිතව මෙහි ජීවත් වේ. ග්‍රෑන්ඩ් කැනියන් ආවාටයේ උපරිම පළල සැතපුම් 18 පමණ වන අතර ආවාටයේ උපරිම උස අඩි 600 පමණ වෙනවා. සම්පූර්ණ කොළරාඩෝ ගංගාවෙන් සැතපුම් 275 ක්ම ගලා යන්නේ වනෝද්‍යානයේ ලීක්ස්ෆර් නම් මායිමේ සිට ග්‍රෑන්ඩ් වොෂ් නම් පර්වත භූ මායිම හරහායි. වර්ග සැතපුම් දෙදහසක් පමණ විශාල වූ මෙම වනෝද්‍යාන භූමිය අද ලෝක උරුම ලැයිස්තුවට ද අයත් වෙනවා. උතුරු අමෙරිකාවේ භූ ඉතිහාසය අධ්‍යයනය කිරීමට ඉතාම සුදුසු භූමියක් ලෙසත් මෙම වන බිම ප්‍රකටයි. ඇස්බැස්ටස් හා තඹ, යකඩ වැනි ලෝහ නිධි මෙම ප්‍රදේශයේ බහුලව තිබෙන බව ගවේෂණ මඟින් තහවුරු වී තිබුණත් සංරක්ෂිත වන බිම් නිසා ඉන් ඉතා වටිනා ලෝක උරුමයකට සෙත සැලසී තිඛෙනවා.
3.ඉන්දියාවේ "ගිර්" ජාතික වනෝද්යානයආසියානු සිංහයන්ට ඉතාම සුවිශේෂී රක්ෂිත අභය භූමියක් ද වන ගිර් ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ “ ජුනාගාද් නම් ප්‍රදේශයේය. 1965 දී ප්‍රකාශයට පත් කළ මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 1415 පමණ වේ. ගිම්හාන, සිසිර හා නිවර්තන මෝසම් දේශගුණික තත්ත්වයන් ගිර් වනෝද්‍යානයට කලින් කලට බලපානවා. මේ අනුව මෙතුළ ජීවීන් ගහනයේ අපූර්වත්වයන් සුවිශේෂීයි. විෂම දේශගුණය නිසා කලින් කලට ක්‍රියාත්මක වන ගිරිවනෝදාතයේ ආසියානු සිංහයන් ගංගා හතකින් පෝෂණය වන අතර මේ ගංගාවන් පිටාර ගලන්නේ දැඩි වර්ෂා කාල වල පමණයි. සරස්වතී, ගෝඩාවදී, සින්ගෝඩා, දතාර්දි, හිරාන්, මැවුන්ද්‍රි රාවාල් ලෙස මෙම ගංගා හැඳින්වෙනවා. වනෝද්‍යානය තුළ අභ්‍යන්තර ජලාශ හා විල් තුන්සීයක් පමණ ඇති නිසා උණුසුම අධික සමයේ පවා මේ ජලාශ ආශ්‍රිතව ද බොහෝ වන සතුන් නැරඹීමට හැකියි. වර්ග කිලෝමීටර් 200 ක් පමණ වු සුවිශේෂී ආරක්ෂිත වන කලාපය තුළ දැඩි ආරක්ෂා සහිතව ආසියානු සිංහයන් 370 පමණ මෙහි ජීවත්වනු දැකිය හැකිය. ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී ක්‍රියාකාරීන් හා රාජ්‍ය නොවන විවිධ සත්ත්ව අවිහිංසා සංවිධාන මේ ආසියානු සිංහයන් පිළිබඳ දැඩි සැලකිල්ලෙන් ක්‍රියාත්මක වෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000 ක් පමණ ලැබෙන මෙහි ආසියානු සිංහයන්ට අමතරව දිවියන් විශේෂ, හයිනාවන්, කැලෑ බළලුන්, මුගටියන්, හිවලුන්, උරුලෑවන්, ඇන්ටිලෝපයන්, ගෝනුන්, වල් ඌරන්, තාරකා ඉබ්බන්, කටුසු විශේෂ, පිඹුරන්, විසකුරු සර්ප විශේෂ, උකුස්සන්, රාජාලියන් හා ගිජුළිහිණි විශේෂ හා මිරිදිය මත්ස්‍ය විශේෂ විශාල වශයෙන් දැකිය හැකියි. ඉන්දියාවේ ඉහළම කිඹුල් ගහනයක් සහිත රක්ෂිතය වන්නේද ගිර් ජාතික වනෝද්‍යානයයි.
