Pages

Thursday 28 October 2021

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන දඩයක්කාර කුරුල්ලෝ

1.බඩ රතු රාජාලියා(Rufous-bellied Eagle)

විද්‍යාත්මක නාමය - Lophotriorchis kienerii 

රාජධානිය - Animalia 

වංශය - Chordata 

වර්ගය - Aves 

ගෝත්‍රය - Accipitriformes 

කුලය - Accipitridae 

ප්‍රමාණයෙන් සෙ.මී. 51 ක් පමණ දිග මේ දඩයක්කාර කුරුල්ලන්, මෙරටේ මෙන්ම දකුණුදිග ආසියාවේ හිමාලය ප්‍රදේශය, ජාවා, පිලිපීනය වැනි රටවලද වෙසේ දුලබව දැකිය හැකි නිවැසියෙකි. පියාසර කරමින් කුරුල්ලන්ව ගොදුරු ලෙස අල්ලා ආහාරයට ගනී. උඩුකය කළුය. යටිකය රතුවන් දුඹුරුය. ළය ප්‍රදේශය සුදුය. සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙක් වන නමුත්, යටිගිරියෙන් කෑගසන හඬක් නිකුත් කළ හැකිය. වනාන්තර අද්දර ගැවසේ.

2.කළු උකුස්සා(Black Eagle)

විද්‍යාත්මක නාමය- Letinactus malaiens 

රාජධානිය - Animalia 

වංශය - Chordata 

වර්ගය-Aves 

ගෝත්‍රය - Accipitriformes 

කුලය - Acciptridae 

දුබලව දැකිය හැකි නිවැසියෙකි. තුරු මුදුන් ඉහළින් පියාඹා ගොස් ගොදුරු සොයයි. කුරුලු බිත්තර, කුරුලු පැටව් ආහාරයට ගැනීමට වඩා ප්‍රිය ළකූ කරයි. ඇතැම්විට හොඳින් වැඩුණු වුවද ගොදුරු කර ගැනීමේ හැකියා ඇත. කඳුකරය ආශ්‍රිතව පැතිරේ. පතත ව ඇති තැන්වලට වඩා ප්‍රිය කරයි. ශ්‍රී ලංකා පහත රට වියළි කලාපයේ කුඩා කඳු ආහඳ වෙසේ. මීට අමතරව ඉන්දියාවයුණු දිග චීනය, ගිනිකොන දිය ආසියා දැකිය හැකිය. සාමාන්‍යයෙන් නිහඬෂියෙකි. සෙ.මී. 69 ක් පමණ දිගය. කපිල් ගොනුවක් සහිතය.

3.කොණ්ඩ රාජලියා-(Crested Hawk Eagle)

විද්‍යාත්මක නාමය-Nisaetue cirrhatus

රාජධානිය- Animalia 

වංශය- Chordata

වර්ගය - Aves 

ගෝත්‍රය -Accipitriformes 

කුලය - Accipitridae 

ප්‍රමාණයෙන් සෙ.මී.9 දිග මෙම කුරුල්ලන්, සුලබව දැකි හැකි නිවැසියෙකි. මෙරටට අමතරව ඉන්දියාව , බොර්නියාව, ජාවා, පිලිපීනය නි රටවල ද වෙසේ. වැඩිපුර පියාසරඝොර එක තැන ලැග සිට, ගොදුරු ඩැහැ ගැනීම සිරිතකි. හැඩරුව ගතහොත් මොවුන්ගේ ශරීරය සිහින්ය. යටිකය කෙටි ඉරි සහිතව සුදු හා දුඹුරු පැහැයක් ගනී. උඩුකය තද දුඹුරු හා ළා පාට ය. දිගු කකුල් සහිතය. හිසමත ඉහළට එසවී ඇති කොණ්ඩයක් මෙන් පිහාටු ගොන්නකි. වනාන්තර තුරුලතා සහිත එළිබිම්වල ගැවසේ.

4.බ්‍රාහ්මණ උකුස්සා-(Brahminy Kite)

විද්‍යාත්මක නාමය-Haliastur indus 

රාජධානිය - Animalia 

වංශය- Chordata 

වර්ගය- Aves 

ගෝත්‍රය- Accipitriformes 

කුලය - Accipitridae 

ඉතා සුලබව දැකිය හැකි දඩයක්කාර කුරුල්ලෙකි. ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශ ආශ්‍රිතවද, කලාතුරකින් කඳුකරයේ ද දැක ගත හැකිය.එළි බිම්, වැව් අසළ හා වෙරළ ආශ්‍රිතව ගැවසේ. ප්‍රමාණයෙන් සෙ.මී.45ක් පමණ දිග මොවුන්, වේදනාත්මක භීන් හඬක් නගයි. රතුවන් දුඹුරු හා සුදු පැහැති පිල් ගොනුවකි. හිස සුදුය. බමුණු පියාකුස්සා  ලෙසින් ද හඳුන්වයි. ඉන්දියාව, දකුණු චීනය, ගිනිකොණ දිග ආසියාව, ඔස්ට්‍රේලියාව ආදී රටවල ද දැක ගත හැකිය.

5.සුදු බිම් උකුස්සා-(Pallied Harrier)

විද්‍යාත්මක නාමය-Circus macrourus 

රාජධානිය- Animalia 

වංශය - Chordata 

වර්ගය - Aves 

ගෝත්‍රය- Acciptriformes 

කුලය- Accipitridae 

දුලබව දැකිය හැකි සංචාරක කුරුල්ලෙක් වන සුදු බිම් උකුස්සන්, ශ්‍රී ලංකාවට ද පැමිණෙන සංචාරක පක්ෂියෙකි. මීට අමතරව යුරෝපය, අප්‍රිකාව හා ආසියාවේ ද වෙසේ. වගුරු බිම් හා එළිබිම් ආශ්‍රිතව ගැවසේ. සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙකි. සෙ.මී. 43 – 48ක් පමණ දිගය.පිල් ගොනුව රිදීවන් වූ අළු පැහැයකි. උඩු ළය සුදු පාට ය. කුරුල්ලාට වඩා කිරිල්ලිය ප්‍රමාණයෙන් විශාලය.

6.පා දිග උකුස්සා-(Long-Legged Buzzard)

විද්‍යාත්මක නාමය- Buteo rufinus 

රාජධානිය - Animalia 

වංශය- Chordata 

වර්ගය - Aves 

ගෝත්‍රය- Accipitriformes 

කුලය - Accipitridae 

සෙ.මී. 61 ක් පමණ දිග මෙම උකුස්සන් විශේෂය, සාමාන්‍යයෙන් නිහඬය. ශීත සමයේ තරමක් හඩ නගයි. සංචාරක කුරුල්ලෙක් වන අතර, ඉතා දුලබය. මධ්‍යම යුරෝපය, උතුරු අප්‍රිකාව, මධ්‍යම ආසියාවේ වෙසේ. පිල් ගොනුව දුඹුරු පැහැයෙන්, ළා රතු, තද පාට අයුරින් විවිධ පැහැයක් ගනී. පාද දිගුය. ඒ නිසාම මේ නම ලැබී ඇත. හිස සුදු ය. වනාන්තර ආශ්‍රිතව ගැවසේ.

