Pages

Sunday, 28 November 2021

දරුවන්ට මරණය ගෙනෙන මේ විෂ ශාක අදම ඉවත් කරන්න

1.හබරල වර්ග 

නිවෙස් අලංකාරය උදෙසා වචන හබරල වර්ග වල කොළ කුඩා දරුවන්ට ඉතාම විෂ සහිතයි. සෙල්ලමට කොළයක් සැපුවොත් තොල්, දිව, කම්මුල්, උගුර ආදිය ඉදිමීම කටහඬ දුර්වල වී කතා කිරීමට අපහසු වීමටත් පුලුවනි. කුඩා දරුවන් නොදැනුවත් කමින් මෙහි කොල වර්ග කැපීමෙන් මෙම විෂ ශරීරගත විය හැකියි. 

2.නියඟලා 

නියඟලා අල ගැන ඇසූ පමණින් මරණය අපේ සිහියට නැගීම වළක්වන්න බෑ. නියඟලා මලේ අලංකාරය නිසා ඇතැමුන් මේවා ගෙවතු අලංකරනයට යොදා ගත්තන් කුඩා දරුවන් ගැවසෙන නිවෙස් වල වැටීම කොහෙත්ම සුදුසු නැහැ. පානීය ජලය ලබාගන්න ලිං අසල මෙම ශාකය වැවී ඇත්නම් නියඟලා මල් ජලය සමඟ මුසු වීමෙන් විෂ ශරීරගත විය හැකි.

3.කනේරු 

කනේරු කියන්නෙත් නියඟලා තරම්ම විෂ ශාකයක්. විසිතුරු මල් පැළ අලෙවිසල් වල හා ගෙවතු වල අලංකාරයට කනේරු ගස් වවා තිබෙනවා. මේවායේ ඇති කාඩියැක් ග්ලයිකොසයිඩ් නම් විෂ නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි වන්නටත් හුස්ම හිරිවීමෙන් මරණයට පත්වන්නටත් පුලුවන්. නොදැනුවත් කමින් මෙහි ඇට කොල හෝ මල් ආහාරයට ගැනීමෙන් විස විය හැකියි. පානීය ජලයට මල් එකතූ වුවහොත් විෂ වීමට ඉඩ ඇත.

4.ඔළිඳ 

විෂ ඇතිකිරීමට එක් ඔළිඳ ඇටයක් කෑම පවා සෑහෙනවා. මෙහි ඇති ඒබ්‍රන් නම් විෂ ශරීරගත වීමෙන් වමනය, මළපහ සමඟ රුධිරය පිටවීම ආදිය ඇතිවීමටත් දරුණුම අවස්ථාවල වකුගඩු අක්‍රිය වීමත් සිදුවිය හැකියි. සිත්ගන්නා සුලු පෙනුමක් සහිත මේ ඔළිඳ ඇට දරුවන් සෙල්ලම් කිරීම උදෙසාත් විවිධ අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහාත් යොදාගන්නට ඉඩ ඇති බැවින් මේ ගැන ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගෙන් ඈත් කිරීම ඉතා වටිනවා. 

5.එඬරු 

එඬරු කිවුවම අපිට මතක් වෙන්නේ ඖෂධීය ගුණයකින් යුතු ශාකයක්. බෙහෙත් එඬරු සහ තෙල් එඬරු වශයෙන් එඬරු ශාකයේ දෙවර්ගයක්ම පවතිනවා. කෙසේ වෙතත් මේ එඬරු ඇට විෂ සහිත බව ඔබ මතක තබා ගත යුතුයි. එඬරු ඇට වල ඇති රයිසින් නම් විෂ ශරීර ගත වීමෙන් හුස්ම හිරවීම මගින් මරණයට පවා පත්විය හැකියි.

 6.චන්ජල්ස් චුම්පට් හෙවත් Brugmansia 

උද්‍යාන අලංකාරය සඳහා යොදාගන්නා මේ මල් සහිත ශාකයද මුලුමනින්ම විස සහිත ශාකයකි. මෙහි ඇට සහ කොළ වැඩි වශයෙන් විශ සහිත වේ. විෂ ශරීරගත වීමෙන් මස්පිඩු ක්‍රියාකාරීත්වය ඇන හිටීම, පාචනය, හිසේ අමාරු වැනි රෝග ලක්ෂණද, වැඩි විෂක් ශරීරගත වීමෙන් ජීවිතක්ෂයට පත්වීමටද ඉඩ ඇත. නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක. 

7.කැපුම් කීරිය 

තූවාල වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකි නිසා මෙයට මේ නම පටබැඳී ඇත. මෙම ශාකයේ ඇති හයිඩ්‍රොසයනික් අම්ලය ශරීරගත වීමෙන්, විෂ නිසා රෝගී තත්ත්වයට පත්විය හැක. බඩේ රිදීම, කරකැවිල්ල ,වමනය, මළපහ පිටවීම ආදිය සිදුවිය හැකියි. කැපුම් කීරිය බාහිර පෙනුමෙන් මුකුණුවැන්න පැළැටියට සමාන නිසා වැරදීමෙන් ආහාරයට එක්වීමටත් ඉඩ ඇති හෙයින් ඉතා ප්‍රවේසම් විය යුතූය. 