4.දකුණු අමෙරිකාව් කැනයිමා ජාතික වනෝද්යානයවෙනිසියුලාවට අයත් ගුවානා දේශසීමාව ආසන්නව පිහිටා තිබෙන මෙම වනෝද්‍යානය ගංගාවන්, දිගු පටු තෘණ බිම්, ඉතාම විශාල පැතිමක් සහිත වනාන්තර, වැලි ගල්, උස් සානු කලාප ආදී විෂමතා රැසකින් යුක්තයි. වනෝද්‍යානයට නිරිත දෙසින් පිහිටා තිබෙන්නේ ඇනකොන්ඩාවන් හා කිඹුලන් බහුල ඔනෝකෝ නදියයි. වනෝද්‍යානයේ නැගෙනහිර කලාපයේ තිබෙන ඉතාම දර්ශනීය පටු දිග තෘණබිම් තීරුව හැඳින්වෙන්නේ ග්‍රෑන් සබානා (Gran Sabana)නමින්ය. වනෝද්‍යානයේ පිහිටි උස් සානුවල මුහුණත අධික සුළං වලට අසුවීම නිසා ඉතාම වර්ණවත් වැලි ගල් මුහුණත් ලෙස සකස් වී තිබෙන්නේ ඉතාම විචිත්‍රවත් ආකාරයෙන්ය. වර්ෂය පුරාම ඉහළ වර්ෂාපතනයක් ලැබෙන බැවින් කුඩා දිය දහරාවන් රාශියක් වනෝද්‍යානය පුරාම විසිරී තිබෙන අතර ලෝකයේ උසම දිය ඇල්ල ලෙස හඳුන්වන (උස අඩි 3280) ඒන්ජල් දියඇල්ල පිහිටා තිබෙන්නේ මේ වනෝද්‍යානයේ ඇති අයුයාන් ටෙපුයි Auyan Tepui සානුවට ඉහළින් පිහිටි ගිරි ශිඛරයේයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒන්ජල් යේ දිය ඇල්ලේ උස ආසන්නම වශයෙන් කිලෝමීටරයකට සමානයි. දකුණු වි අමෙරිකානු ස්වදේශිකයන් මේ දියඇල්ල හඳුන්වන්නේ චුරුන්මිරු යන නමින්ය. මේ දියඇල්ල ඒන්ජල් නමින් නම් කර තිබෙන්නේ වර්ෂ 1937 දී මුල්වරට එය සොයාගත් පිමී ඒන්ජල්ගේ නමිනි. දියඇල්ලට උපත දෙන්නේ කැරාඔි ගංගාවයි.කැනයිමා උද්‍යානයේ බුරටි නම් ෆාම් ශාකත්, ටිපුයියා, බ්‍රොමිලියාස්, ඇක්නො පෙගන් වැනි ඉතාම ආකර්ෂ ණීය දර්ශනීය ශාක විශේෂ බහුලව දකින්න පුළුවන්. සමක දේශගුණයට හුරු වූ පක්ෂි විශේෂ, ක්ෂීරපායි සතුන්. විවිධ වානර විශේෂ මෙන්ම ඉතාම දරුණු පිරන්හා මසුන් ඔරිනෝකෝ හා අමෙරිකානු කේක්මන් කිඹුලන්, දැවැන්තම පිඹුරු විශේෂ යක් වන ඇනකොන්ඩාවන් ද (දිගින් අඩි 30 ක් පමණ වේ.) කැනයිමා වනෝද්‍යානය තුළ දැඩි රුදුරු බවක් මවා තිබෙනවා. 1954 වර්ෂයේදී මෙම වනෝද්‍යානය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය.