7.අමුර් කුරුලුගොයා-(Amur Falcon)

විද්‍යාත්මක නාමය - Falco amurensis 

රාජධානිය- Animalia 

වංශය - Chordata 

වර්ගය - Aves 

ගෝත්‍රය- Falconiformes 

කුලය - Falconidae 

සෙ.මී. 30 ක් පමණ දිග මෙම කුරුලු ගොයි විශේෂය, නැගෙනහිර හා දකුණු දිග ආසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද වෙසේ. නමුත් ඉතා දුලබ නිවැසියෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙක් වන මොවුන්, ඇතැම්විට හඬ නගයි. වනාන්තර, එළිබිම් ආශ්‍රිතව වැඩි වශයෙන් ගැවසේ. උඩුකය තද අළු ය. ඉහළ ප්‍රදේශය කළු ය. හොට, නිය හා කකුල් රතුවන් කහ ය. මොවුන්ගේද කුරුල්ලාට වඩා කිරිල්ලිය ප්‍රමාණයෙන් විශාලය.



ඔබට පරණ Post බැලීමට අවශ්‍යනම් Older Post මත ක්ලික් කරන්න.



Wednesday 27 October 2021

වැලේ හැදෙන ගුණදායක එළවළු

1.කැකිරි-Kekiri 

විද්‍යාත්මක නාමය-Citrulus lanatus 

මෙය ද බහුරු ආධාරයෙන් වැඩෙන වැලකි. කඳේ නැමුණු කටු වැනි රෝම සහිතය. මල් කහ පැහැතිය. වියළි කලාපයේ සරුවට වැඩේ. මේවයේ සීනි කැකිරි ලෙස ද විශේ ෂයක් තිබේ. සමහර අය මේවාට සිහි හෝ පැණි දමා පලතුරක් ලෙසද ආහාර යට ගනී. කැකිරි ව්‍යාංජනය මුත්‍රා ගල් රෝගවලට ද ඉතා ගුණදායක වේ. පිළිස්සු කැකිරි බීජ මද ඇල්දියෙන් අඹරා හිසේ ආලේප කළ විට බලවත් හිසේ කැක්කුම සමනය වේ. කැකිරි ඇට අඹරා දියකර පානයක් ලෙස පානය කිරීමෙන් තිබහව සන්සිඳෙන අතර දහය දුරු වී ගත සිසිල් වේ.

2.අළු පුහුල්-Ash pumpkin 

විද්‍යාත්මක නාමය-Benincasa hispida 

බූවකින් වැසුණු කඳකින් හා පත්‍රවලින් යුත් වැලකි. මෙම වැල විශාල ඉඩකඩක් වෙන් කර ගනී. තරමක් ඕවල් හැඩයෙන් යුත් ගෙඩිය අළු සහිතය මෙය වියළි කලා පයේ බහුලව දැක ගත හැකියි. අළු පුහුල් ගෙඩි මෙන්ම ළපටි පත්‍ර ද මල් පොහොට්ටු ද ආහාරයට ගනී. පුහුල් යුෂ රසදිය, මධ්‍යසාර හා සර්ප විෂ සඳහා ප්‍රතිවිෂ නාශක ලෙස භාවිත කරයි. පුහුල් දඬු, යුෂ සීනි දමා පානය කිරීමෙන් සිරුර සිසිල් කරවයි. දියවැඩියාව, අපස්මාරය, උන්මාද රෝග හා ස්නායු රෝග සඳහා මහඟු ඖෂධයකි.

3.පිපිඤ්ඤා-Cucumis sativus

විද්‍යාත්මක නාමය-Cucumber 

මෙය බූව සහිත වැලක් ලෙස වර්ධනය වේ. ඉන්දියාව නිජබිම ලෙස සැලකේ. පිපිඤ්ඤා ගෙඩිය මෙන්ම දළු කොළ ද ආහාරයට ගනී. මේ වැලද වියළි කලාපයේ හොඳින් වැඩේ. පිපිඤ්ඤා යකඩ සහ කැල්සියම් වලින් පොහොසත් එළවළුවකි. විටමින් බී, සී, හා ජී මද වශයෙන් අඩංගු ය. කුඩා ළමුන්ට අතීසාරය වැළඳී ඇති විට ළපටි පිපිඤ්ඤා ගෙඩි ව්‍යාංජනයක් ලෙස පිළියෙල කරදීම අතීතයේ සිට සිදුකළ අත් බෙහෙතකි. ශරීරයේ ඌෂ්ණ ගතිය සමනය කරන්න, සමෙහි නිරෝගී බව රැකගන්න අමුවෙන් වුවත් ආහාරයට ගත හැකි එළවළුවකි.

4.කරවිල-Bitter gourd

විද්‍යාත්මක නාමය-Momordica charantia 

තිත්ත රසයෙන් යුක්ත වුවත් ඉතා ගුණදායක එළවළුවකි. කාරවල්ලී, කරවෙල්ල ආදී නම් වලින් ද හඳුන්වයි. රුධි රයේ සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාවක් පවතින දියවැඩියා රෝගයට ඉතා ගුණදායක එළවළුවකි. පිත්තාශයේ හා අක්මාවේ රෝග සඳහා ද දිව ඔසුවක් වන් කරවිල පිළිකා නසන ගුණයෙන් යුක්ත බව පසුගියදා පර්යේෂණ මඟින් සොයාගෙන තිබේ. කරවිල ඇටය ද ඖෂධීය ගුණයෙන් යුක්ත අතර පිත්තාශයේ සහ අක්මාව ආශ්‍රිත ලෙඩ රෝගවලටද ගුණදායක වේ. වියළි කලාපයේ හොඳින් අස්වනු නෙළන භෝගයකි.

5.පතෝල-Snake gourd

විද්‍යාත්මක නාමය-Trichosanthes anguina 

පහුරු ආධාරයෙන් ඉහළට ඇදෙන මේ පතෝල වැළෙහි නිජබිම ඉන්දියාව ලෙස සැලකේ. සුදු පැහැ මල් හටගනී. පත්‍ර කොටස් තුනකට හෝ පහකට බෙදී තිබේ. පතෝල කරල් ව්‍යාංජන, සම්බෝල, මැල්ලුම් හා සලාද ලෙස විවිධාකාරයෙන් පිළියෙල කළ හැකියි. දිරවීම පහසු කරන ආහාරයක් බැවින් උණ රෝගීන්ට ගුණදායකය. මල බද්ධය දුරු කරන අතර ක්ෂය රෝගීන්ට ද ඖෂධීය ආහාරයකි.

