Pages

Wednesday 20 October 2021

පැසක දමා පැටව් රකින සතුන්

 1.කෝල වලහා

ඕස්ට්‍රේලියාවේ යුකැලිප්ටස් වනාන්තරවල ජීවත් වන හුරුබුහුටි අහිංසක අළු පැහැති සතෙකි.අත් හා පාදවල මහපට ඇඟිලි පිහිටා ඇත. ඒවා මගින් ගස්වල කඳන් හොදින් අල්ලා ගැනීමටත් බදා ගැනීමටත් හැකිය.තියුණු නියවල ආධාරයෙන් ගස් දිගේ බඩගා යයි.දිනකට පැය 18ක් පමණ ගස් උඩට වී නිදාගනියි.ගැහැණු සතා වරකට එක් පැටවකු බිහි කරන අතර එම පැටවා මාස හයක පමණ කාලයක් මවගේ උදරයේ ඇති පැස තුළ වී වර්ධනය වේ.යුකැලිප්ටස් ගසත් කෝලා වලහාත් අතර ඇත්තේ විස්මිත වූ බැදීමකි.එම ශාකය කෝලා වලසුන්ගේ පැවැත්මට වැදගත්වන සාධකයයි.යුකැලිප්ටස් ගසේ කොළ,දලු සහ පොතු ආහාරයට ගන්නා කෝලා වලසා වාසය කරන්නේත් නිදා ගන්නේත් පැටවුන් බිහි කරන්නේත් යුකැලිප්ටස් ගසේ සිටයි.වැඩුණු කෝලා වලසකු දිනකට කිලෝ ග්‍රෑම් 1.1ක පමණ ප්‍රමාණයක් ආහාරයට ගනී.අනිකුත් කෘන්තකයන්ට මෙන්ම උන්ගේ කම්මුල්වල ඇති මලුවල තවත් කොළ ප්‍රමාණයක් රඳවා තබා ගැනීමට හැකියාව ඇත.

2.කැන්ගරුවා

කැන්ගරුවා ඔස්ට්‍රේලියාවට ආවේණික වූ සතෙකි.එමෙන්ම සේපාටිකයන් අතර විශාලතම සත්වයා වන්නේද කැන්ගරුවායි.පිරිමි කැන්ගරුවන් ගැහැණු කැන්ගරුවන් මෙන් දෙගුණයක් විශාලය.පසුපාද දිගු සහ ශක්තිමත් වේ. සිරුරේ සමබරතාවය ආරක්ෂා කරගැනීමට වලිගය මහෝපකාරී වේ.දිගු පිමි පැනීමේ හැකියාව ඇත.මීටර 1 සිට 2 දක්වා වූ දිගු දුරක් පැනීමේ හැකියාව ඇත.හොඳින් වැඩුණු කැන්ගරු වූවකුට පැයට කිලෝමීටර් 48ක පමණ වේගයෙන් පැන යාමේ හැකියාවක් ඇතැයි ගණන් බලා ඇත.කැන්ගරුවාගේ තවත් සුවිශේෂි ලක්ෂණයක් වන්නේ පිටුපස පාද දෙක වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැතිවීමයි.දවල් කාලයේදී විවේක ගනී.ප්‍රධාන ආහාරය තණකොළ වන අතර පඳුරු වල දළු කෑමට වඩාත් ප්‍රියකරයි.කැන්ගරුවෝ සටන් කාමීය.දහ දෙනකු පමණ වන රංචුවක් වශයෙන් ජීවත් වේ.ජවසම්පන්න පිරිමි සතකු රංචුවේ නායකයා ලෙස කටයුතු කරයි.කැන්ගරු පැටවකු දින 30ක පමණ කාලයක් මවගේ කුස තුළ වර්ධනය වේ. මවු කුසෙන් එලියට එන පැටවා මවගේ ලොම්වල එල්ලී පැසට බසී.මේ කාලය තුළ දී පැහැදිලිව දැක්ක හැක්කේ පැටවාගේ කට හා ඉදිරි පාද දෙක පමණි.මවගේ ස්ථන ග්‍රන්ථි පිහිටා ඇත්තේ පැස තුළ ය.පැටවා පැස තුළ හිඳිමින් කිරි උරා බොමින් වර්ධනය වේ.මාස 11 ක් පමණ එසේ වර්ධනය වන පැටවා එළියට පැමිණ කෑම සොයා ගන්නට පටන් ගනී.එහෙත් කරි බීමටත් නිදා ගැනීමටත් මවගේ පැස තුළට ඒම කරයි.