8.අත්තන 

අත්තන කියන්නෙ ඖෂධීය ගුණය අතින් ඉතාම වටිනා ශාකයක්. ජලභීතිකා රෝගය, ඇදුම, සර්ප විෂ ආදියට පිළියම් කිරීමට අත්තන උපයෝගී කරගන්නවා. කෙසේ වෙතත් මෙම ශාකයේ කොටස්, විශේෂයෙන්ම ඇට වැඩිපුර ශරීරගත වීම විෂ සහිත වනවා.සිහි විකල් වීම, සිහි නැතිවීම වගේම මරණය පවා කැඳවිය හැකි විෂක් බවට අත්තන ඇට පත්විය හැකියි. 

9.හොඬල 

හොඬල ශාකයන් දරුණු විෂ සහිත ශාකයක්. මෙහි ඇති සයනජෙනික් ග්ලයිකොසයිඩ් සහ ටොක්ස් ඇල්බියුමින් යන විෂ නිසා කැරකැවිල්ල, පාචනය, වමනය ආදී තත්ත්වයන් ඇති වී සති 2-3කින් අනතුරුව හෘද රෝග, අක්මාව විශාල වීම වැනි ආබාධ වලට ලක්විය හැකියි. මේ ශාකයේ ගෙඩි පැෂන් ෆෲට් වලට ඛෙහෙවින් සමාන නිසා වැරදීමකින් කුඩා දරුවන් පැෂන් ෆෲට් යැයි සිතා ආහාරයට ගන්න පුලුවන්.

10.කදුරු වර්ග 

ලංකාවේ කදුරු වර්ග තුනක් ඇත. සමහර කඳුරු වර්ග වෙද හෙදකම් වලට යොදාගත්තද කඳුරු විශ සහිතයි. වෙදකම් වලට යොදා ගැනීමේදී විශ නක බාවිතයට ගැනෙයි. දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ගෙඩි සැපීමෙන් විෂ ශරීරගත විය හැක.





Wednesday, 17 November 2021

ශ්‍රී ලංකාවට ආවේණික දිවිමකුළු විශේෂ

1.ඇත්දළ පැහැයේ පාද ඇති දිවීම මකුළුවා - IVORY BIRDEATING TIGER SPIDER

උදර ප්‍රදේශය කළු පැහැයට හුරුය. උරස් කොටස දම් පැහැයෙන් හා කහ පැහැයෙන් යුක්තය. පාද අළු පැහැති වන අතර තැනින් තැන කළු පැහැ වසිරම් දැකිය හැකිය. දුම්බර කඳු වැටියේ උස් ප්‍රදේශවලත් මහනුවර, මාතලේ හා නුවරඑළියේ උස් කඳුකර ආශ්‍රිත වනාන්තරවලත් ජීවත් වේ.

2.රාජෙයිගේ දිව මකුළුවා - RAJAI S SPIDER

මෙම දිවිමකුළුවාගේ ශරය ලා අළු හා ලා දුඹුරුය. ශරීරයේ සිට පාද කෙළවර දක්වා විහිදෙන කහ පැහැයේ පුල්ලි දැකිය හැකිය. උතුරු ප්‍රදේශයේ දී බහුලව දැකිය හැකිය.

3.කහ ඉරි පාද සහිත දිවිමකුළුවා - YELLOW LEGGED ORNATE TIGER SPIDER

ලා දුඹුරු පැහැති සිරුරකි. පාදවල තැනින් තැන කහ ඉරී පිහිටීම නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. පහතරට තෙත් කලාපයේ ජීවත් වේ.

4.පීඩර්සන්ගේ දිවිමකුළුවා - PEDERSENI'S TIGER SPIDER

කළු පැහැති ශරීරයක් ඇත.පාදවල ඉහළ මෙන්ම යටි පැත්තේ හරස් දිවෙන ළා කහ පැහැති වයිරම් ඇත.පහතරට වියළි ප්‍රදේශවල හා දකුණු පළාතේ ජීවත් වේ.


5.යකෂ දිවිමකුළුවා - LEMON LEGGED TIGER SPIDER

හතරවැනි පාඨයේ යටි පැත්ත තද කහ පැහැයෙන් තිබීම විශේෂ ලක්ෂණයක් සේ දැකිය හැකිය.සිරුර පුරා දුඹුරු හා කහ මිශ්‍ර ව ඇත.අනෙක් පාද වල කහ පැහැය ඇත්තේ තැනින් තැනය.දුම්බර කඳුවැටිය ආශ්‍රිතව මෙන්ම මහනුවර නුවරඑළිය ආදී ප්‍රදේශවල ද ජීවත් වේ.

 6.ස්මිත්ගේ දිවිමකුළුවා - SMITH'S TIGER SPIDER

දුර්ලභ දිමිමකුළු විශේෂයකි.උදරය ප්‍රදේශය කළු පැහැතිය.මෑතක දී මෙම දිවි මකුළුවා පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත.



Monday, 15 November 2021

කාගෙද මේ පා සටහන්?

1.කුරුලු පා සටහන්

සිවුපා සතුන් මෙන් කුරුලු වර්ග නිතරම බිම දිගේ ඇවිද යන්නේ නැත. නමුත් ඇතැම් කුරුලු වර්ග ආහාර සඳහා බිමට බැස බිම දිගේ ටික දුරක් ඇවිද යයි. මෙහි දැක්වෙන්නේ කපුටන් තැබු පා සටහන්ය. කපුටාගේ සෙවීම වැනි කාර්යයන් පාද දෙකෙහිම ඉදිරිපසට ඇඟිලි තුන බැහින්ද පසුපසට එක ඇඟිල්ල බැගින්ද පිහිටා තිබේ. ගේ කුරුල්ලාට තිබෙන්නේ දැල් සහිත පාදය. ගේ කුරුල්ලන් බිම දිගේ ඇවිද යන්නේ නැති අතර පැන පැන යයි. එවිටද පා සලකුණු වැලි මත, මඩෙහි හෝ හිම මත සටහන් වේ.

