Pages

Sunday 28 November 2021

දරුවන්ට මරණය ගෙනෙන මේ විෂ ශාක අදම ඉවත් කරන්න

1.හබරල වර්ග 

නිවෙස් අලංකාරය උදෙසා වචන හබරල වර්ග වල කොළ කුඩා දරුවන්ට ඉතාම විෂ සහිතයි. සෙල්ලමට කොළයක් සැපුවොත් තොල්, දිව, කම්මුල්, උගුර ආදිය ඉදිමීම කටහඬ දුර්වල වී කතා කිරීමට අපහසු වීමටත් පුලුවනි. කුඩා දරුවන් නොදැනුවත් කමින් මෙහි කොල වර්ග කැපීමෙන් මෙම විෂ ශරීරගත විය හැකියි. 

2.නියඟලා 

නියඟලා අල ගැන ඇසූ පමණින් මරණය අපේ සිහියට නැගීම වළක්වන්න බෑ. නියඟලා මලේ අලංකාරය නිසා ඇතැමුන් මේවා ගෙවතු අලංකරනයට යොදා ගත්තන් කුඩා දරුවන් ගැවසෙන නිවෙස් වල වැටීම කොහෙත්ම සුදුසු නැහැ. පානීය ජලය ලබාගන්න ලිං අසල මෙම ශාකය වැවී ඇත්නම් නියඟලා මල් ජලය සමඟ මුසු වීමෙන් විෂ ශරීරගත විය හැකි.

3.කනේරු 

කනේරු කියන්නෙත් නියඟලා තරම්ම විෂ ශාකයක්. විසිතුරු මල් පැළ අලෙවිසල් වල හා ගෙවතු වල අලංකාරයට කනේරු ගස් වවා තිබෙනවා. මේවායේ ඇති කාඩියැක් ග්ලයිකොසයිඩ් නම් විෂ නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි වන්නටත් හුස්ම හිරිවීමෙන් මරණයට පත්වන්නටත් පුලුවන්. නොදැනුවත් කමින් මෙහි ඇට කොල හෝ මල් ආහාරයට ගැනීමෙන් විස විය හැකියි. පානීය ජලයට මල් එකතූ වුවහොත් විෂ වීමට ඉඩ ඇත.

4.ඔළිඳ 

විෂ ඇතිකිරීමට එක් ඔළිඳ ඇටයක් කෑම පවා සෑහෙනවා. මෙහි ඇති ඒබ්‍රන් නම් විෂ ශරීරගත වීමෙන් වමනය, මළපහ සමඟ රුධිරය පිටවීම ආදිය ඇතිවීමටත් දරුණුම අවස්ථාවල වකුගඩු අක්‍රිය වීමත් සිදුවිය හැකියි. සිත්ගන්නා සුලු පෙනුමක් සහිත මේ ඔළිඳ ඇට දරුවන් සෙල්ලම් කිරීම උදෙසාත් විවිධ අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහාත් යොදාගන්නට ඉඩ ඇති බැවින් මේ ගැන ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගෙන් ඈත් කිරීම ඉතා වටිනවා. 

5.එඬරු 

එඬරු කිවුවම අපිට මතක් වෙන්නේ ඖෂධීය ගුණයකින් යුතු ශාකයක්. බෙහෙත් එඬරු සහ තෙල් එඬරු වශයෙන් එඬරු ශාකයේ දෙවර්ගයක්ම පවතිනවා. කෙසේ වෙතත් මේ එඬරු ඇට විෂ සහිත බව ඔබ මතක තබා ගත යුතුයි. එඬරු ඇට වල ඇති රයිසින් නම් විෂ ශරීර ගත වීමෙන් හුස්ම හිරවීම මගින් මරණයට පවා පත්විය හැකියි.

 6.චන්ජල්ස් චුම්පට් හෙවත් Brugmansia 

උද්‍යාන අලංකාරය සඳහා යොදාගන්නා මේ මල් සහිත ශාකයද මුලුමනින්ම විස සහිත ශාකයකි. මෙහි ඇට සහ කොළ වැඩි වශයෙන් විශ සහිත වේ. විෂ ශරීරගත වීමෙන් මස්පිඩු ක්‍රියාකාරීත්වය ඇන හිටීම, පාචනය, හිසේ අමාරු වැනි රෝග ලක්ෂණද, වැඩි විෂක් ශරීරගත වීමෙන් ජීවිතක්ෂයට පත්වීමටද ඉඩ ඇත. නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක. 

7.කැපුම් කීරිය 

තූවාල වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකි නිසා මෙයට මේ නම පටබැඳී ඇත. මෙම ශාකයේ ඇති හයිඩ්‍රොසයනික් අම්ලය ශරීරගත වීමෙන්, විෂ නිසා රෝගී තත්ත්වයට පත්විය හැක. බඩේ රිදීම, කරකැවිල්ල ,වමනය, මළපහ පිටවීම ආදිය සිදුවිය හැකියි. කැපුම් කීරිය බාහිර පෙනුමෙන් මුකුණුවැන්න පැළැටියට සමාන නිසා වැරදීමෙන් ආහාරයට එක්වීමටත් ඉඩ ඇති හෙයින් ඉතා ප්‍රවේසම් විය යුතූය. 

8.අත්තන 

අත්තන කියන්නෙ ඖෂධීය ගුණය අතින් ඉතාම වටිනා ශාකයක්. ජලභීතිකා රෝගය, ඇදුම, සර්ප විෂ ආදියට පිළියම් කිරීමට අත්තන උපයෝගී කරගන්නවා. කෙසේ වෙතත් මෙම ශාකයේ කොටස්, විශේෂයෙන්ම ඇට වැඩිපුර ශරීරගත වීම විෂ සහිත වනවා.සිහි විකල් වීම, සිහි නැතිවීම වගේම මරණය පවා කැඳවිය හැකි විෂක් බවට අත්තන ඇට පත්විය හැකියි. 

9.හොඬල 

හොඬල ශාකයන් දරුණු විෂ සහිත ශාකයක්. මෙහි ඇති සයනජෙනික් ග්ලයිකොසයිඩ් සහ ටොක්ස් ඇල්බියුමින් යන විෂ නිසා කැරකැවිල්ල, පාචනය, වමනය ආදී තත්ත්වයන් ඇති වී සති 2-3කින් අනතුරුව හෘද රෝග, අක්මාව විශාල වීම වැනි ආබාධ වලට ලක්විය හැකියි. මේ ශාකයේ ගෙඩි පැෂන් ෆෲට් වලට ඛෙහෙවින් සමාන නිසා වැරදීමකින් කුඩා දරුවන් පැෂන් ෆෲට් යැයි සිතා ආහාරයට ගන්න පුලුවන්.

10.කදුරු වර්ග 

ලංකාවේ කදුරු වර්ග තුනක් ඇත. සමහර කඳුරු වර්ග වෙද හෙදකම් වලට යොදාගත්තද කඳුරු විශ සහිතයි. වෙදකම් වලට යොදා ගැනීමේදී විශ නක බාවිතයට ගැනෙයි. දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ගෙඩි සැපීමෙන් විෂ ශරීරගත විය හැක.





No comments:

Post a Comment