6.තුඹ කරවිල-Small bitter gourd

විද්‍යාත්මක නාමය-Phaseolus lunatus 

තුඹ කරවිල වැල් නම් බොහෝ දෙනෙක් දැක නැතුව ඇති. මෙය සිහින් කඳක් සහිත වැලකි. පත්‍ර කොටස්වලට බෙදි විහිදී ඇත. මල් කහ පාටින් තනිව හට ගනී. තුඹ ගෙඩි ප්‍රමාණයෙන් කුඩා වන අතර ඉතා රසවත් ගුණදායි ව්‍යාංජනයක් ලෙස පිළියෙල කරගත හැකියි. තුඹ කරවිල ආහාර රුචිය වඩවන ව්‍යාංජනයකි. අනෙක් එළවළු මෙන් මෙය සෑම ප්‍රදේශයකම වගා කළ නොහැක. ඇදුම රෝගය සඳහා ද තුඹ කරවිල සුදුසු ය.

7.දඹල-Wing bean

විද්‍යාත්මක නාමය-Phaseolus lunatus 

වර්ග දෙකකින් යුතු දඹල වැල ඉහළට වැඩේ. අප්‍රිකාව වැනි නිවර්තන ප්‍රදේශවල බහුලව වගා කෙරෙන දඹල මල සුදු හෝ දම් පැහැයට හුරු ය. ළපටි දඹල කරල් ආහාරයට ගන්නා අතර මේ කරල් පැති හතරකට වෙන් කරන දර පිහිටා තිබේ. ප්‍රේටීන් බහුල ආහාරයක් වන දඹල ශරීර ශක්තිය දුර්වල අයට ඉතා ගුණදායකය. දඹල බීජ වුවද ආහාරයට ගත හැකි නම් ඉහළ පෝෂණ ගුණයක් ලබාගත හැකියි. දඹල ඇට ප්‍රෝටීන බහුල ධාන්‍ය වර්ගයකි.

8.මෑකරල්-Long bean

විද්‍යාත්මක නාමය-Vigna unguiculata 

මෙය ඉහළ වැඩෙන වැලකි. පත්‍ර තුනට බෙදී තිබේ. ක පැහැති මල් හට ගන්නා අතර කරල් සිහින් දිගටිව වැඩේ. ආමාශගත රෝගවලට මෑ කරල් හිතකරය. මුත්‍ර පිටකිරීමේ අපහසුතා මඟ හරවන අතර මෑ කරල් අසනීප තත්ත්වයෙන් පෙළෙන අයට පහසුවෙන් දිරවන එළවළුවකි. ඒ වගේම සෙංගමාය සඳහා ද ගුණදායක වේ.

9.වැටකොළු-Gourd

විද්‍යාත්මක නාමය-Luffa acutangula 

පුහුරු (වැළ උඩට නැගීමට ආධාර වන මුල් වැනි කොටස) මගින් ඉහළට වැඩෙන වැළකි. ළා කොළ පැහැති පත්‍ර විශාලය. වැටකොළු කරල දර සහිත නිසා දර වැටකොළු ලෙස ද හඳුන්වයි. සාමාන්‍යයෙන් වැටකොළු ගෙඩිය සෙන්ටි මීටර් 15 – 30 ක් පමණ දිගට වැඩේ. ළපටි ගෙඩි ආහාරයට ගනී. මෙහි දර සහිත කොටස ද සිහින්ව ලියා ආහාරයට එක්කර ගත හැකියි. අක්මා රෝග, රක්තාර්ශස් හා කුෂ්ට ආදී රෝග සඳහා වැටකොළු පත්‍ර අඹරා ආලේප කරයි. වැටකොළු මල කහ පැහැති පත්‍ර පහකින් යුක්තය.

10.වට්ටක්කා-Pumpkin gourd

විද්‍යාත්මක නාමය-Cucurbita maxima 

වට්ටක්කා බූව සහිත තරමක් විශාල පත්‍ර හටගන්නා විශාල වැලක් ලෙස වර්ධ නය වේ. මේ වැලට තරමක ඉඩකඩක් වෙන් කිරීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ බහුලව වගා කරයි. වට්ටක්කා ගෙඩි මෙන්ම ළප පත්‍ර හා කඳ කොටසද මල් හා බීජ ද ආහාරයට එක් කරගනී. ළපටි කඳ කොසේ කැල්සියම්, යකඩ, පොස් පරස් හා විටමින් ඊ බහුලව අඩංගුය. වට්ටක්කා ගඩියේ ලෙල්ලේ ද කැල්සියම් අධිකය. එ නිසා කැල්සියම් ඌණතාවය ඇති අයට)ට්ටක්කා ඉතා ගුණදායක වේ. වට්ටක්කා බීජ යුෂ පටිපණු රෝගය සඳහා අඹරු දියර ඖෂධයක් ලෙස යොදා ගැනේ.



Sunday 24 October 2021

දියේ උපන් ජලජ පැළෑටි

1.නිල් මානෙල්-Blue Water Lily(Nymphaea stellata)

අපේ රටේ ජාතික පුෂ්පය ලෙස හඳුන්වන නිල් මානෙල් ජලජ පැළෑටියකි. මෙහි පත්‍ර ජල තලයේ මතුපිට පාවෙයි. මල් ඉන් ඉහළට එස වී හටගනී. මෙහි මූල පද්ධතිය ජලයේ ගිලී තිබේ.


2.අතිඋඩයන්-Water Trumpet(Cryptocoryne)

ළා දම් පැහැති දුඹුරු පැහැ පළල් පත්‍ර සහිත ජලජ ශාකයකි. මෙහි මුල් පසට සවි වී පවතී.

 3.කුමුදු-Kumudu/water snowflake(Nymphoides Indica)

මෙය රාත්‍රියට පිපෙන ජලජ ශාකයකි. පත්‍ර සහ මල් ජල මට්ටමෙන් ඉහළට පැමිණේ.මූල පද්ධතිය ජලයේ ගිලී පවතී.

4.නෙළුම්-Lotus(Nelumbo nucifera)

නෙළුම් මඩ සහිත ජලයේ හටගන්නා ඉතා අලංකාරවත් පුෂ්පයකි. සුදු හා රතු නෙළුම් මල් හටගනී. ජලය මත පාවෙන ආකාරයෙන් පත්‍ර පිහිටයි.

5.ලුණුවිල-Water Hyssop(Bacopa monnier)

ජලය ගලා නොයන ජලය රඳන ස්ථානවල දැකගත හැකියි. ඖෂධීය වටිනාකමකින් යුත් ජලජ ශාකයකි.


6.ඔිලු-Water lily(Nymphaea pubescens)

ඕලූ පත්‍ර ජලයේ මතුපිට පාවෙන අතර මල් ජලයෙන් ඉහළට පැමිණ පිජේ. ඕලු පැළයේ මුල් ජලය යට ඇති මඬට සවිවී පවතී.

7.ලීනි-Linnea(Echinodorus cordifolius)

මේ ලීනි පැළෑටිය වර්ධනය වන්නේ ජල පද්ධතියේ පහළ ස්ථරයේ ය. පත්‍ර පළල් ලෙස වර්ධනය වේ. විහිදී යන මුල් පද්ධතියක් තිබේ.

8.කෙටල-Araceae(Lagenand thwailtesii)

ජලාශ්‍රිත ගොඩබිමේ මෙන්ම ඉවුරු ආශ්‍රිතව වර්ධනය වේ. දිගැති කොළ හටගන්නා පඳුරු විශේෂයකි.