2.බළලා

බළලාගේද පාද සතරෙහිම ඇඟිලි හතර බැගින් තිබේ. නමුත් බළලා ඇවිද යන විට උගේ උල්පා නිය බළ ලා ඉහළට ඔසවා ගනී. ඒ පා නිය වල මුවහත නැතිව යාවි යැයි බියෙනි. මෙි නිසා බළලා හිම මත හෝ මඩ මත ඇවිද ගිය විට බළලාගේ අඩි සලකුණු රැඳුණොත් උපා නියවල සලකුණු සටහන් වන්නේ නැත. බළල් පවුලේ සාමාජිකයන් වන ලින්ක්ස්, බොකැට් යන සත්ත්වයන් සතුවද පා සතරෙහිම ඇඟිලි හතර බැගින් තිබේ.
3.මුවා

මුවාගේ පාද සතරෙහිම ඇගිලිකරබැගින් තිබේ. මුවාගේ පාදවල ඇති විශාල ඇඟිලි දෙක මුවා හිමමන හෝඩ මත ඇවිද යන විට හොඳින් සලකුණු වේ. හදවත් හැඩැති වීම සලකුණු දෙකම පසුපසින්තුඩා ඇඟිලි දෙකෙහි සලකුණු සටහන් වේ. නමුත් එම කුඩා ඇඟිලිවල සටහන් නිතරම සලකුණු වන්නේ නැත. මේ නිසා මුවාගේත සලකුණු ලෙස බහුලව දැක ගත හැක්කේ විශාල ඇගිලි දෙකක් සහිත සටහන්ය.
4.ඔපොසුමා

ඔපොසුමාගේ පසුපස පාදවල අනෙක් ඇඟිලි හතරට වඩා දුරින් විශාල මහපට ඇඟිල්ලක් පිහිටා තිබේ. ඒ ඔපොසුමාට ගස්වල අතු හොඳින් ග්‍රහණය කර ගැනීමට සහ ගස් නැගීම පහසුකර ගැනීමටයි. ඔපොසුමාගේ පා සටහන්වල මෙම මහපට ඇඟිල්ල සහ සෙසු ඇඟිලි හතර පැහැදිලිව සටහන් වී තිබේ.

5.බල්ලා

ඔබේ හිත මිතුරු බලුරාළ වැසි දිනෙක මඩ කඩිත්තක පා තබාවිත් ගෙබිම මත ඇවිද ගිය විට ඉතිරි වන පා සටහන් ඔබ දැක ඇති. බල්ලාගේ පාද සතරෙහිම ඇඟිලි හතර බැගින් තිබේ. බළලාගේ මෙන් නොව බල්ලාගේ පානිය සටහන්ද සලකුණු වේ. බල්ලාගේ අඩි සටහන් සමඟ උල්පානිය සටහන්ද සලකුණු වන නිසා බල්ලාගේ පා සලකුණුවල ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරයි. සුනඛ, පවුලේ සෙසු සාමාජිකයන් වන වෘකයන්, නරියන් කොයෝටයන් යන සත්ත්වයන් සතුවද පාද සතරෙහිම ඇඟිලි හතර බැගින් තිබේ.

6.රැකුනයා

රැකූනයාගේ පා සටහන් දිස්වනුයේ හරියට බිළිඳකුගේ අත්ලසටහන් සහ පා සටහන් මෙන්ය. වෙනස වනුයේ රැකූනයාගේ පාසටහන්වල උගේ උල්පා නියවල සලකුණුද සටහන් වී තිබීමයි.

7.හාවා

හාවා යනු පැන පැන යන සිවුපා සතෙකි. මේ නිසා හාවාගේ සම්පූර්ණ පා ඇඟිලි සලකුණු හිම මත හෝ මඩ මත රැඳෙන්නේ නැත.හාවා වේගයෙන් පනිමින් යනවිට හාවාගේ පසුපස විශාල පාද දෙකෙහි අඩිය ඉදිරිපස පාද දෙකෙහි අඩියට වඩා ඉදිරියෙන් සලකුණු වේ. මේ තිබෙන්නේ හාවෙකු හිම මත ඇවිද ගිය විට රැඳුණු පා සටහන්ය. හාවාගේ පාසටහන් පැහැදිළිව නික්ෂණය කළොත් ඒවා යම් දුරකට විස්මයාර්ථ ලකුණට සමාන පෙනුමක් තිබෙන බව දැකගත හැකිය.

 

Sunday, 14 November 2021

ශ්‍රී ලංකාවේ දූපත්

1.මන්නාරම් දූපත

මන්නාරම් දූපත අයත් වන්නේ නැගෙනහිර පළාතටය. අතීතයේ අරාබි ජාතිකයන් වෙළෙඳාම පිණිස මෙරටට පැමිණ තිබෙන්නේ මන්නාරම් දූපත හරහා ය. ඒ නිසා මේ මන්නාරම් දූපතට ඓතිහාසික වටිනාකමක්ද එක්ව තිබේ. ඉන්දියාව බලා යන සරණාගතයන්ගේ නාවුක තොටුපළ වන්නේද මේ ස්ථානයයි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 126 ක් පමණ වේ. මේ ප්‍රදේශය තුළ කැලෑ අශ්වයන් (Equus caballus) බහුලව ගැවසේ. ඒවගේම දුර්ලභ ගණයේ ශාකයක් ලෙස හඳුන්වන බැවොබැව් (Adanonia digitata) ශාකයද දැකගත හැකියි.