3.තස්මේනියන් යකා 

තස්මේනියන් ඩෙවිල් නමින්ද හඳුන්වයි.මාංස භක්ෂකයෙකි.මාංශ භක්ෂක සේපාටිකයන් අතර විශාල ම සතායි.ඔස්ටේලියාවේ පහළින් පිහිටා ඇති තස්මේනියා දූපතේ පමණක් ජීවත් වන සත්ත්ව විශේෂයකි.ඇඟ කිලිපොලා යන ලෙස බිහිසුණු හඩින් උඩුබුරලයි.මේ නිසා ඩෙවිල් හෙවත් යකා ලෙස හඳුන්වයි.රාත්‍රී කාලයේ සැරිසරමින් සර්පයන්,කටුස්සන් වැනි සතුන් ගොදුරු කරගනී.ගස් බෙනවල හෝ පොළො‌ෙවේ හාර ගන්නා ලද ගුල්වල සැඟවී සිටිමින් දිවා කාලය ගෙවා දමයි.

4.නුම්බැට්

බටහිර ඔස්ට්‍රේලියාවෙ වනාන්තර වල ජීවත් වේ.ක්‍රියාශීලී සතෙකි.වේයන් හා කුහුඔුවන් ආහාරයට ගැනීමට කැමතිය. ඉදිරිපස ගාත්වලින් ගස්වල කඳන් හාරා වේයන් හා කුහුඔුවන් සොයා ගැනීමට දක්ෂයෝය.ගොදුරු අල්ලා ගැනීම සඳහා සුබා දහමෙන් දායාද වූ ඇලෙනසසුලු දිවක් ඇත. මව් කුසින් එළියට එන පැටවා ගස තුල ටික කලක් වර්ධනය වී තනිව ජීවත් වීමට පුරුදු වෙයි.

5.ඔපොසම් 

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත්වන සේපාටික විශේෂයකිතබහුලව ජීවත් වන්නේ මධ්‍යම ඇමෙරිකාවේ හා දකුණු ඇමරිකාවේ ය.ඔපොසම් සත්ව විශේෂ 75 ක් හඳුනාගෙන ඇත.විශාල ම ඔපොසම් වර්ගය වර්ජිනියානු  ඔපොසම්ය.ඔපොසමි ගැහැනු සතා වරකට පැටුවන් දහ දෙනකු පමණ බිහි කරන්නීය.ඒ පැටවුන් මවගේ පැස තුළ ටික කාලයක් වර්ධනය වේ.මෙම සතුන්ට තර්ජනයක හෝ අනතුරක ඉවක් දැනුණු විගසම මැරුණු ලෙස වැතිර ගනී.එය එම සතුන් සතු විශේෂ ලක්ෂණයකි.

6.වුම්බැට්

ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාවේ ජීවත් වන වුම්බැටි ක්‍රියාශීලී සතෙකි.එමෙන්ම ලැජ්ජාශීලී සතෙකු ලෙස ද ප්‍රකටය.වුම්බැට් ගුල් හෑරීමේ දක්ෂයෙකි.තියුණු නිය හා ශක්තිමත් ගාත්වලින් අඩි සියයක් පමණ පො‌ළොව යටට ගුල් හෑරීමේ හැකියාවක් ඇත.ජීවත් වන්නේ පොළොවේ හාරන ලද ගුල්වලය. නිශාචර සත්ව විශේෂයකි.ආහාර සොයා ගන්නේ රාත්‍රියේදීය.ගස්වල මුල් වර්ග,පෙද, පාසි හා තණකොළ ප්‍රධාන ආහාරය ය.තනිව ජීවත් වේ.දහවල් කාලයේ දී ගුල් තුළට වී විවේක ගනී. පැටවුන් බෝ කරන කාලෙට පමණක් කුඩා රංචු වශයෙන් සරනු දැකිය හැකිය.ගැහැනු සතකු වරකට එක් පැටවකු බිහිකරයි.එම පැටවු මාස හයක පමණ කාලයක් මවගේ පැස තුළ ජීවත් වේ.පැසට ඇතුළු විය හැක්කේ පිටුපසිනි.පැස පිටුපසට වන්නට පිහිටා ඇත්තේ ගුල් හාරන විට පැස තුළට පස් නොයන ලෙසටයි.

7.බැන්ඩ්කූට්

නාසය ඉතා දිගු එහෙත් ප්‍රමාණයෙන් හාවෙකු තරම් වන බැන්ඩ්කූට් ඉතාම ක්‍රියාශීලී සතෙකි. කැන්ගරුවන්ට මෙන් පැන පැන යාමේ හැකියාව ඇත.නිශාචර සත්වයෙකි.දඩයම් සරල හා තියුණු නිය පිහිටා ඇත.ඉදිරිපස ගාත්වලින් පොළොව හාරා කෘමි සතුන් හා පණුවන් අල්ලා ගැනීමේ හැකියාව ඇත.ඇට වර්ග,පෙද,පාසි හා යුෂවලින් පිරි ශාක මුල්ද ආහාරයට ගනී.ගැහැනු බැන්ඩිකූඩ් සතකු වරකට පැටවුන්  දෙදෙනෙකු බිහි කරන අතර මව් කුසෙන් එලියට එන පැටවුන් දින පණහක් පමණ පැස තුළට වී ආරක්ෂාව සලසා ගනී.




 


No comments:

Post a Comment