5.දකුණු අප්‍රිකාවේ කෲගර් වනෝද්‍යානය
දකුණු අප්‍රිකාව හා මොසැම්බික් දේශසීමාවේ එක් කොටසකට මායිම්ව පිහිටි මෙම වනෝද්‍යානය අප්‍රිකානු කලාපයේ පැරණිම වනෝද්‍යානය ලෙසත් ලොව විශාලතම වනෝද්‍යානය ලෙසත් ප්‍රකට වී තිබෙනවා. කිලෝමීටර් 60 ක පමණ පළලින් යුතු මෙම වනෝද්‍යානයේ මොසැම්බික් හා සිම්බාබ්වේ දේශසීමා අතරින් ගලාබසින ලිපෝපෝ නදියත් සමඟ කිලෝමීටර් 300 කටත් වඩා දුරක් දකුණු දෙසට පැතිර් තිබෙන මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 19485 පමණ වේ. මේ විශාලත්වය සාපේක්ෂව අපේ රටෙන් තුනෙන් එකකට මඳක් සමානයි. වනෝද්‍යානයේ විශාලත්වය කොතරම් ද යත් උද්‍යානයේ දකුණු දෙසින් ගලා බසින “ලිම්පෝපෝ ” නදියට අමතරව සැබි, ෂින්විඩ්සි, ලිටාබා, ක්‍රොකෝඩියල්, ලුවුවුහු, ඔලිෆාන්ටස් යන කුඩා ගංගා හයක් කෲගර් වනාන්තරය තුළ පිහිටා තිබෙනවා. සීතල හා උණුසුම පාලනය කරමින් දිර්ඝ නියං කාලවලදි පවා වනෝද්‍යානයේ වෙසෙන දහස් ගණනක් වූ ජීවීන්ටත් ගහකොළටත් හිඟයකින් තොරව ජල පහසුවත් තෙතමනයත් ලබාගන්නට වසර පුරාම සක්‍රීය වන මෙම ජල ප්‍රභව වලින් ලබාදෙන්නේ අසීමිත දායකත්වයක්. මිලිමීටර් 300-700 අතර වාර්ෂික වර්ෂාපතනය ලැබෙන කෲගර් වනෝද්‍යානයේ අලි, හිපපොටේමස්, සීබ්‍රාවන්, කුළු හරකුන්, සිංහයන්, ජිරාෆ් වේ සහ ඉම්පාලා, වෝටර්බක්, වයිබීස්ට් ස වැනි අප්‍රිකානු ඇන්ටිලෝපයන් යන විශාලතම ක්‍ෂීරපායින් සමඟ තවත් ක්ෂීරපායින් විශේෂ 130 ක් පමණ දැකිය හැකියි. මීට අමතරව පක්ෂි විශේෂ 400, මත්ස්‍ය විශේෂ 50, උරග විශේෂ 100, උභය ජීවීන් විශේෂ 35 පමණ වන ජීවීන්ට කෲගර් වනෝද්‍යානය තුළදී උපරිම ආරක්ෂාවක් සැලසෙනවා. ඊට හොඳම උදාහරණය තමයි අප්‍රිකානු දඩයම්කරුවන්ගෙන් දැඩි ලෙස දඩයමට ලක්ව වඳවී යාමට ආසන්නව සිටින කළු හා සුදු රයිනෝසරයන්ට කෲගර් තුළදී උපරිම ආරක්ෂාවක් ලබාදීම. උද්‍යානයේ ජීවත්වන දැවැන්තම උරගයන් තමයි ලිපෝපෝ නදියේ ජීවත් වන විශාලතම කිඹුලන්. වර්ෂ 1926 දී ආරම්භ කළ කෲගර් වනෝද්‍යානයට ඉන් වසර 76 කට පසු එනම් 2002 වසරේදී මොසැම්බික් හා සිම්බාබ්වේ අන්තර් දේශසීමා එක්කර වනෝද්‍යානය විශාල කිරීමෙන් පසු සංචාරක ආකර්ශණය විශාල වශයෙන් ඉහළ ගියා. වනෝද්‍යානය තුළ විහිදී තිබෙන කිලෝමීටර් 2300 පමණ වන මාර්ග පහසුකම් නිසා අද මෙය නැරඹීමට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ගණන ලක්ෂ 08 ක් පමණ වෙනවා. වන උයන තුළ සංචාරක නිකේතන 25 පමණ ඇති අතර අධිරාජ්‍යවාදී සමයේ ඉංග්‍රීසීන් එරෙහිව සටන් වැදුණු පෝල් කෲගර් ජනාධිපතිවරයාට ගෞරව පිණිස උද්‍යානය මේ නමින් හඳුන්වනවා.