2.කල්පිටිය දූපත් පන්තිය 

කල්පිටිය දූපත් පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් වන පරිදිය. මෙම දූපත වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ වර කටයුතු සම්බන්ධයෙනි. සිරිච්චල් පෙරිය අරිච්චල්, ඉප්පන්තිව්, වෙල්ල, උච්චමුනෙයි, සෙට්ටිකුඩා, පල්ලයවත්ත, බත්තලංගුණ්ඩුව ආදී දුපත් සමූහයක් කල්පිටිය දූපතට අයත් වේ. මේ දූපත් එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් යුක්තය. මෙහි සාම්ප්‍රදායික ධීවර කටයුතු සිදුකරන අතර මාදැල්පන්නය ප්‍රධානයි. කල්පිටිය දූපතේ ලන්දේසි සමයේ තිබූ බලකොටුවක්ද තිබේ. මේ දූපතට පැමිණෙන්නන්ගේ විනෝදාංශය වන්නේ හක් බෙල්ලන් එකතු කිරීමය. ඒ තරමටම මෙහි හක් බෙල්ලන් ගැවසේ. මෙහි සුන්දරත්වය රැකඳෙන ජෛව විවිධත්වයෙන් යුතු කඩොලාන පද්ධතියක් ද වේ. බාධක පරයද මෙම දූපත ආසන්නයේ පිහිටා තිබේ. කල්පිටිය දූපතේ සිරි හරවන්නන්ට මේ කොරල්තුදැකගත හැකියි. නමුත් මේ පරිසර සුන්දරත්වය නරඹන්නට පෙර තමන් අසරක්ෂිතදැයි සිතා බලන්න. කල්පිට් මුහුදේ තවත් සුවිශේෂත්වය තමයි ඩොල්ෆින් දැක ගත හැකි වීම, විනෝද චාරිකාවක් යන්න සිතන ඔබට කල්පිටිය දූපත් අපූරු අත්දැකීමක් වේවි. නමුත් අද පුත්තලම් වෙරළතීරයට පොලිතින්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මුහුදු රළත් සමඟ ගොඩට ගසා තිබේ. මේ පාරිසරික අපද්‍රව්‍ය බැහැර කරලීමට අදල අංශ කටයුතු යොදා ඇත. එනිසා මේ දිනවල එම වෙරළ තීරයේ සංචාරයට නොයාමෙන් ඔවුන්ට සහයෝගය දැක්වීමට අපටත් පුළුවනි.

3.කච්චතිව් දූපත

කච්චතිව් දූපත පිහිටා තිබෙන්නේ යාපන දිස්ත්‍රික්කයේ ය. මෙය ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටරයක්වත් නැති තරම් ය. උතුරු මුහුදේ පිහිටි අපේ රටට අයත් අවසන් දූපත ද වේ. මේ ශ්‍රී ලාංකීය හා ඉන්දීය කතෝලික බැතිමතුන් එකතුව පුද පූජා පවත්වන දේවස්ථානයක් ද මෙහි තිබේ. මෙය ඓතිහාසික මෙන්ම සංස්කෘතික වශයෙන් වටිනාකමකින් යුත් දූපතකි.

4.පරෙවි දූපත

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත්වන සේ පිහිටා ඇති පරෙවි දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත ඇද ගන්නා ස්ථානයකි. නිලාවැලි වෙරළේ සිට කිලෝමීටර් දෙකක් පමණ ඈත මුහුදේ න පිහිටි පරෙවි දූපතේ වර්ග ප්‍රමාණය කිලෝමීටරයකටත් හොදින් වර්ධනය වූ කොරල්පර ආශ්‍රිත ජෛව වඩා අඩුය. මෙහි ගල් පරෙවියන් බොහෝ වාසය කරති. 2003 වසරේදී ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද පරෙව් දූපත වටා ඇති මුහුදේ ස්වභාවික විවිධත්වයක් දැකගත හැකිය.

5.යාපනය දූපත්

මෙය ද දූපත් කිහිපයකින් නිර්මාණය වූවකි. පාලතිව්, මණ්ඩතිව්,කයිට්ස්, කයිරතිව්,එළවතිව්, අනලතිව්, නයිනතිව්, පුන්කුඩුතිව් ආදීදූපත් මෙයට අයත්ය. මේ නයිනතිව් දූපතේ සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන නාගදීප පුදබිම පිහිටා තිබේ. නාගදීප පුදබිමේ පිහිටා ඇති හින්දු කෝ සාමි නමින් හැඳින්වෙන පූජනීයත්වයෙන් සැලකෙන ශාකයක්ද පිහිටා තිබේ. මෙහි සමහර දූපත් ජනාවාසව පවතින අතර ඔවුන් ධීවර කටයුතු සිදුකරයි.

6.මඩොල්දූව  

දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම දූපත මාර්ටින් වික්‍රසිංහයන්ගේ මඩොල්දූව නම් ප්‍රසිද්ධ නවකතාවට පාදක වී තිබෙන දූපතකි. විවිධ ශාක හා සතුන් සිටිය ද ජනශූන්‍ය ප්‍රදේශයකි.කඩොලාන පද්ධති, සහිත මේ දූපත් අප ආරක්ෂා කළ යුතු සේම එහි වටිනාකමද අධ්‍යයනය කළ යුතුයි.මෙහි සංචාරය කරන ඔබට මාටින් වික්‍රමසිංහයන්ගේ කෞතුකාගාරය නැරඹීමේ හැකියාව තිබේ.