9.කොහිල-Lasia(Lasia spinosa)

නොගැඹුරු ජලයේ හටගන්නා කොහිල ආහාරයක් මෙන්ම ඖෂධීය ගුණයෙන් යුක්තයි.


10.ලිම්නොකාරිස්-Yellow Velvetleaf(Limnocharis flava) 

මෙම ශාකයත් බහුල ලෙස දක්නට ලැබේ. ජලය ආශ්‍රිත ගොඩබිම් ප්‍රදේශවල වර්ධනය වනු ඇත. සෙ.මී. 20-40 පමණ උඩට වැඩේ. කෙටි, ඝන මෙන්ම ඍජු රෛසෝමීය කඳක් තිබේ.

11.දිය ගෝවා-Water Lettuce(Plstia stratiotes)

ජලය මත නිදහසේ වර්ධනය වන බහු වාර්ෂික ශාකයකි. පත්‍ර මුදුය. නමුත් පත්‍ර ඝනකම්ය. ළා කොළ පැහැති පත්‍ර ගෝවා කොළවලට සමානයි. සුදු පැහැ කේශාකාර කෙඳිවලින් ආවරනය වූ පත්‍ර වාතය රඳවා ගෙන ශාකය වර්ධනයට උදව්වේ. මුල් දිය යට පාවෙමින් පවතී.

12.ජපන් ජබර-Water Hyacinth(Elchhormia crassipes)

මේ ශාකයද ජලයේ ගිලී පවතී. පත්‍ර ජල මතුපිටින් ඉහළටවිත් නිදහසේ පාවෙමින් පවතී. බහුවාර්ෂික ශාකයක් වන මෙය මුල් රහිතව ද දැකගත හැකිය. ඇතැම්විට මුල් කිහිපයක් පිහිටයි.

13.දිය හවරිය-Hornwort(Anthocerotopsida)

මේ ශාකයද ජලයේ ගිලී පවතී. පත්‍ර ජල මතුපිටින් ඉහළටවිත් නිදහසේ පාවෙමින් පවතී. බහුවාර්ෂික ශාකයක් වන මෙය මුල් රහිතව ද දැකගත හැකිය. ඇතැම්විට මුල් කිහිපයක් පිහිටයි.

14.නිල් මොණරැස්ස-Greater Bladderwort(Utricularia moniliformis)

නිල් මොණරැස්ස ද ජලයේ ගිලී පවතින මාංස භක්ෂක ජලජ ශාකයකි. නොගැඹුරු ජලයේ වර්ධනය වේ. මෙය ජලයේ පාවෙමින් හෝ මඩට සවි වී තිබේ. ශාකයේ කඳ මත කුඩා ආශයක හැඩැති උගුල් ඇත. එම උගුල් යොදා කෘමීන් අල්ලා ආහාරයට ගනී.

15.හයිඩ්‍රිල්ලා-Hydrilla(Hydrila verticillata)

මෙය ද ජලයේ ගිලී තිබෙන ශාකයකි. ශාකය ජල පෘෂ්ඨය මතට වර්ධනය වී ඝනකම් පඳුරක් සේ ස්තරයක් සාදයි. මෙහි අතු බෙදී යන දිගු කඳක් සහිතය. 

16.වල් අලකොළ-Taro Colocasaia(Esculenta)

මෙය වගුරුබිම්වල දක්නට ලැබෙන ආක්‍රමණික ශාකයකි. මර්දනය කිරීමට අපහසු තවත් ජලජ ශාකයක් ලෙස හඳුනාගෙන ඇත.

17.සැල්වීනියා-Salvinia(Salvinia molesta)

ජලය මත නිදහසේ පාවෙන ජලජ ශාකයකි. අතු බෙදුණු තිරස් කඳක් ඇත. කඳෙහි සෑම පුරුකක් මතම පාවෙන කොළ පැහැති ඕවලාකාර කේශ සහිත පත්‍ර යුගලක් පිහිටයි.

19.වැලිස්නේරියා-Vallisneria(Vallisneria spiralis)

මේ ශාකය ජලයේ ගිලී පවතී. පත්‍ර තීරු ආකාරයෙන් වර්ධනය වේ. මෙම තීරු පත්‍ර විය පඳුරක් ලෙස ජලය තුළ වැඩේ.


ඔබට පරණ Post බැලීමට අවශ්‍යනම් Older Post මත ක්ලික් කරන්න.


 

 

Saturday 23 October 2021

අලංකාර මල් සහිත ඖෂධ ගුණැති ශාක

 1.මලිත(Red Bell Bush Tree)

විද්‍යාත්ම නාමය-Woodforida Fruticosa

මෙයද ඉන්දියාවට ආවේණික ශාකයකි. මීටර් 1-3 ක් අතර උසට වැඩෙන මෙහි අතු විහිදී තිබෙනු දක්නට හැකිය. ශාක පත්‍ර දිගැටි ස්වභාවයක් ගන්නා අතර රතු පැහැති මල් හට ගනී. මල් හා කොළ ඖෂධීය ගුණැතිය. ශරීරයේ අභ්‍යන්තර ලේ ගැලීම් සඳහා පිළියමක් ලෙස භාවිත කරන මලිත උණ රෝගයට ද ඖෂධයකි. කැඩුම් බිඳුම් සඳහා ගුණදායක මලිත ලේ අර්ශස් වලට මෙන්ම අතීසාරයට හා දැවිල්ල සඳහා ඔසුවක් සේ භාවිත කරන බව පැවසේ.

2.රත්නිටුල්(Scarlet leadwort)  

විද්‍යාත්ම නාමය-Plumbago indica

ඉන්දියාවට ආවේණික ශාකයකි. අඩි 3,4 ක් පමණ උසට වැඩෙන පඳුරුමය ශාකයක් වන රත්නිටුල් උපනිවර්තන හෝ උණුසුම් දේශගුණික තත්ත්වයන් සහිත ප්‍රදේශවල දක්නට ලැබේ. ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ හරිතාගාර වලය. රතු හෝ ළා රෝස පැහැති මල් හට ගනී. අජීර්ණයට, බඩේ වේදනාවට, කැස්සට, ඖෂධයකි. හිසරුදාවට හා කැස්සට ඔසුවක් වන රත්හිටුල් ශාක පත්‍රවල යුෂ සමේ රෝගවලට ගුණදායක බව පැවසේ.

3.අක්මැල්ල(Toothache plant)

විද්‍යාත්ම නාමය- Acmella oleracea

පැළෑවීමය ශාකයක් වන මෙය දත් කැක්කුමි ශාකය ලෙසද හඳුන්වයි. බ්‍රසීලයට ආවේණික ශාකයක් ලෙස හඳුන්වන අතර කෙළින් වැඩෙන පැළෑටියකි. මල් කුඩා සූර්යකාන්ත මිලකට සමානය. මෙම ශාකයේ දළු පිළිස්සුම් තුවාල වලට ඔසුවකි. මල් හා ශාක පත්‍ර තම්බාගත් කසාය හෝ වතුර උගුරේ ආබාධවලට ,ආමාශ රෝග වලට, දත් කැක්කුමට මෙන්ම ගොතයට ඔසුවක් බව සඳහන් වේ. 