6.ටැන්සානියාවේ අරුෂා ජාතික වනෝද්යානයටැන්සානියාවේ ඊසාන දිග ප්‍රදේශයේ අරුෂා නගරයට සමීපව පිහිටා තිබෙන මෙම වනෝද්‍යානය විශාලත්වයෙන් වර්ග කිලෝමීටර් 137 ක් පමණ වේ. වනෝද්‍යානයේ ත දකුණු ප්‍රදේශයේ පිහිටා තිබෙන නගුරුඩොටු ආවාටයේ ඉතාම සුන්දර තැනිතලා තෘණ භූමියක් පිහිටා තිබෙන අතර නැගෙනහිර ප්‍රදේශය මොමෙල්ලා නම් වූ සුන්දර 2 විලෙන් අයස්කාන්ත බවට පත්වී තිබෙනවා. මේ විල ඉතාම වර්ණවත් ජලජ පක්ෂීන් රාශියකටම තෝතැන්නක්. විල හරහා ගලා බසින ජෙකුකුම්වා ගංගාවත් ගංගාවේ එක් පසෙකට සීමාව ලෙස දක්වන උසින් මීටර් 4565 ක් උස මීරු කන්දත් මේ වනෝද්‍යානයේ ජෛව විවිධත්වයට එකතූ කරන ජීවය ඉතාම ප්‍රශංසනීයයි. වනෝද්‍යානයට ළඟාවෙන්නට ප්‍රධාන පිවිසුම් මාර්ග තුනක්ම තිබෙනවා. කිලිමන්ජාරෝ ගුවන් තොටුපළේ සිට පැමිණෙනවා නම් වනෝද්‍යානයට දුර කිලෝමීටර් 35 ක් පමණ වන අතර අරුෂා නගරයේ සිට කිලෝමීටර් 25 කුත් මෝෂි නගරයේ සිට කිලෝමීටර් 58 කුත් දුරක් ගෙවා මේ සුන්දර වනෝද්‍යානය නරඹන්න එන්න පුළුවන්. පියා ගසක් දැකිය හැකි පික්වත් කඳුකර වනාන්තර, සැවානා තෘණ බිම් හා තවත් තෘණබිම් රාශියකින් යුත් මෙම වනෝද්‍යානය තුළ සීබ්‍රාවුන්, ජිරාෆ්, දිවියන්, හයිනාවන්. ගෝනුන්, කුළු හරක් වැනි ක්ෂීරපායි සතුන් ද නිල් වඳුරන් හා කොලබස් වඳුරන් ද කුඩා කුඩා කඳු ගැටවලින් වටවී පිහිටා තිබෙන මොමිලා විල ජලජ පක්ෂීන් රාශියකටම තෝතැන්නක්. හිමිදිරියේදීත් සැන්දෑවේත් වනෝද්‍යානයට දිස්වන ඈතින් පිහිටි කිලිමන්ජාරෝ කඳු පන්තිය මේ වනෝද්‍යානයට සෙවණත් රුකවරනයත් පබා දේ.
No comments:
Post a Comment