 7.මාදු ගඟ දූපත්

මේ මෙරට දකුණු පළාතේ මාදු ගඟට අයත්ව පිහිටි දූපත් ගණනාවකි. මෙය ද ජෛව විවිධත්වයෙන් පොහොසත් ය. එනිසාම මේ ප්‍රදේශයේ තිබෙන කඩොලාන අලංකාරයට මෙන්ම ආරක්ෂාවට ද හේතු වේ. ශ්‍රී ලංකාවේ දෙවන රම්සා තෙත් බිම් ද පිහිටා තිබෙන්නේ මේ දූපත් ආශ්‍රිතවය. මාදු ගඟ දූපත් නිර්මාණය වී ඇත්තේ විවිධ ප්‍රමාණයේ දූපත් කිහිපයක් එකතු වීමෙනි.
8.ඩෙල්ෆ් දූපත

උතුරු පළාතේ පිහිටා ඇති ඩෙල්ෆ් දූපත ශ්‍රී ලංකාවට අයත් දෙවැනි විශාලතම දූපතයි. මෙයද ජෛව විවිධත්වයෙන් ඉහළ එමෙන්ම භූගෝලීය වශයෙන්ද වැදගත් භූමි ප්‍රමාණයකි. මෙම ඩෙල්ෆ් දූපතේ ද රංචු වශයෙන් ගැවසෙන කැලෑ අශ්වයන් බහුලව දැකගත හැකියි. එමෙන්ම දුර්ලභ ගණයේ බාවොබැව් ශාකය ද හොඳින් වර්ධනය වී තිබේ.

9.ගල්ඔය ආශ්‍රිත දූපත්

ගල්ඔය ජාතික වනෝද්‍යානය තුළ විවිධ ප්‍රමාණයේ දූපත් රැසක් පිහිටා ඇති ප්‍රදේශයකි. මේවා ජලජ පක්ෂීන්ට හිතකර වාසභූමිව තිබේ.

10.සෝබර් දූපත් 

ත්‍රිකුණාමලය ස්වභාවික වරාය ආශ්‍රිතව පිහිටි දූපත් සෝබර් දූපත් ලෙස නම් කර ඇත.



 

  

වදවී යාමේ දැඩි තර්ජනයට ලක් වී ඇති සමනලුන්

1.රජතපති-Ceylon Tree Nymph 

Idea ianonia විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම සමතලයා මෙරටට ආවේණිකය, ශ්‍රී ලංකාවේ සමගවුන්ගේ විශාලත්වයෙන් දෙවෙනි තැන ගන්නා රප්තපති තැනයිඩේ සමතල කුලයේ විශාලතමයාය, තෙත් හා අතරමදි කලාපයේ වන ආශ්‍රිතව වෙසෙයි.

2.නීලවනේසයා-Blue Admiral 

Kanishka canace nar monica විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මිලි මීටර් 62-68 පමණ වන සුන්දර සමනලයෙකි.

3.හීනසැරියා-Indian Fritillary 

Argynnis hyperbius විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මධ්‍යම ප්‍රමාණයේ සමනලයෙකි. තටු වල ප්‍රමාණය මිලි මීටර් 60-80 පමණ වේ. ඉහළ කඳුකරයේ පමණක් ජීවත් වේ. වනාන්තර ආශ්‍රිතව ඇති එළිමහන් ප්‍රදේශවල ජීවත් වන අලංකාරම සමනල් විශේෂයකි.

4.ඉන්දු වනේයයා-Indian Ped Admiral

Vanessa indica nubicola විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඉහළ කඳුකරයේ පමණක් දක්නට ලැබෙන සමනල් විශේෂයකි. වනාන්තර ආශ්‍රිත එළිමහන් ප්‍රදේශවල ජීවත් වේ.

5.ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා

ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා වන්නේ සිලෝන් බඞ්වින්ග්” නම් සමනලයායි. (Ceylon Birdwing) සත්ත්ව විද්‍යාත්මක නාමය වන්නේ Troidex dar sius ය. මෙරටට ආවේණික සමනලයෙකි. මෙම පිරිමි සමනලයාගේ තටුවේ ඉහළ කොටස කළු පැහැති වන අතර පහළ කොටස කළු සහ කහ පැහැය මිශ්‍රව ඉතා අලංකාර ප්‍රමාණයෙන් විශාල සමනලයෙකි. ගැහැනු සමනලයාගේ තටු වල ඉහළ කොටස දුඹුරු පැහැති වන අතර සුදු පැහැති ඉරි රටාවක් දැකිය හැකිය. තටු වල යට කොටසේ මැද කහ පැහැති කුඩා රටාවකුත් තටුව වටේට කහ පැහැති අලංකාර මෝස්තරයකුත් ඇති අයුරු ද පැහැදිලිව දැකිය හැකිය. සිලෝන් බඞ්වින් යනු ශ්‍රී ලංකාවේ සිටින විශාලතම සමනලයා ද වෙයි. තටු දෙක අතර දිග අඟල් හයක් පමණ වේ. ලොව විශාලතම සමනලයා ක්වීන් ඇලෙක්සැන්ඩ්‍රා බඞ්වින්ග් (Queen Alexandras Birdwing) නමින් හැඳින්වෙයි. අපේ බඞ්වින්ග් සමනලයා මෙන් දෙගුණයක් පමණ එම සමනලයා විශාලය. ජීවත් වන්නේ බටහිර පැපුවා නිව්ගිනියාවේයි. හිමිදිරි පාන්දරත් සැන්දෑ කාලයේත් සැරිසරණ සිලෝන් බඞ්වින් සමනලයාගේ ධාරක ශාකය වන්නේ “සප්සඳ” ශාකයයි. මිලි මීටර් 2.5 ක් පමණ විශාල මොවුන්ගේ බිත්තර ළා රත් පැහැතියි.