4.රුක්අත්තන(Blackboard tree) 

විද්‍යාත්ම නාමය-Alstonia Scholaris

මෙම ශාකයද අග්නිදිග ආසියාවට ආවේණික නිවර්තන ශාකයක් ලෙස සැලකේ. මීටර් 40 පමණ උසට වැඩෙන මෙම ශාකයෙහි පොත්ත අළු පැහැයක් ගනී. ශාක පත්‍රයේ උඩ පැත්ත ඔපවත් බවක් දිස්වේ. යටි පෙදෙස අළු ස්වභාවයක් ගනී. ශාකයෙහි පොත්ත කසාය අතීසාරයට හා මැලේරියාවට කදිමය. තුවාල සුව කිරීමට මෙන්ම උදරාබාධ සඳහා ඖෂධයක් වන රුක්අත්තන සර්ප විෂ නැසීමටද සුදුසු බව පැවසේ.

5.නිල් අවරිය(True indigo)

විද්‍යාත්ම නාමය-Indigofera tinctoria

මීටර් 02 ක් පමණ උසට වැඩෙන මෙහි මල් ළා රෝස හෝ දම් පැහැයක් ගනී. නටු දෙපැත්තේ ඇති ශාක පත්‍ර කොළ පැහැතිය. මෙම ශාකයේ ශාක පත්‍ර, මුල්, මල්, පොතු මෙන්ම ගෙඩි ද ඖෂධීය ගුණයෙන් යුතුය. සෙම් හා වාත රෝගවලට මෙන්ම සමේ රෝගවලට පිළියමක් ලෙස යොදා ගනී. ලේ පිරිසිදු කර ඉදිමුම නැසීමට යෝග්‍ය බව සඳහන් වේ. 

6.යක්වනස්ස(Indian catmint) 

විද්‍යාත්ම නාමය-Anisomeles indica

මෙම ශාකය මීටර් 1.5 හෝ 2,00 ක් පමණ උසට වැඩේ. පඳුරුමය ශාකයක් වන යක්වනස්ස කඳෙහි රෝම ඇත. මෙහිද ඉතා අලංකාර මල් දැක ගැනීමට ලැබෙන අතර ඒවා දම් හෝ සුදු පැහැතිය. කරල් වැනි ඵල ඇත. මෙය පලිබෝධනාශකයක් ලෙසද යොදා ගනී. අජීර්ණය සඳහා ඖෂධයක් වන යවනස්ස උණ රෝගයට පිළියමක් ලෙසද භාවිත කෙරේ.

7.හීං අරත්ත(Heen Aratta)

විද්‍යාත්ම නාමය-Alpinia calcarata

මීටර් 01 ක් පමණ උසට වැඩෙන කඳක් සහිත නැමෙන සුළු ශාකයකි. ඉතා අලංකාර මල් සහිතය. මල් සුදු පැහැවන අතර ශාක පත්‍ර සිනිඳු ස්වභාවයක් ගනී. ඝණ්ඨාවක හැඩයෙන් දිස්වන මලෙහි ඵලය ගෝලාකාරය. එය තැඹිලි රතු පාටය. මෙහි අල හා බීජ ඖෂධ ගුණැතිය. වාත රෝග සඳහා අල කසායක් සේ සාදා ප්‍රයෝජනයට ගනී. විෂ නැසීම සඳහා අල යුෂද, පීනස සඳහා අල තම්බාගත් වතුරද ගුණදායක බව සඳහන් වේ. 

8.අස්වැන්න(Alyce clover)

විද්‍යාත්ම නාමය-Alysicarpus vaginalis

මෙයද පැළෑටිමය ශාකයකි. අතු සිහින් කම්බි මෙන් බෙදී ඇත. ශාක පත්‍ර ඒකාන්තර ආකාරයට පිහිටා තිබේ. මල් රතු පැහැයට හුරු දම් පාටය. ශාක පත්‍ර, මුල් පමණක් නොව පැළෑටියද ඖෂධීය ගුණැතිය. අස්ථි බිඳුම් වලට මෙන්ම පිළිකා මර්දනය සඳහා ඔසුවකි. මුල් තම්බාගත් කසාය කැස්සට ගුණදායක බව පැවසේ. 

9.අරලිය(Temple Tree)

විද්‍යාත්ම නාමය-plumeria rubra

අරලිය ශාකය අඩි 15 ක් පමණ උසට වැඩේ. අතු විහිදී ඇති අතර කිරි සහිතය. ශාක පත්‍රවල උඩුපැත්තේ ඉටි වැනි ස්ථරයක් ඇති හෙයින් ශාක පත්‍රයට වැටෙන ආලෝකය පරාවර්තනය වේ. ශාක පත්‍ර අඟල් 18 ක් පමණ දිගය. මල් සුවඳවත්ය. පොතු හා මල් මතා රෝග හා වාත රෝග සඳහා ඖෂධයක් ලෙස භාවිත කෙරේ. සමේ රෝගවලට ගුණදායක අරලිය පොත්ත උෂ්ණ ගුණයෙන් යුතුය.

10.දොඹ(Ball Nut Tree)

විද්‍යාත්ම නාමය- Calophyllum inophyllum

දොඹ ශාකය නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඉන්දියාව, මැලේසියාව, හා ඔස්ට්‍රේලියාව ආදී රටවලට ආවේණිකය. ශාක පත්‍ර විශාල වන අතර අලංකාරත්වයෙන්ද යුතුය. මල් සුවඳවත්ය. ඵලය කහ හෝ කොළ පැහැ වන අතර ගෝලාකාරය. එය තුවාල සුව කිරීම වද, සමේ රෝග සඳහාද ගුණදායකය. ශාක පත්‍ර තැම්බූ වතුර ඇස්වලට ගුණදායකය.

11.හීං බෝවිටියා(Heen Bovitiya)

විද්‍යාත්ම නාමය-Osbeckia octandra

පඳුරුමය ශාකයක් ලෙස සැලකෙන හීන් බෝවිටියා මීටර් 02 ක් පමණ උසට වැඩේ. බොහෝ සේ අතු බෙදී ඇති මෙහි අතු මත මද වශයෙන් බූව ඇත. ඉලිප්සාකාර ශාක පත්‍ර සහිත මෙම ශාකයේ මල් රෝස පැහැයට හුරු දම් පැහැයක් ගනී. ශාක පත්‍ර සෙංගමාලයට, අක්මාවට මෙන්ම දියවැඩියාවට ගුණදායක බව සඳහන් වේ.

