Pages

Friday 12 November 2021

දිවිමකුළුවන්ගේ දිවිය

1.බ්‍රසීලියානු වොන්ඩරීන් මකුළුවා

ලොව වෙසෙන උග්‍රම විෂ ඇති දිවිමකුළුවා වන්නේ වොන්ඩන්ය. විෂ කොතරම්ද යත් මෙම වර්ගයේ දිවිමකුළුවකු දෂ්ට කළ අයෙකුට ප්‍රතිඖෂධ ලබා දුන්න ද දෂ්ටනයට ලක්වූ තැනැත්තා මරණයට පත්වීමේ අවදානම ඇත. බ්‍රසීලයේ වනාන්තරවල ජීවත් වේ. විශාල කැලෑ මීයන්ගේ යුෂ උරාබීමෙන් ජීවත්වේ. ඉක්මන් කේන්තිකාරයා” යනුවෙන්ද හඳුන්වයි.

2.කළු වැන්දඹු දිවිමකුළුවා

ගැහැනු මකුළුවා තම වර්ගයේ පිරිමි මකුළුවා මරා ආහාරයට ගනී. නිසා මේ නම් මේ මකුළුවන්ට යෙදී ඇතැයි විශ්වාස කෙරේ. බඩ වටේ රතු පැහැති දීප්තිමත් පැල්මක් ඇති නිසා කළු වැන්දඹු මකුළුවන් පහසුවෙන් හඳුනාගත හැකියි. නිවර්තන වනාන්තරවල මෙන්ම කාන්තාර ආශ්‍රිතවද ජීවත් වේ.මකුළුවකු දෂ්ට කළ සැණින් ගොදුරේ සිරුර අකර්මණ්‍ය වේ.

3.සයෑස් වැලි මකුළුවා

වොන්ඩරීන් මකුළුවන් තරම් දරුණු නැත. උග්‍ර විස සහිත දිවිමකුළුවන් විශේෂයකි. අප්‍රිකානු හා දකුණු ආසියානු වනාන්තරවල ජීවත් වේ. මෙම මකුළුවා දෂ්ට කිරීමෙන් පසු විස ශරීර ගතවීම නිසාත් මකුළුවා දෂ්ට කළ තැනින් අධික ලෙස රුධිරය වහනය වීම නිසාත් මිනිසුන් මෙන්ම සතුන්ද මිය යති. සයෑස් වැලි මකුළුවන්ගේ විස නැසීමට තවමත් ප්‍රතිවිස ඖෂධ නිපදවා නැත.

4.සිඩ්නි ෆනල් දිවිමකුළුවා

ලෝකයේ උග්‍රම විස සහිත දිවි මකුළුවන් කර අතර තුන්වන තැන ගනී. විශේෂත්වය වන්නේ සෑම දෂ්ටනයකදීම මකුළුවා සතු මුළු විස දෂ්ටනයට ලක් වූ ශරීරය තුළට ඇතුළු වීමයි. විස දළ විශාලව පිහිටා ඇත. ශරීර ප්‍රමාණයද විශාලයි. ඇමේසන් වනයේ සහ කොංගෝ වනයේ බහුලව ජීවත් වෙති.

5.පිට රතු දිවිමකුළුවා 

උග්‍ර විස සහිත දිවිමකුළු විශේෂයක් සේ හැඳින්විය හැකිය. පිටේ ඇති රතු පැල්ලම් ලක්‍ෂණ නිසා පහසුවෙන් හඳුනාගත හැකියි. බහුලව දක්නට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ ශුෂ්ක වනාන්තර ආශ්‍රිතවයි. සිකනළුන්, කටුස්සන්, ආදි උරග විශේෂයේ සතුන් නිතර ගොදුරු බවට පත්වේ. ප්‍රතිවිස ඖෂධ ලබා දීමෙන් වුවත් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම දුෂ්කරය.

6.ගෝලින් කුරුලු භක්ෂක දිවිමකුළුවා

ලෝකයේ විශාලම දිවිමකුළු විශේෂයයි. පාද හැරුණු විට ශරීරයේ දිග ප්‍රමාණය සෙන්ටිමීටර 11කට වඩා වැඩිය. ශරීරයේ බර ග්‍රෑම් 175ක් පමණය. කඳුකර වනාන්තර මෙන්ම ගල්කුළු ආශ්‍රිතවද මොවුන් ජීවත් වේ. ගයනාව, බ්‍රසීලය, වෙනිසියාව, සූරිනාමය වැනි දකුණු ඇමරිකානු රටවල ජීවත් වේ.




No comments:

Post a Comment