 

 

 

Friday, 12 November 2021

අපේ ගෙවත්තට පැමිණෙන කුරුලු මිතුරෝ

1.පොල්කිච්චා/Oriental magpie - robin 

කළු සහ සුදු පැහැති පක්ෂියෙක් වන පොල්කිචා, ඉන්දියානු උප මහද්වීපයේ හා දකුණු ආසියාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි සිටී. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව බහුලව දැකිය හැකි මොවුන්, ප්‍රමාණයෙන් සෙ.මී. 19 ක් පමණ දිගය. බංග්ලාදේශයේ ජාතික පක්ෂියා වන්නේ ද පොල්කිච්චා ය. එළිපෙහෙළි කරන ලද විවෘත භූමි, වගා කරන ලද ප්‍රදේශ හා මනුෂ්‍ය වාසස්ථාන අසළ ගැවසීමට ප්‍රිය කරයි. කුඩා කෘමි සතුන් ආහාරයට ගනී. පොල්කිච්චන්ගේ අභිජනන සමය වන්නේ මාර්තු සිට ජූලි මාසය දක්වාය. වරකට බිත්තර 4 – 5 ක් පමණ දමයි.

2.පොළොස් කොට්ටෝරුවා/Brown - headed barbet 

ලොව පුරා නිවර්තන කලාපයන්හි වාසය කරන කොට්ටෝරුවන් අතරින් පොළොස් කොට්ටෝරුවා, ඉන්දියානු උප මහද්වීපයට ආවේණික කුරුල්ලෙකි. අපේ රටේ බහුලව දක්නට ලැබේ. දුඹුරු පැහැති කොට ගෙලක්, ප්‍රමාණයෙන් තරමක් විශාල හිසක් සහ දිගින් අඩු පෙඳයක් සහිතය. ශරීරය කොළ පැහැති ය. පලතුරු ආහාරයට ගනී. ශක්තිමත්, තියුණු හොටයක් ඇත. එමඟින් දිරාගිය ගසක් සිදුරු කර තනා ගන්නා බෙනයක ජීවත් වෙයි. මොවුන්ගේ ප්‍රජනන සමය පෙබරවාරි සිට ජූලි දක්වා ය.

3.රෑන ගිරවා/Rose-ringed Parakeet 

මාල හිරවා ලෙසින් ද හැඳින් වෙන, සමූහවාසීව ජීවත්වන පක්ෂි විශේෂයකි. කොළ පැහැති ය. ගෙලෙහි රතු- රෝස පැහැති ඉරක් වැනි මාලයක් දක්නට ලැබේ. එම නිසා මාල ගිරවා ලෙසින් ද හැඳින්වේ. නමුත් මේ මාලය දක්නට ලැබෙන්නේ පිරිමි සතුන්ගේ ය. හොට රතු පාටය. ශ්‍රී ලංකාව තුළ පුළුල් වශයෙන් පැතිරීමක් ඇති ගිරා විශේෂය මොවුන් ය. ධාන්‍ය වර්ග, පලතුරු, එළවළු, ඇට වර්ග ආහාරයට ගනී. මිනිස් කටහඬ අනුකරණයට ඉතා දක්ෂය. නිවෙස්වල සුරතලයටද ඇති කරයි.

4.මයිනා/Common myna 

කවුරුත් දන්නා හඳුනන කුරුල්ලකු වන මයිනා, ගෙවතු ආශ්‍රිතව නිතර දක්නට ලැබේ. ප්‍රමාණයෙන් සෙ.මී. 23 ක් පමණ දිග ය. තද කළුවන්, දුඹුරු පැහැයට හුරු පියාපත් සහ හොට, කකුල් සහ ඇස් වටා කහ පැහැති නිසා කැපී පෙනේ. යුවළක් ලෙස හෝ කුඩා කණ්ඩායමක් ලෙසින් අහර සොයා යයි. ඇතැම් නිවෙස්වල සුරතල් සතකු ලෙස ද ඇති කරයි. මිනිස් කටහඬ ද අනුකරණය කළ හැකි පක්ෂියෙකි. තරමක් සැර හඬින් ශබ්ද නගන මයිනා, කලබලකාරී ද වේ. වරකට නිල් පාට බිත්තර 3 - 4 ක් පමණ දමයි. කෘමීන් මෙන්ම පලතුරු ද ආහාරයට ගනී.

5.පිළිහුඩුවා/Kingfisher 

ඉතා අලංකාර මෙන්ම ආඩම්බර කුරුල්ලෙක් ලෙස පිළිහුඩුවා හැඳින්වේ. මොවුන් මාංශ භක්ෂකය. ශක්තිමත් පිහාටු මෙන්ම ශක්තිමත් හා විශාල හොටය නිසාත්, තියුණු ඇස් නිසාත් එකවර වේගයෙන් ජලය තුළට කිමිදී, තරමක් විශාල මසුන් වුවද ඩැහැ ගැනීමේ සහජ හැකියාවක් ඇත. හුදෙකලාව ජීවත් වීමට කැමැත්තක් දක්වන පිළිහුඩුවා, කුඩා කෘමීන් ද ආහාරයට ගනී. වර්ණවත් පිහාටු වලින් යුක්ත ය. වරකට බිත්තර 2 - 3 අතර දමයි. ජලජ පරිසර ආශ්‍රිතව නිරන්තරයෙන් ගැවසේ.