12.කපුකිනිස්ස(Kapukinissa Tree)

විද්‍යාත්ම නාමය-Abelmoschous moschatus

ඖෂධීය ගුණැති කපුකිනිස්ස ශාකය සුවඳවත්ය. ඵලයද කස්තුරි වැනි මිහිරි සුවඳකින් යුතුය. බණ්ඩක්කා ගසට පෙනුමින් සමාන මෙය අඩි 5-6 ක් පමණ උසකට වැඩේ. මල් කහ පැහැතිය. ඖෂධීය ගුණැති කපුකිනිස්ස මස්පිඬු පෙරළීමට හා සන්ධි වේදනාවට පිළියමක් ලෙස භා කරයි. සෙම නසන,ආහාර රුචිය වඩවන, මුව පිරිසුදු කරන ගුණයෙන් යුතුය.

ඔබට පරණ Post බැලීමට අවශ්‍යනම් Older Post මත ක්ලික් කරන්න.
 

 

සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ ලොව සුපතල වනෝද්‍යාන

1.කැලිෆෝනියාවේ යොසිමිටි ජාතික වනෝද්‍යානය 

වර්ග කිලෝමීටර් 3100 විශාල යොසිමිටි වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියරා නෙවාඩා කඳුවල බටහිරට වන්නටයි. ව අමෙරිකාවේ මුල්ම වනෝද්‍යාන අතරින් එකක්වන මෙය යෝධ සොකෝයියාගස්සහ වන උයනේ ජෛව විවිධත්වය නිසාම ලෝක අවධානයට ලක් වූවකි. 1984 දී ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත්කරන ලද මේ වන උයන තුළ උස මීටර් 600 - 4000 දක්වා උසට විහිදෙන කඳු ශිඛරහා පර්වත රාශියකින්සමන්විතයි. උස් කඳුකරය ඉහළ කඳුකර කලාපය, ඕක් වන කලාපය, ඝන අකුල් කලාපය ලෙස කලාප කීපයකට වෙන් කළ හැකි මෙම වනෝද්‍යානය තුළ මුළු කැලිෆෝනියාවේම දැකිය හැකි ශාක වර්ග හත්දහසක් පමණ වූ ප්‍රමාණයෙන් අඩක්ම පිහිටා ඇති බවට උද්භිද විද්‍යාඥයන් ප්‍රකාශ කරයි. ලොව ඉතාම දුර්ලභ ශාක විශේෂ 150 පමණ දැකිය හැකි අතරවනෝද්‍යානයට කිලෝමීටර්06ක පමණ දුරින් සැන්ෆ්‍රැන්සිස්කෝ සහ ලොස්ඇන්ජලීස් නගර පිහිටා තිබීමත් සුවිශේෂීතත්ත්වයකි. උතුරින්,ගිනිකොණින් හා ඊසාන දිශාවලින් පිළිවෙළින් එමිග්‍රාන්ට්, ඇන්සෙල් ඇඩම්ස් හා හුවර් යන කාන්තාර තුනට මැදිවී යොසිමිටි වනෝද්‍යානය පිහිටා තිබීම තවත් සුවිශේෂී කරුණකි. යොසිමිටි නිම්නයෙන් ගලා බසින "මර්සඩ් ගංගාව” හා “වර්නල් දියඇල්ල” යොසිමිටි නිම්නයට ආශිර්වාදයක් වන “එල්කැපිටන් ” නම් වූ විශාල කළුගල් පර්වත නිම්නයේ පිහිටි “සෙන්ටිනල් කඳු ශිඛරය" වනෝද්‍යානයේ ස්ථාන කීපයක ඇති “යෝධ සෙකෝයිසාගස් ”මෙහිදීසංචාරකයන්ගේවිශ්මයටහේතුවන ස්වභාවික පිහිටීම් ලෙස දැක්විය හැකිය.ඊට අමතරව වනෝද්‍යානය තුළ ජීවත් වන ක්‍ෂීරපායින් , උරගයන්, පක්ෂීන්, උභයජීවීන් හා මිරිදිය මත්ස්‍ය විශේෂ ගහනය ද ඉතාම ඉහළයි. යෝධ සෙකෝයියා ගස්වලට අමතරව පොන්ඩිරෝසා පයින්, වෙස්ටර්න් වයිට්පයින්, ලොජිපොල් පයින්, ෆොස්ටේල් පයින් 5 රෙඩ්කාර්, වයිෆර්, ඩග්ලස්ෆර් වැනි අලංකාර ශාක වර්ග ද, යොසිමිටි උද්‍යානයේදී දැකගත හැකියි.

2.උතුරු ඇරිසෝනාවේ ග්‍රෑන්ඩ් කැනියන් වනෝද්‍යානය

ගිනිකඳු, භූමිකම්පා, නායයෑම් වැනි ස්වභාවික ව්‍යසන රැසක ප්‍රතිඵලයකින් නිර්මාණය උතුරු ඇරිසෝනාවට අයත් ඉතාම සුවිශාල ආවාටයක් පසුබිම් කරගෙන නිර්මාණය වී තිබෙන මෙම වනෝද්‍යානය විස්මිත අපූර්ව සොබා සොඳුරු බවට ආදරය කරන සංචාරකයන්ට සුවිශේෂීම ස්ථානයක්. කැලිෆෝනියා බොක්කෙන් සයුරට වැටෙන සැතපුම් 1450 ක් පමණ දිග කොළරාඩෝ ගංගාව ගලායන ප්‍රධාන මාර්ගයේ මෙම ආවාටය පිහිටා තිබීම නිසාම සුවිශේෂී පක්ෂීන්, මත්ස්‍යයන්, උරගයන්, උභයජීවීන් මෙන්ම ක්ෂීරපායි සතුන් ඉතාම සුරක්ෂිතව මෙහි ජීවත් වේ. ග්‍රෑන්ඩ් කැනියන් ආවාටයේ උපරිම පළල සැතපුම් 18 පමණ වන අතර ආවාටයේ උපරිම උස අඩි 600 පමණ වෙනවා. සම්පූර්ණ කොළරාඩෝ ගංගාවෙන් සැතපුම් 275 ක්ම ගලා යන්නේ වනෝද්‍යානයේ ලීක්ස්ෆර් නම් මායිමේ සිට ග්‍රෑන්ඩ් වොෂ් නම් පර්වත භූ මායිම හරහායි. වර්ග සැතපුම් දෙදහසක් පමණ විශාල වූ මෙම වනෝද්‍යාන භූමිය අද ලෝක උරුම ලැයිස්තුවට ද අයත් වෙනවා. උතුරු අමෙරිකාවේ භූ ඉතිහාසය අධ්‍යයනය කිරීමට ඉතාම සුදුසු භූමියක් ලෙසත් මෙම වන බිම ප්‍රකටයි. ඇස්බැස්ටස් හා තඹ, යකඩ වැනි ලෝහ නිධි මෙම ප්‍රදේශයේ බහුලව තිබෙන බව ගවේෂණ මඟින් තහවුරු වී තිබුණත් සංරක්ෂිත වන බිම් නිසා ඉන් ඉතා වටිනා ලෝක උරුමයකට සෙත සැලසී තිඛෙනවා.