6.කොහා/Asian Koel 

කොහෝ ලෙසින් හඬ නඟන නිසා කොහා ලෙසින් හඳුන්වන අතර, කොවුලා, කෝකිලයා යන නම්වලින් ද මොවුන් හඳුන්වයි. හැඩයෙන් හා වර්ණයෙන් කපුටාට සමානය. අපේ රටට සිංහල අවුරුද්ද පැමිණෙන බව පළමුවෙන්ම දැනුම් දෙන්නේ කොහා ය. මේ නිසා සිංහල ජනයා අතර කොහා ඉතා ප්‍රසිද්ධය. පිරිමි කොවුලාගේ දෑස් දිදුලන, රතු පැහැයෙන් යුක්තය. ශරීරය නිල කළුවන් පැහැති ය. මිහිරි හඬින් නද දෙන කොහා ගේ තවත් විශේෂ ත්වයක් වන්නේ මොවුන් වනාන්තර වාසය අප්‍රිය කරන, මිනිස් වාසය ඇසුරේම ජීවත් වන්නට වැඩි කැමැත්තක් දක්වන පක්ෂියකු වීමයි. පලතුරු ආහාරයට ගනී.

7.කහ කුරුල්ලා/Black-hooded oriole 

සෙ.මී. 25 ක් පමණ දිග කහ කුරුල්ලා, කළු හා කහ පැහැයෙන් යුතු අලංකාර පක්ෂියෙකි. හොට රෝස පැහැති ය. මොවුන් වැඩි වහයෙන් සිටිනුයේ ගස් බෙන තුළය. ඝන කැලෑ ආශ්‍රිතව වාසය නොකරන අතර, කලබලකාරී පරිසරයන්හි මෙන්ම ගම්බද ප්‍රදේශවලද, මිනිස් වාසය සහිත ස්ථානවල ද වාසය කරයි. වැඩි වශයෙන් පලතුරු ආහාරයට ගන්නට ප්‍රිය කරන කහ කුරුල්ලන්, කෘමි සතුන්ද, බත් වැනි ආහාර ද ගනු දැකිය හැක. තියුණු නාදයකින් යුක්ත ය. මැයි සිට ඔක්තෝබර් දක්වා ප්‍රජනන සමය වේ. කිරිල්ලිය වරකට බිත්තර 2 ක් පමණ දමයි.


8.දෙමලිච්චා/Yellow-billed babbler 

දෙමලිච්චා අපේ රටේ ගෙවත්තකම පාහේ සුලබව දක්නට සෑම ලැබෙන, කවුරුත් හඳුනන කුරුල්ලෙකි. ඉතා කඩිසර ලෙස පැන පැන යමින්, කෑගසමින් අහර සොයා යාමට දක්ෂය. දෙමලිච්චා කහවන් අළු පිහාටුවලින් යුක්ත පක්ෂියෙකි. හිස් මුදුන, මුහුණ හා නළල ළා අළු වර්ණයෙන් යුක්තය. හොට ලා කහ පැහැති ය. සාමාන්‍යයෙන් සෙ.මීටර් 24 ක් පමණ දිග, ප්‍රමාණයෙන් තරමක් කුඩා පක්ෂියෙකි. ඝන වනාන්තර සහ ඉහළම කඳුකර ප්‍රදේශ වල හැර දිවයිනේ සියලු පෙදෙස් හි දෙමලිච්චන් දක්නට ලැබේ. හත් අට දෙනෙකුගෙන් සමන්විත රංචුවක් ලෙස මොවුන් නිතර සැරිසරයි. කෘමි සතුන්, කුඩා පණුවන් වැනි සතුන් ආහාරයට ගන්නා අතර, ගෙවතු ආශ්‍රිතව වෙනත් කුඩා ආහාර කැබලි ද අහුලාගෙන කති. මොවුන්ගේ ප්‍රධාන අභිජනන සමය මාර්තු - මැයි අතර කාලය වුවත්, අනෙකුත් කාලවලදී පැටවුන් බිහි කිරීම සිදු කරයි. කිරිල්ලිය වරකට බිත්තර 3 - 5 ත් අතර ප්‍රමාණයක් දමයි.

9.ඇටි කුකුළා/Greater Coucal 

වගාවට හානි කරන ගොළුබෙල්ලන් ආහාරයට ගන්නා නිසා මිනිසාට උදව් කරන කුරුල්ලෙක් ලෙස ඇටිකුකුළා සැලකිය හැකි ය. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ ව්‍යාප්තව සිටී. ශරීර හැඩයෙන් කපුටකුට සමාන ය. කළු පැහැති ශර්රය හා දුඹුරු-රතු පැහැති පිහාටුවලින් සමන්විත අතර, ඇස් ද රතු පැහැතිය. සෙ.මී. 48 ක් පමණ දිගය. බු.... බු.... බු... ලෙසින් කෑගසයි. ඇටි කුකුල් විශේෂයක් වන බට ඇටි කුකුළා, ශ්‍රී ලංකාව ආවේණික පක්ෂියෙකි. මොවුන් ගෙවතු ආශ්‍රිතව විවෘත භූමිවල ගැවසීමට ඇලුම් නොකරන අතර පහතරට තෙත් කලාපයේ වෙසේ. මොවුන්ගේ හොටය කොළ පාට ය.

10.කවුඩා/White-bellied drongo 

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවලද, වෙනත් රටවලද දැකිය හැකි කවුඩා, ප්‍රමාණයෙන් තරමක් කුඩා පක්ෂියෙකි. මොවුන් හඳුනා ගැනීමට පහසුම ලක්ෂණය වන්නේ වලිගය දෙකට බෙදී පැවතීමයි. කළු පැහැතිය. තනිව මෙම යුගල් වශයෙන් ද ගැවසේ. පොළොව ආසන්නයේ ගැවසෙමින් ගොදුරු සොයා යයි. වලිගය දිගු ය. කුඩා කෘමීන් ආහාරයට ගනී. දුරකථන, විදුලි රැහැන්, කම්බි වැටවල් ආශ්‍රිතව නිරන්තරයෙන් දක්නට ලැබේ.


11.කපුටා/Crow 

ගෙවතු ආශ්‍රිතව නිරන්තරයෙන් දක්නට ලැබෙන, කළු පැහැති කුරුල්ලෙකි. ශ්‍රී ලංකාව වැනි ආසියානු රටවල මෙන්ම වෙනත් රටවල ද කපුටන් දැකිය හැක. කුඩා සතුන්, මළකුණු, බත්, පලතුරු වැනි ඕනෑම ආහාරයක් ගනු ලබයි. ‘කාක් ...... කාක් ලෙසින් නද දෙයි. ආහාරයක් ලැබුණු සැණින් කෑ ගසමින් අනෙකුත් සඟයන්ට ද කතා කරයි. රංචු වශයෙන් මෙන්ම තනිව හැසිරෙන කපුටන් ද දැකිය හැකි ය. කොහා බිත්තර දමන්නේ ද මේ කපුටන්ගේ කූඩු තුළ ය. මන්ද කොහා සහ කපුටා ප්‍රමාණයෙන් එක සමාන නිසාය.

12.කොණ්ඩ කුරුල්ලා/Red Vented bulbul 

නිතර දක්නට ලැබෙන කුරුල්ලකු වන කොණ්ඩ කුරුල්ලාගේ හිස මත කළු පැහැති කොණ්ඩයක් ඇත. පසුපස කොටස රතු පැහැතිය. මිනිස් ජීවිතය සමඟ ඉතා සමීප කුරුල්ලෙකි. කොණ්ඩ කුරුලු වර්ග 6 ක් දක්නට ලැබෙන අතර, ඒ අතරින් ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා ශ්‍රී ලංකාවට ආවේණික ය. කළු කොණ්ඩයා, බැම කොණ්ඩයා, කොණ්ඩයා, බැම සුදු කොණ්ඩයා, කළු හිසැති කොණ්ඩයා අනෙකුත් වර්ග වේ. මොවුන්ගේ නිබිම ඉන්දියානු උප මහද්වීපයට අයත් ශ්‍රී ලංකාව, ටිබෙටය, මියන්මාරය ආශ්‍රිතව වේ. කුඩා රංචු වශයෙන් ද, යුගල වශයෙන්ද දක්නට ලැබේ. පලතුරු ආහාරයට ගනී. කුඩා කෘමි සතුන් ද ආහාරයට ගනු දැකිය හැක.

13.ගේ කුරුල්ලා/House Sparrow 

ප්‍රමාණයෙන් කුඩා පක්ෂියෙක් වන ගේ කුරුල්ලා, මනුෂ්‍ය වාසස්ථාන ආශ්‍රිතව නිරන්තරයෙන් ගැවසේ. යුරෝපයට ආවේණික කුරුල්ලකු ලෙස හැඳින්වුවද, ආසියානු හා මධ්‍යධරණී කලාපයේ ද බහුලව දැකිය හැකි ය. ධාන්‍ය වර්ග හා වල් පැළෑටිවල බීජ ආහාරයට ගනී. එසේම කෘමීන් වැනි වෙනත් දෑ ද අවස්ථානුකූලව ආහාරයට ගනී. සෙ.මී. 16 ක් පමණ දිග, කුඩා පක්ෂියෙකි. දුඹුරු, අළු පැහැයක් ගන්නා අතර, සුදු හා කළු පැහැයද අතරින් පතර දක්න ලැබේ. ගේ කුරුලු ගහනය ක්‍රමයෙන් පහළ වැටෙමින් පවතින නිසා, රතු දත්ත පොතට ද ඇතුළත් කර ඇත. ගේ කුරුල්ලෝ නිවසට වාසනාව කැන්දන බව පුරාණ ගැමි මතයකි.

14.පැණි කුරුල්ලා/Sunbird 

අපේ ගෙවත්තේ දක්නට ලැබෙන අලංකාර කුරුලු යාළුවෙක් ලෙස පැණි කුරුල්ලා හඳුන්වන්න පුළුවන්. මොවුන් ලෝකය පුරාම දක්නට ලැබේ. ඉතාම සමාජශීලී හා කඩිසර කුරුල්ලකු වන පැණි කුරුල්ලා, අවුරුදු 05 ක් පමණ ආයු දරයි. දිලිසෙන විවිධ වර්ණ නිසා පැණි කුරුල්ලාගේ අලංකාරත්වය තවත් වැඩි වේ. ඉතා සියුම් ශබ්දයක් නිකුත් කරන මොවුන් සාමාන්‍යයෙන් සෙ.මී. 3.5 ක් තරම් ප්‍රමාණයෙන් යුතු කුඩා පක්ෂියෙකි. ඉතා සිහින්, දිගු හොටය නිසා මල්වල පැණි උරා බීමට මෙන්ම කුඩා කෘමි සතුන් අල්ලා ගැනීමටත් මොවුන්ට හැකි ය. මොවුන් බොහෝ විට යුගලක් ලෙස ජීවත් වේ.