3.ඉන්දියාවේ "ගිර්" ජාතික වනෝද්‍යානය

ආසියානු සිංහයන්ට ඉතාම සුවිශේෂී රක්ෂිත අභය භූමියක් ද වන ගිර් ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ “ ජුනාගාද් නම් ප්‍රදේශයේය. 1965 දී ප්‍රකාශයට පත් කළ මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 1415 පමණ වේ. ගිම්හාන, සිසිර හා නිවර්තන මෝසම් දේශගුණික තත්ත්වයන් ගිර් වනෝද්‍යානයට කලින් කලට බලපානවා. මේ අනුව මෙතුළ ජීවීන් ගහනයේ අපූර්වත්වයන් සුවිශේෂීයි. විෂම දේශගුණය නිසා කලින් කලට ක්‍රියාත්මක වන ගිරිවනෝදාතයේ ආසියානු සිංහයන් ගංගා හතකින් පෝෂණය වන අතර මේ ගංගාවන් පිටාර ගලන්නේ දැඩි වර්ෂා කාල වල පමණයි. සරස්වතී, ගෝඩාවදී, සින්ගෝඩා, දතාර්දි, හිරාන්, මැවුන්ද්‍රි රාවාල් ලෙස මෙම ගංගා හැඳින්වෙනවා. වනෝද්‍යානය තුළ අභ්‍යන්තර ජලාශ හා විල් තුන්සීයක් පමණ ඇති නිසා උණුසුම අධික සමයේ පවා මේ ජලාශ ආශ්‍රිතව ද බොහෝ වන සතුන් නැරඹීමට හැකියි. වර්ග කිලෝමීටර් 200 ක් පමණ වු සුවිශේෂී ආරක්ෂිත වන කලාපය තුළ දැඩි ආරක්ෂා සහිතව ආසියානු සිංහයන් 370 පමණ මෙහි ජීවත්වනු දැකිය හැකිය. ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී ක්‍රියාකාරීන් හා රාජ්‍ය නොවන විවිධ සත්ත්ව අවිහිංසා සංවිධාන මේ ආසියානු සිංහයන් පිළිබඳ දැඩි සැලකිල්ලෙන් ක්‍රියාත්මක වෙනවා. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000 ක් පමණ ලැබෙන මෙහි ආසියානු සිංහයන්ට අමතරව දිවියන් විශේෂ, හයිනාවන්, කැලෑ බළලුන්, මුගටියන්, හිවලුන්, උරුලෑවන්, ඇන්ටිලෝපයන්, ගෝනුන්, වල් ඌරන්, තාරකා ඉබ්බන්, කටුසු විශේෂ, පිඹුරන්, විසකුරු සර්ප විශේෂ, උකුස්සන්, රාජාලියන් හා ගිජුළිහිණි විශේෂ හා මිරිදිය මත්ස්‍ය විශේෂ විශාල වශයෙන් දැකිය හැකියි. ඉන්දියාවේ ඉහළම කිඹුල් ගහනයක් සහිත රක්ෂිතය වන්නේද ගිර් ජාතික වනෝද්‍යානයයි.

4.දකුණු අමෙරිකාව් කැනයිමා ජාතික වනෝද්‍යානය  

වෙනිසියුලාවට අයත් ගුවානා දේශසීමාව ආසන්නව පිහිටා තිබෙන මෙම වනෝද්‍යානය ගංගාවන්, දිගු පටු තෘණ බිම්, ඉතාම විශාල පැතිමක් සහිත වනාන්තර, වැලි ගල්, උස් සානු කලාප ආදී විෂමතා රැසකින් යුක්තයි. වනෝද්‍යානයට නිරිත දෙසින් පිහිටා තිබෙන්නේ ඇනකොන්ඩාවන් හා කිඹුලන් බහුල ඔනෝකෝ නදියයි. වනෝද්‍යානයේ නැගෙනහිර කලාපයේ තිබෙන ඉතාම දර්ශනීය පටු දිග තෘණබිම් තීරුව හැඳින්වෙන්නේ ග්‍රෑන් සබානා (Gran Sabana)නමින්ය. වනෝද්‍යානයේ පිහිටි උස් සානුවල මුහුණත අධික සුළං වලට අසුවීම නිසා ඉතාම වර්ණවත් වැලි ගල් මුහුණත් ලෙස සකස් වී තිබෙන්නේ ඉතාම විචිත්‍රවත් ආකාරයෙන්ය. වර්ෂය පුරාම ඉහළ වර්ෂාපතනයක් ලැබෙන බැවින් කුඩා දිය දහරාවන් රාශියක් වනෝද්‍යානය පුරාම විසිරී තිබෙන අතර ලෝකයේ උසම දිය ඇල්ල ලෙස හඳුන්වන (උස අඩි 3280) ඒන්ජල් දියඇල්ල පිහිටා තිබෙන්නේ මේ වනෝද්‍යානයේ ඇති අයුයාන් ටෙපුයි Auyan Tepui සානුවට ඉහළින් පිහිටි ගිරි ශිඛරයේයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒන්ජල් යේ දිය ඇල්ලේ උස ආසන්නම වශයෙන් කිලෝමීටරයකට සමානයි. දකුණු වි අමෙරිකානු ස්වදේශිකයන් මේ දියඇල්ල හඳුන්වන්නේ චුරුන්මිරු යන නමින්ය. මේ දියඇල්ල ඒන්ජල් නමින් නම් කර තිබෙන්නේ වර්ෂ 1937 දී මුල්වරට එය සොයාගත් පිමී ඒන්ජල්ගේ නමිනි. දියඇල්ලට උපත දෙන්නේ කැරාඔි ගංගාවයි.කැනයිමා උද්‍යානයේ බුරටි නම් ෆාම් ශාකත්, ටිපුයියා, බ්‍රොමිලියාස්, ඇක්නො පෙගන් වැනි ඉතාම ආකර්ෂ ණීය දර්ශනීය ශාක විශේෂ බහුලව දකින්න පුළුවන්. සමක දේශගුණයට හුරු වූ පක්ෂි විශේෂ, ක්ෂීරපායි සතුන්. විවිධ වානර විශේෂ මෙන්ම ඉතාම දරුණු පිරන්හා මසුන් ඔරිනෝකෝ හා අමෙරිකානු කේක්මන් කිඹුලන්, දැවැන්තම පිඹුරු විශේෂ යක් වන ඇනකොන්ඩාවන් ද (දිගින් අඩි 30 ක් පමණ වේ.) කැනයිමා වනෝද්‍යානය තුළ දැඩි රුදුරු බවක් මවා තිබෙනවා. 1954 වර්ෂයේදී මෙම වනෝද්‍යානය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබීය.

5.දකුණු අප්‍රිකාවේ කෲගර් වනෝද්‍යානය

දකුණු අප්‍රිකාව හා මොසැම්බික් දේශසීමාවේ එක් කොටසකට මායිම්ව පිහිටි මෙම වනෝද්‍යානය අප්‍රිකානු කලාපයේ පැරණිම වනෝද්‍යානය ලෙසත් ලොව විශාලතම වනෝද්‍යානය ලෙසත් ප්‍රකට වී තිබෙනවා. කිලෝමීටර් 60 ක පමණ පළලින් යුතු මෙම වනෝද්‍යානයේ මොසැම්බික් හා සිම්බාබ්වේ දේශසීමා අතරින් ගලාබසින ලිපෝපෝ නදියත් සමඟ කිලෝමීටර් 300 කටත් වඩා දුරක් දකුණු දෙසට පැතිර් තිබෙන මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 19485 පමණ වේ. මේ විශාලත්වය සාපේක්ෂව අපේ රටෙන් තුනෙන් එකකට මඳක් සමානයි. වනෝද්‍යානයේ විශාලත්වය කොතරම් ද යත් උද්‍යානයේ දකුණු දෙසින් ගලා බසින “ලිම්පෝපෝ ” නදියට අමතරව සැබි, ෂින්විඩ්සි, ලිටාබා, ක්‍රොකෝඩියල්, ලුවුවුහු, ඔලිෆාන්ටස් යන කුඩා ගංගා හයක් කෲගර් වනාන්තරය තුළ පිහිටා තිබෙනවා. සීතල හා උණුසුම පාලනය කරමින් දිර්ඝ නියං කාලවලදි පවා වනෝද්‍යානයේ වෙසෙන දහස් ගණනක් වූ ජීවීන්ටත් ගහකොළටත් හිඟයකින් තොරව ජල පහසුවත් තෙතමනයත් ලබාගන්නට වසර පුරාම සක්‍රීය වන මෙම ජල ප්‍රභව වලින් ලබාදෙන්නේ අසීමිත දායකත්වයක්. මිලිමීටර් 300-700 අතර වාර්ෂික වර්ෂාපතනය ලැබෙන කෲගර් වනෝද්‍යානයේ අලි, හිපපොටේමස්, සීබ්‍රාවන්, කුළු හරකුන්, සිංහයන්, ජිරාෆ් වේ සහ ඉම්පාලා, වෝටර්බක්, වයිබීස්ට් ස වැනි අප්‍රිකානු ඇන්ටිලෝපයන් යන විශාලතම ක්‍ෂීරපායින් සමඟ තවත් ක්ෂීරපායින් විශේෂ 130 ක් පමණ දැකිය හැකියි. මීට අමතරව පක්ෂි විශේෂ 400, මත්ස්‍ය විශේෂ 50, උරග විශේෂ 100, උභය ජීවීන් විශේෂ 35 පමණ වන ජීවීන්ට කෲගර් වනෝද්‍යානය තුළදී උපරිම ආරක්ෂාවක් සැලසෙනවා. ඊට හොඳම උදාහරණය තමයි අප්‍රිකානු දඩයම්කරුවන්ගෙන් දැඩි ලෙස දඩයමට ලක්ව වඳවී යාමට ආසන්නව සිටින කළු හා සුදු රයිනෝසරයන්ට කෲගර් තුළදී උපරිම ආරක්ෂාවක් ලබාදීම. උද්‍යානයේ ජීවත්වන දැවැන්තම උරගයන් තමයි ලිපෝපෝ නදියේ ජීවත් වන විශාලතම කිඹුලන්. වර්ෂ 1926 දී ආරම්භ කළ කෲගර් වනෝද්‍යානයට ඉන් වසර 76 කට පසු එනම් 2002 වසරේදී මොසැම්බික් හා සිම්බාබ්වේ අන්තර් දේශසීමා එක්කර වනෝද්‍යානය විශාල කිරීමෙන් පසු සංචාරක ආකර්ශණය විශාල වශයෙන් ඉහළ ගියා. වනෝද්‍යානය තුළ විහිදී තිබෙන කිලෝමීටර් 2300 පමණ වන මාර්ග පහසුකම් නිසා අද මෙය නැරඹීමට වාර්ෂිකව පැමිණෙන සංචාරකයන් ගණන ලක්ෂ 08 ක් පමණ වෙනවා. වන උයන තුළ සංචාරක නිකේතන 25 පමණ ඇති අතර අධිරාජ්‍යවාදී සමයේ ඉංග්‍රීසීන් එරෙහිව සටන් වැදුණු පෝල් කෲගර් ජනාධිපතිවරයාට ගෞරව පිණිස උද්‍යානය මේ නමින් හඳුන්වනවා.

6.ටැන්සානියාවේ අරුෂා ජාතික වනෝද්‍යානය

ටැන්සානියාවේ ඊසාන දිග ප්‍රදේශයේ අරුෂා නගරයට සමීපව පිහිටා තිබෙන මෙම වනෝද්‍යානය විශාලත්වයෙන් වර්ග කිලෝමීටර් 137 ක් පමණ වේ. වනෝද්‍යානයේ ත දකුණු ප්‍රදේශයේ පිහිටා තිබෙන නගුරුඩොටු ආවාටයේ ඉතාම සුන්දර තැනිතලා තෘණ භූමියක් පිහිටා තිබෙන අතර නැගෙනහිර ප්‍රදේශය මොමෙල්ලා නම් වූ සුන්දර 2 විලෙන් අයස්කාන්ත බවට පත්වී තිබෙනවා. මේ විල ඉතාම වර්ණවත් ජලජ පක්ෂීන් රාශියකටම තෝතැන්නක්. විල හරහා ගලා බසින ජෙකුකුම්වා ගංගාවත් ගංගාවේ එක් පසෙකට සීමාව ලෙස දක්වන උසින් මීටර් 4565 ක් උස මීරු කන්දත් මේ වනෝද්‍යානයේ ජෛව විවිධත්වයට එකතූ කරන ජීවය ඉතාම ප්‍රශංසනීයයි. වනෝද්‍යානයට ළඟාවෙන්නට ප්‍රධාන පිවිසුම් මාර්ග තුනක්ම තිබෙනවා. කිලිමන්ජාරෝ ගුවන් තොටුපළේ සිට පැමිණෙනවා නම් වනෝද්‍යානයට දුර කිලෝමීටර් 35 ක් පමණ වන අතර අරුෂා නගරයේ සිට කිලෝමීටර් 25 කුත් මෝෂි නගරයේ සිට කිලෝමීටර් 58 කුත් දුරක් ගෙවා මේ සුන්දර වනෝද්‍යානය නරඹන්න එන්න පුළුවන්. පියා ගසක් දැකිය හැකි පික්වත් කඳුකර වනාන්තර, සැවානා තෘණ බිම් හා තවත් තෘණබිම් රාශියකින් යුත් මෙම වනෝද්‍යානය තුළ සීබ්‍රාවුන්, ජිරාෆ්, දිවියන්, හයිනාවන්. ගෝනුන්, කුළු හරක් වැනි ක්ෂීරපායි සතුන් ද නිල් වඳුරන් හා කොලබස් වඳුරන් ද කුඩා කුඩා කඳු ගැටවලින් වටවී පිහිටා තිබෙන මොමිලා විල ජලජ පක්ෂීන් රාශියකටම තෝතැන්නක්. හිමිදිරියේදීත් සැන්දෑවේත් වනෝද්‍යානයට දිස්වන ඈතින් පිහිටි කිලිමන්ජාරෝ කඳු පන්තිය මේ වනෝද්‍යානයට සෙවණත් රුකවරනයත් පබා දේ.